උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්රී ලංකා රේගුව විසින් රදවාගෙන තිබේ.
මේ වන විට ලේඛකයන් සිව් දෙනකුගේ කෘති රඳවාගෙන සිටින ආකාරය හෙළි කරන ලේඛකයන් කණ්ඩායමක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අනිතීක ක්රියාවට රාජ්ය වගකීම භාර ගත යුතු අතර රඳවාගෙන ඇති ග්රන්ථ වහාම නිදහස් කිරීමටත් මෙවැනි රඳවාගැනීම් නැවත සිදුනොවීමටත් විනිවිදභාවයෙන් යුතු සහ සාධාරණ ක්රියාමාර්ගයක් සහතික කිරීමටත් ශ්රී ලංකා රජය ක්රියා කළ යුතු බවයි.
රේගුව අලුතින්ම දෙමළ පොත් රඳවාගෙන සිටින්නේ හත්මාසයක් තිස්සේ සිරකොටගෙන සිටින දෙමළ කෘති දෙකක තොග නිදහස් කරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කොට තිබියදීය.
'තෝරෛ' නවකතාවටත් ආරක්ෂක අමාත්යාංශයේ තහංචි
යදාර්ථන් නමින් දෙමළ පාඨකයන් අතර ප්රකට නවකතාකරුවකු වන ප්රදීප් ගුණරත්නම් පවසන්නේ තමිල්නාඩුවේ කාලච්චුවඩු ප්රකාශන ආයතනයෙන් ශ්රී ලංකාවට එවන ලද සිය “තෝරෛ” (தோறை) නවකතාවේ පිටපත් 30 ක් ලබාගැනීමට තමා ඔක්තෝබර් 22 වැනිදා යාපනය තැපැල් කාර්යාලයේ පිහිටි රේගු අංශය වෙත ගිය බවයි.
යාපනය තැපැල් කාර්යාලයේ පිහිටි රේගු අංශයට ගොස් අනන්යතාව තහවුරු කරන ලියකියවිලි භාර දීමෙන් අනතුරුව එම කෘතිය පරික්ෂා කර බැලු රේගු නිලධාරීන් ලේඛකයාට දැනුම් දී ඇත්තේ ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ලැබුණු පසුව පමණක් එම පොත් ලබා දිය හැකි බවයි.
ජනාධිපති, ආරක්ෂක අමාත්යංශය, ශ්රී ලංකා රේගුව හා මාධ්ය වෙත පිටපත් යොමු කරමින් නිකුත් කර ඇති ලේඛකයන්ගේ ඒකාබද්ධ නිවේදනය අවධාරණය කරන්නේ ලාංකීය ලේඛකයන්ගේ ග්රන්ථ අඩංගු පාර්සල් තැපැල් මාර්ගයෙන් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමේදී රේගුව විසින් ඇතැම් පාර්සල් රඳවාගෙන ඇති බවයි.
"එම ග්රන්ථවල ඇති ඇතැම් වචන නැතහොත් පිට කවරය යන ඒවා දේශපාලන මතභේදාත්මක තත්ත්වයන් ඇති කරනු ඇතැයි සැලකීම ඊට හේතුව බව රේගු නිලධාරීන් විසින් ප්රකාශ කරනු ලැබේ. අදාළ ග්රන්ථ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්යංශයේ අවසරය අවශ්ය බවට රේගු නිලධාරින් ප්රකාශ කර ග්රන්ථ පිටපත් ආරක්ෂක අමාත්යංශයේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කර තිබේ."
එහෙත් එලෙස යවනු ලබන ග්රන්ථ ආරක්ෂක අමාත්යාංශය විසින් නිර්දේශ ලබා නොදීමත් වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් නොගෙන ඒවා එලෙස ගබඩා කර තබාගැනීම සිදු කරනු ලබන අතර රඳවාගෙන ඇති ග්රන්ථ එහි හිමිකරුවන් වෙත නැවත නොලැබෙනු බවද එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී තිබේ.
අඩස්සියේ පසුවන කෘති ලැයිස්තුව
රාජ්ය යාන්ත්රණයේ මෙම අයුක්ති සහගත සහ විනිවිදභාවයෙන් තොර ක්රියාවලියට එරෙහිව විවිධ පැමිණිලි සහ සංකේතාත්මක ක්රියාකාරකම් ක්රියාවට නැංවීමට කටයුතු කළ ද රජයෙන් වගකීම් සහගත කිසිදු පිළිතුරක් ලැබී නොමැති සේම ඒවා නිදහස් කිරීමට පැහැදිලි ක්රියාමාර්ග කිසිවක් රජය විසින් ලබ දී නොමැති බව පෙන්වා දෙන එම නිවේදනය මේ වන විටත් ලේඛකයන් සිව් දෙනකුගේ කෘති රදවාගෙන සිටින ආකාරය අනාවරණය කර තිබේ.
