The Leader News
BREAKING
බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●වරාය නගරයේ අනුමැති ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ප්‍රශ්න●ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ලක්ෂ දහයක පැටලැවිල්ලක්●චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●
Top Ad
පුවත්

නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට

Awara

Awara

October 20, 2026 • 10:43 AM

නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වගඋත්තරකරුවන් කරමින් SLWJA සභාපති රංග බණ්ඩාරනායක සහ විධායක සභික ලක්ෂ්මන් මුතුතන්ත්‍රීගේ විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්ෂාන් ඩයස්ගේ උපදේශකත්වය මත නීතීඥ දයානි පන්ඩිතරත්න මාර්ගයෙනි.
  • ජනමත විචාරණයක් සහ විශේෂ බහුතරයක් ඉල්ලයි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ කෙටුම්පතේ අංක 3, 4(c), 4(d), 10 සහ 11 යන වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක අනුමැතියද අනිවාර්ය විය යුතු බවයි.
  • තවත් වගන්ති කිහිපයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් අවශ්‍ය සංශෝධන ගෙන ආ යුතු බවටද ඔවුහු නියෝග ඉල්ලා සිටිති.
  • මාධ්‍ය නිදහස සහ වෘත්තීය ආරක්ෂාවට ඇති අවදානම පනත් කෙටුම්පත තුළ 'ත්‍රස්තවාදය' සම්බන්ධයෙන් දක්වා ඇති නිර්වචනය අපැහැදිලි සහ පුළුල් එකක් වීම බරපතළ ගැටලුවක් ලෙස නිරීක්ෂකයෝ දකිති.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTA) තුළ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ නිර්ණය පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වගඋත්තරකරුවන් කරමින් SLWJA සභාපති රංග බණ්ඩාරනායක සහ විධායක සභික ලක්ෂ්මන් මුතුතන්ත්‍රීගේ විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්ෂාන් ඩයස්ගේ උපදේශකත්වය මත නීතීඥ දයානි පන්ඩිතරත්න මාර්ගයෙනි.

ජනමත විචාරණයක් සහ විශේෂ බහුතරයක් ඉල්ලයි

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ කෙටුම්පතේ අංක 3, 4(c), 4(d), 10 සහ 11 යන වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක අනුමැතියද අනිවාර්ය විය යුතු බවයි.

තවත් වගන්ති කිහිපයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් අවශ්‍ය සංශෝධන ගෙන ආ යුතු බවටද ඔවුහු නියෝග ඉල්ලා සිටිති.

මාධ්‍ය නිදහස සහ වෘත්තීය ආරක්ෂාවට ඇති අවදානම

පනත් කෙටුම්පත තුළ 'ත්‍රස්තවාදය' සම්බන්ධයෙන් දක්වා ඇති නිර්වචනය අපැහැදිලි සහ පුළුල් එකක් වීම බරපතළ ගැටලුවක් ලෙස නිරීක්ෂකයෝ දකිති.

රහස්‍ය තොරතුරු රැස්කිරීම සහ මූලාශ්‍ර හෙළිදරව් කිරීමට මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ලවීම හරහා ස්වාධීන මාධ්‍ය භාවිතය දැඩි අභියෝගයකට ලක්වන බව SLWJA මූලික විරෝධතාවක් ලෙස දක්වා ඇත.

විධායක බලතල සහ අධිකරණ අධීක්ෂණය

වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීමේ බලය ත්‍රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට පැවරීම මෙන්ම, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර හමුදා භාරයේ තබාගැනීමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳවද නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමුව තිබේ.

විධායක නියෝග මත රැඳවුම් කාලය දීර්ඝ කිරීම, සංවිධාන තහනම් කිරීම සහ රැස්වීම් තහනම් ප්‍රදේශ නම් කිරීම වැනි ක්‍රියාමාර්ග මඟින් අධිකරණමය විභාගයකින් තොරව පුරවැසි නිදහස සීමා වීමේ හැකියාවක් පවතින බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

පිළිගන්නා යහපත් ලක්ෂණ

වසර ගණනාවක් පුරා විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) අහෝසි කිරීමට කෙටුම්පත මඟින් ගෙන ඇති පියවර පෙත්සම්කරුවන්ගේ පැසසුමට ලක්ව ඇත.

නව කෙටුම්පතේ සඳහන් ඇතැම් ආරක්ෂණ විධිවිධාන යහපත් වුවද, සමස්තයක් ලෙස ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ගිවිසුමේ (ICCPR) ප්‍රමිතීන් ආරක්ෂා වන අයුරින් මෙය සංශෝධනය විය යුතු බව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ ස්ථාවරයයි.




සබැඳි පුවත් වාර්තා දෙකක් :

නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්

නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews#PSTA#SLWJA
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...