BREAKING
Top Ad
පුවත්

කතානායකට එරෙහිව සජබයෙන් චෝදනා 46ක විශ්වාසභංගයක් සූදානම්

T

The Leader

September 26, 2026 • 11:01 PM

කතානායකට එරෙහිව සජබයෙන් චෝදනා 46ක විශ්වාසභංගයක් සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය දේපළ හා නිල වරප්‍රසාද අවභාවිත කළැයි විපක්ෂයෙන් බරපතළ විරෝධයක්
  • පසුගිය 21 වැනිදා පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර ඇති බව වාර්තා වේ.
  • ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් කරමින් ගෙන එන පළමු විශ්වාසභංග යෝජනාව මෙය බව විපක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
  • යෝජනාව මතු වූ හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමේ අදහස මුලින්ම ඉදිරිපත් කර ඇති අතර, රැස්වීමට එක්ව සිටි මන්ත්‍රීවරුන් ඊට ඒකමතිකව සිය එකඟතාව පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂයේ පක්ෂ රැසක සහාය ලැබෙන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර කියයි

 

පාර්ලිමේන්තු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 46ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) තීරණය කර තිබේ.

පසුගිය 21 වැනිදා පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර ඇති බව වාර්තා වේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් කරමින් ගෙන එන පළමු විශ්වාසභංග යෝජනාව මෙය බව විපක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

යෝජනාව මතු වූ හැටි

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමේ අදහස මුලින්ම ඉදිරිපත් කර ඇති අතර, රැස්වීමට එක්ව සිටි මන්ත්‍රීවරුන් ඊට ඒකමතිකව සිය එකඟතාව පළ කර ඇත.

මෙම විශ්වාසභංග කෙටුම්පත එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළදී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර වෙත නිල වශයෙන් භාරදීමට නියමිත බව දයාසිරි ජයසේකර සඳහන් කළේය. ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු විපක්ෂ කණ්ඩායම්වල සහායද මේ සඳහා හිමිවනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කරයි.

චෝදනා පත්‍රයට ඇතුළත් ප්‍රධාන කරුණු

කෙටුම්පත් කර ඇති මෙම යෝජනාවලියට කතානායක නිල නිවස, වාහන සහ කාර්ය මණ්ඩල පහසුකම් අවභාවිත කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මුල් කරගත් කරුණු ඇතුළත්ව තිබේ. ඉන් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.

නිල නිවාස භාවිතය:
කතානායක නිල නිවසට අමතරව, අමාත්‍යවරුන්ට සහ උසස් නිලධාරීන්ට වෙන් කෙරෙන කොළඹ ලොරිස් පටුමගේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිල නිවසක් ලබාගැනීම.

කාර්ය මණ්ඩල වියදම්:
නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යොදවා, ඔවුන්ගේ වැටුප්, දීමනා (මසකට රුපියල් 760,000කට ආසන්න මුදලක්) මෙන්ම ජල හා විදුලි බිල්පත් පාර්ලිමේන්තු ගිණුමෙන් පියවීම.

පෞද්ගලික ලේකම්වරයාගේ නිවාස පහසුකම්:
කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙත කොළඹ 04, ලොරිස් පටුමගේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදීම තුළින් රාජ්‍ය දේපළ අවභාවිතයට අනුබල දීම.

වාහන සහ දේපළ පරිහරණය:
හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවට අයත් තවත් වෑන් රථයක් ලබාගෙන ඊට ඉන්ධන ලබාගැනීම සහ නිල නිවසේ උපකරණ නිසි අවසරයකින් තොරව පිටතට ගෙන යාම.

පාලන කටයුතුවලට බලපෑම් කිරීම:
කතානායක මාධ්‍ය ඒකකයට පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ උපකරණ අනීතිකව යොදාගැනීම මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ බලපෑම්වලට එකඟ නොවන ස්ථිර සේවකයන් ස්ථාන මාරු කරමින් ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කිරීම.


පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ඉදිරි පියවර

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස කතානායකවරයා මධ්‍යස්ථව කටයුතු කළ යුතු බවට පොදු සම්මුතියක් පවතී. අතීතයේදී ද විවිධ අවස්ථාවල කතානායකවරුන්ගේ තීන්දු තීරණ හා ක්‍රියාකලාපයන් මුල් කරගනිමින් මෙරට පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අවස්ථා වාර්තා වී ඇත.

කෙසේවෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් කතානායක කාර්යාලය හෝ ආණ්ඩු පාර්ශ්වය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, යෝජනාව මහ ලේකම්වරිය වෙත භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...