"මේ දක්වා එලෙස රඳවා තබාගෙන ඇති ග්රන්ථ අතර දීපචෙල්වන්ගේ 'එළුත්තාල් නාන් යුද්ධම් සෙයිගිරේන්' (අකුරින් මම යුද්ධ කරමි), 'ඉප්පෝදුම් ඉංගේ ඉරණ්ඩු දේසම්තාන්' (තාමත් මෙහේ රටවල් දෙකක්), ශෝබාශක්තිගේ '1990: ලෛඩන්තීව් - මණ්ඩතීව් පඩුකොලෛගලුම් පුදෛකුලිගලුම් (1990: ලෛඩන්තීව් - මණ්ඩතීව් වර්ග සංහාර සහ මිනීවළවල්) ඩිලුක්ෂන් මෝගන්ගේ 'පඩුපට්චි' ඉරයාගර්ගේ 'අරසියල් අනාතෛ' (දේශපාලන අනාථයා) යන ග්රන්ථ ඊට ඇතුළත්ය. මෑතකදී එළිදැක්වූ ලේඛක යථාර්තන්ගේ 'තෝරෛ' නවකතාවත් රේගුව විසින් රඳවාගෙන ඇත."
ප්රදීපන් දීපචෙල්වන්ගේ දෙමළ කෘති නිදහස් කරගැනීමට මාස හතකට අධික කාලයක් විවිධ ක්රම ඔස්සේ දැඩි පරිශ්රමයක් සිදුකරමින් සිටි.
එම ග්රන්ථ නිදහස් කරන ලෙසට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබුනද එම කෘති මේ දක්වාම නිදහස් කර නැත.
නිලධාරීන් 'කොට්ටය පාස් කළ' හැටි
එහිදීද ආණ්ඩුවේ බලධාරීන් ‘කොට්ටය පාස් කරමින්’ වගකීමෙන් මඟහැරීමට උත්සාහ කළ නාටකීය ස්වභාවය ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව අනාවරණය කොට තිබුණි.
“ශ්රී ලංකා රේගුව එය පැවරුවේ ආරක්ෂක අමාත්යාංශයටය. පොත් ජාතික ආරක්ෂාවට අගතිදායක යයි ඒ වෙනවිටත් කියා තිබු ආරක්ෂක අමාත්යාංශය එය බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික අමාත්යාංශයට පැවරීමට කැමැත්තෙන් සිටියේය. අදාළ කාරණය ස්වකීය අධිකාරය යටතේ පවතින්නක් නොවන බව කියා පවරන ලද කලා මණ්ඩලය අන්තිමේදී එය පවරා දුන්නේ බාහිර දෙමළ භාෂා විද්වතුන්ටය,” යි කොමිසම පවසයි.
අත් අඩංගුවේ රඳවාගෙන සිටින සිය කෘති තුන්සිය හැටක් මුදා හැරීම වෙනුවෙන් මැදිහත් වන බවට කලාකරුවකු ලෙස නම් දරා සිටින ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්යවරයා සහතික වී අඩ වසරකට වැඩි කාලයක් ගතව තිබියදීත් එම පොත් මේ දක්වාම නිදහස් නොකිරීම සම්බන්ධයෙන් සිංහල පාඨක සම්භාවනාවට පාත්රවූ දෙමළ ගත් කතුවර ප්රදීපන් දීපචෙල්වන් පසුවන්නේ දැඩි පිඩනයකිනි.
වචන බලා පොත් තහනම් කිරීමේ අන්තරාය
ඒකාබද්ධ නිවේදනය මගින් ලේඛකයන් කණ්ඩායම අවධාරණය කර ඇත්තේ යාපනයේ ඇති රේගු කාර්යාලය විසින් ග්රන්ථ රඳවාගැනීමේදී දේශපාලන පසුබිම් සහිත ග්රන්ථ ඉලක්ක කර ඇති බවයි.
