The Leader News
BREAKING
ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්●ඖෂධ නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 10ක් උපයන මාවත●කෘෂි හා ජලජ නිෂ්පාදන නංවන්න ඩොලර් මිලියන 65ක ආයෝජන●ගල් අඟුරු නැව් අර්බුදය: පාඨලී කොමිසම හමුවේ වගකීම් බෙදයි●කස්සප හිමිගේ චෝදනාවට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි: සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට●ඥානසාර හිමි නිදහස් කිරීමට එජාපයෙන් ජනාධිපති සමාවක්●වනාතවිල්ලුව අවි රහස හෙළිවෙයි: නවුෆර් ඇතුළු දෙදෙනෙකුට වසර 12ක සිරදඬුවම්●හිටපු ජනපති දුන් පොදු සමාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්●වාණිජ මහාධිකරණයේ බලතල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්●ඉමියුනොග්ලොබියුලින් නඩුව තීරණාත්මක අදියරක: විත්තිවාචකය 29 දා කැඳවයි●
Top Ad
පුවත්

ගල් අඟුරු නැව් අර්බුදය: පාඨලී කොමිසම හමුවේ වගකීම් බෙදයි

වාරකන් සමයේ ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකක වගකීම රාජ්‍ය ආයතන සතු බව පවසන පාඨලී චම්පික රණවක මහතා, තමන්ට එල්ල වන චෝදනාවලට එරෙහිව ලබන 05 වනදා කොමිසමට සාක්ෂි භාරදීමට සූදානම් වෙයි.

Pasan

Pasan

October 26, 2026 • 9:45 PM

ගල් අඟුරු නැව් අර්බුදය: පාඨලී කොමිසම හමුවේ වගකීම් බෙදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොමිසම හමුවේ මතුවූ 2012 ගනුදෙනුව ගල් අඟුරු ආනයනය පිළිබඳ කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, 2012 වසරේ සිදුවූ බව පැවසෙන ගල් අඟුරු ආනයනයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
  • මෙතෙක් මෙරටට ගෙන්වා ඇති 480කට අධික ගල් අඟුරු නැව් අතරින් ප්‍රශ්නගත 16 සහ 17 දරන නැව් වාර දෙක මෙරටට ළඟා වූයේ අමාත්‍යවරයාගේ කිසිදු පූර්ව අනුමැතියකින් තොරව බව ඔහු එහිදී අවධාරණය කළේය.
  • ගිවිසුම් කඩවීම සහ ආයතනික තීන්දු මුහුද රළු වන වාරකන් කාලසීමාව තුළ ගල් අඟුරු ප්‍රවාහනය නොකළ යුතු බවට මූලික සැපයුම් ගිවිසුමේ පැහැදිලි කොන්දේසියක් පැවති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
  • එම නියමයන් නොතකා සිදුකළ මෙම ගෙන්වීම හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑම බරපතළ අර්බුදයකට ලක්වූ අතර, එහි සම්පූර්ණ පරිපාලනමය හා ක්‍රියාකාරී වගකීම ලංකා ගල් අඟුරු සමාගම සහ ලංකා නැව් සංස්ථාව සතු විය යුතු බව ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොමිසම හමුවේ මතුවූ 2012 ගනුදෙනුව

ගල් අඟුරු ආනයනය පිළිබඳ කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, 2012 වසරේ සිදුවූ බව පැවසෙන ගල් අඟුරු ආනයනයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

එවකට ලංකා නැව් සංස්ථාවේ සභාපතිවරයාව සිටි කාංචන රත්වත්තේ මහතා ලබාදුන් සාක්ෂියක් පදනම් කරගනිමින් මෙම නොතීසිය නිකුත් කර තිබූ අතර, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ද සමගින් හිටපු අමාත්‍යවරයා කොමිසම හමුවට පැමිණ සිටියේය. මෙතෙක් මෙරටට ගෙන්වා ඇති 480කට අධික ගල් අඟුරු නැව් අතරින් ප්‍රශ්නගත 16 සහ 17 දරන නැව් වාර දෙක මෙරටට ළඟා වූයේ අමාත්‍යවරයාගේ කිසිදු පූර්ව අනුමැතියකින් තොරව බව ඔහු එහිදී අවධාරණය කළේය.


ගිවිසුම් කඩවීම සහ ආයතනික තීන්දු

මුහුද රළු වන වාරකන් කාලසීමාව තුළ ගල් අඟුරු ප්‍රවාහනය නොකළ යුතු බවට මූලික සැපයුම් ගිවිසුමේ පැහැදිලි කොන්දේසියක් පැවති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නියමයන් නොතකා සිදුකළ මෙම ගෙන්වීම හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑම බරපතළ අර්බුදයකට ලක්වූ අතර, එහි සම්පූර්ණ පරිපාලනමය හා ක්‍රියාකාරී වගකීම ලංකා ගල් අඟුරු සමාගම සහ ලංකා නැව් සංස්ථාව සතු විය යුතු බව ඔහු කියා සිටියේය.

ඉන් අනතුරුව ගෙන්වූ තවත් නැව් වාර පහක් ගොඩබෑමට සහ ඊට මුදල් ගෙවීමට අමාත්‍යාංශය එකඟ නොවූ බවත්, පසුව එම ක්‍රියාවලිය සිදුවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත බවත් හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය.


නීතිඥ මතය සහ මාධ්‍ය විවේචන

කොමිසමේ සාක්ෂි විකෘති කරමින් ඇතැම් පුවත්පත් හා සමාජ මාධ්‍ය හරහා චම්පික රණවක මහතා ඉලක්ක කර පදනම් විරහිත ප්‍රචාර සිදුකරන බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේය. මෙකී ප්‍රචාරයන්ට නිසි පිළිතුරු සැපයීමට ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි සතුව පවතින බවත්, අදාළ සියලු ලේඛන ලබන 05 වැනිදා කොමිසම හමුවේ ගොනු කරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

තමන්ට එරෙහි ප්‍රචාරයන් වෙනත් දේශපාලන පාර්ශ්වවල අවශ්‍යතා මත සිදුවන බව පවසන පාඨලී චම්පික රණවක මහතා, අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ශ්වය සම්බන්ධ බව කියන ගල් අඟුරු නැව් 30ක ගනුදෙනුවක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබන 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාධ්‍ය වෙත හෙළිදරව් කරන බව ද ප්‍රකාශ කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...