BREAKING
Top Ad
පුවත්

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක්!

T

The Leader

June 23, 2019 • 8:06 PM

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා එල්ල කරන 'දිවයින' පුවත්පත,
  • ''වඳ කරලා විතරක් නෙවෙයි දස වදත් දීලා' නමැති ශීර්ෂයෙන් යුතුව ජූනි 16 වැනි 'ඉරිදා දිවයින'හි එම පුවත පලවී තිබුනේ 'දිවයින' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබේධීරගේ නමිනි.
  • ''සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙනගත් පාසැලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා දීමක් පිළිබඳවද එම පාසැලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.'' යයි මනොජ් අබේදීර සිය පුවත් වාර්තාවේ සඳහන් කර ඇත.
  • පත්තරයක ලියන්නට තරම් සනීපාරක්ෂක තුවා බෙදා ඇති නම්, පාඨක සිතෙහි මැවෙන්නේ දැරියන් දෙදෙනෙකු මලු දෙකක සනීපාරක්ෂක තුවා දමාගෙන පාසලේ පංතියෙන් පංතියට ගොස් මිතුරන් අතර සනීපාරක්ෂක තුවා බෙදන චිත්‍රයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගියදා එල්ල කළ තවත් චෝදනාවක් වී තිබුණේ පැසල් දැරියන්ට වෛද්‍ය සාෆිගේ දියණියන් දෙදෙනා සනීපාරක්ෂක තුවා බෙදා දී ඇති බවය.

''වඳ කරලා විතරක් නෙවෙයි දස වදත් දීලා' නමැති ශීර්ෂයෙන් යුතුව ජූනි 16 වැනි 'ඉරිදා දිවයින'හි එම පුවත පලවී තිබුනේ 'දිවයින' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබේධීරගේ නමිනි.

''සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙනගත් පාසැලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා දීමක් පිළිබඳවද එම පාසැලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.'' යයි මනොජ් අබේදීර සිය පුවත් වාර්තාවේ සඳහන් කර ඇත.

පත්තරයක ලියන්නට තරම් සනීපාරක්ෂක තුවා බෙදා ඇති නම්, පාඨක සිතෙහි මැවෙන්නේ දැරියන් දෙදෙනෙකු මලු දෙකක සනීපාරක්ෂක තුවා දමාගෙන පාසලේ පංතියෙන් පංතියට ගොස් මිතුරන් අතර සනීපාරක්ෂක තුවා බෙදන චිත්‍රයකි. ඒ කතාවට වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා පිළිතුරු දුන්නේ මෙසේය.

''මගේ දුවලා දෙන්නා පාසලේ දරුවන්ට සනීපාරක්ෂක තුවා බෙදුවා කියලා පත්තරේ තියෙනවා. මගේ පොඩි දුව ඉන්නේ පහ වසර. එයා සනීපාරක්ෂක තුවා කියන වචනේ තේරුම දන්නෙත් නැහැ. මගේ ලොකු දුවට අවුරුදු පහළොවයි. එයාගෙන් එක දවසක් පංතියේ හිටපු ළමයෙක් සනීපාරක්ෂක තුවායක් ඉල්ලගෙන තිබුණා. ඒ ළමයා පංතියේ හිටපු තව ළමයි දෙන්නෙක්ගෙන් ඉල්ලලා තමයි තුන්වෙනියට මගේ දුවගෙන් ඉල්ලාගෙන තියෙන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ එකම එක දවසක් විතරයි.'

 

සාෆිගේ දරුවන්ටත් වෛරයේ ගින්න:

මෙතෙක් කල් දොස්තර සාෆි පසුපස හඹා ගිය මේ ජඩ මාධ්‍යවේදීන්, තමන්ගේ බොරුව නිසා පත් වූ අවමානයෙන් ගැලවෙන්නට නොහැකිව, දැන් සාෆිගේ දියණියන් දෙදෙනා වෙතද තවත් අමූලික බොරු අලුතෙන් ගොතමින් පහරදෙන්නට පටන්ගෙන තිබේ.

පාසැලේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් තෑග්ගක් හෝ ආහාරයක්වත් භාර නොගන්නා ලෙස සිංහල මාපියන් දරුවන්ට උපදෙස් දෙන තැනට වෛරී විෂ වර්ධනය කිරීමේ පහත් වුවමනාවක් මේ මාධ්‍ය ආයතනවලට ඇත.

ජාතිවාදීන්ට තමන්ගේ උවමනාව සපුරා ගැනීම සඳහා දරුවන් වුවද බිල්ලට ගත හැකි බවට මීට වඩා තවත් සාක්ෂි අවශ්‍යද? මේ කතාවෙන් බලාපොරොත්තු වන්නේ ඒ දැරියන් දෙදෙනාගේද පාසැල් ගමන අත්හිටුවා, සාෆිගෙන් ගත නොහැකි වුණු වාඩුව ගැනීම මිස අන් කුමක්ද?

(උපුටා ගැනීම : අනිද්දා-රේඛා නිලුක්ෂි හේරත්)

සබැඳි පුවත් :

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...