"යුද්ධය, හමුදාව, තුවක්කු, කොටි, මිනීවළවල් යන වචන දුටු විගස ඔවුහු එම ග්රන්ථ රඳවා ගනිති. ඇතැම් වචන සහ පිටකවර මත ග්රන්ථ සම්පූර්ණයෙන්ම රඳවා තබාගැනීමෙන් රජයේ වගකීම් විරහිත ක්රියා සහ ලේඛකයන්ට ඇති කරනු ලබන අයුක්තිය හෙළිවෙයි. මෙවැනි වගකීම් විරහිත අයුරින් අයුක්තිසහගත ලෙස රඳවා තබාගැනීම ක්රියාවලිය යනු ලේඛනයට ඇති නිදහසට රජය විසින් සිදුකරනු ලබන සෘජු ලෙස බලපෑමකි."
අදාළ ග්රන්ථ ශ්රී ලංකාවේ ස්වෛරීභාවයට විරුද්ධ බවත්, ත්රස්තවාදයට අනුබලදීමක් බවට පැහැදිලිව ප්රකාශ කර ඉවත් කර ඒවා තහනම් කළ බව ආණ්ඩුව හෝ ආරක්ෂක අමාත්යංශය මේ දක්වා නිල වශයෙන් ප්රකාශ කර නැති නමුත් එම ග්රන්ථ නිදහස් කරගැනීමට ක්රමවේදයක් නොමැතිව ඒවා දින නියමයක් නොමැතිව රඳවාගෙන සිටින ආකාරය ප්රශ්න කරන ලේඛකයන් සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක මූලික සදාචාරය රඳාපවතින්නේ භාෂණයේ සහ ලේඛනයේ නිදහස තහවුරු කිරීම තුළින් බවයි.
"වචන සහ අකුරු නිදහසේ ඉදිරිපත් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම එහි මූලික වගකීම වේ. එය කිසිදු අවස්ථාවක වගකීම් විරහිතව, නොසැලකිලිමත්ව සහ නිදහස් කරගැනීමට ක්රමයක් නොමැතිව ග්රන්ථ රඳවාගෙන නොසිටිය යුතුය."
මෙම තහනම පරිපාලන දෝෂයක් පමණක් නොව රාජ්යයේ මඟපෙන්වීම් ඔස්සේ නිලධාරින් විසින් කරනු ලබන ක්රියාවක් බව වැඩි දුරටත් පෙන්වා දෙන ලේඛක කණ්ඩායම සිය නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ මෙවැනි අනිතීක ක්රියාවට රාජ්යය වගකීම භාර ගෙන රඳවාගෙන ඇති ග්රන්ථ වහාම නිදහස් කිරීමටත්, මෙවැනි රඳවාගැනීම් නැවත සිදුනොවීමටත්, විනිවිදභාවයෙන් යුතු සහ සාධාරණ ක්රියාමාර්ගයක් සහතික කිරීමටත් ශ්රී ලංකා රජය ක්රියා කළ යුතු බවයි.
‘පිට කවරය බලා’ තවත් දෙමළ පොත් තොග රේගු අඩස්සියේ
Nethmini
October 27, 2026 • 9:10 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්රී ලංකා රේගුව විසින් රදවාගෙන තිබේ.
- රේගුව අලුතින්ම දෙමළ පොත් රඳවාගෙන සිටින්නේ හත්මාසයක් තිස්සේ සිරකොටගෙන සිටින දෙමළ කෘති දෙකක තොග නිදහස් කරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කොට තිබියදීය.
- යාපනය තැපැල් කාර්යාලයේ පිහිටි රේගු අංශයට ගොස් අනන්යතාව තහවුරු කරන ලියකියවිලි භාර දීමෙන් අනතුරුව එම කෘතිය පරික්ෂා කර බැලු රේගු නිලධාරීන් ලේඛකයාට දැනුම් දී ඇත්තේ ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ලැබුණු පසුව පමණක් එම පොත් ලබා දිය හැකි බවයි.
- ජනාධිපති, ආරක්ෂක අමාත්යංශය, ශ්රී ලංකා රේගුව හා මාධ්ය වෙත පිටපත් යොමු කරමින් නිකුත් කර ඇති ලේඛකයන්ගේ ඒකාබද්ධ නිවේදනය අවධාරණය කරන්නේ ලාංකීය ලේඛකයන්ගේ ග්රන්ථ අඩංගු පාර්සල් තැපැල් මාර්ගයෙන් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමේදී රේගුව විසින් ඇතැම් පාර්සල් රඳවාගෙන ඇති බවයි.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


