සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් විරෝධතාවක්: 6 වන අදියරේදී කුඩා දරුවන්ගේ අස්ථි කොටස් සහ භාණ්ඩ රැසක් හමු වෙයි
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමු වූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ (EU) සහ එහි සාමාජික රටවල තානාපතිවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ජූලි 22 වනදා නිරීක්ෂණ සංචාරයක නිරත වූහ.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පූර්ණ අනුමැතිය මත සිදුකළ මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මෙන් මොරීනෝ (Carmen Moreno), ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන් (Dr. Felix Neumann), ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Rémi Lambert), ඉතාලි තානාපති ඩෙමියානෝ ෆ්‍රැන්කොවින්ග් (Damiano Francovigh) සහ නෙදර්ලන්ත තානාපති වෙයිබ් ඩි බෝර් (Wicher de Boer) එක්ව සිටියහ.
යුරෝපා තානාපතිවරුන්ගේ මෙම පැමිණීමට සමාන්තරව, උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අදාළ ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කරන ලෙසත්, යුරෝපා සංගමයේ මැදිහත්වීම මත ස්වාධීන හා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාවෙන් හමු වූ විශාලතම සමූහ මිනීවළ
කැණීම් කටයුතු පිළිබඳ නෛතික නිරීක්ෂණයේ යෙදෙන නීතිඥ රනිතා ඥානරාජ් තහවුරු කළ ආකාරයට, ජූලි 21 වනදා වන විට චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 467කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති අතර, ඉන් සිරුරු 444කට අදාළ අස්ථි කොටස් සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන්ය.
මීට පෙර ශ්‍රී ලංකාවෙන් හමු වූ විශාලතම සමූහ මිනීවළ ලෙස වාර්තා වූ මන්නාරම පැරණි ස.තො.ස. භූමියෙන් හමු වූ සිරුරු 342ක ප්‍රමාණය ඉක්මවා යමින්, චෙම්මනි සමූහ මිනීවළ මෙරටින් වාර්තා වූ විශාලතම සමූහ මිනීවළ බවට පත්ව තිබේ.
2025 පෙබරවාරි 20 වනදා සිත්තුපාත්තු සුසාන භූමියේ සංවර්ධන කටයුතු අතරතුරදී මුලින්ම අස්ථි කොටස් හමුවීමෙන් පසුව මෙම විමර්ශන ආරම්භ විය. 2025 සැප්තැම්බර් මාසයේදී අවසන් වූ 5 වන අදියරෙන් සිරුරු 240ක කොටස් ගොඩගත් අතර, 2026 අප්‍රේල් 27 වනදා ආරම්භ කළ 6 වන අදියරේදී පමණක් මේ වන විට සිරුරු 204ක කොටස් හමු වී ඇත. 6 වන අදියරේදී භාවනායෝගී ඉරියව්වෙන් පවතින බවට සැකකෙරෙන අස්ථි කූඩුවක් ද හමු වී තිබේ.
ළමා අස්ථි කොටස් සහ පෞද්ගලික භාණ්ඩ

කැණීම් භූමියෙන් කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස්, රබර් බෝනික්කෙකු, කිරි බෝතලයක්, කුඩා ළමා වළලු, පාවහන්, ඇඳුම් කොටස්, රන් භාණ්ඩ කැබලි සහ කාසි ඇතුළු විවිධ ද්‍රව්‍යමය සාක්ෂි 130කට ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබේ.
විශේෂඥ කණ්ඩායම සහ අධිකරණ නියෝග:
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් ගේ සෘජු අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැණීම් සිදු කරනු ලබයි.
හමුවූ සියලු අස්ථි කොටස් සහ භාණ්ඩ අධිකරණ නියෝග ප්‍රකාරව යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ගේ භාරකාරත්වය යටතේ විශේෂිත ආරක්ෂාවක් සහිතව තබා ඇත.