මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුව ඇති සමුහ මිනි වලවල් අතුරින් විශාලත්වයෙන් තෙවැනි තැන ගන්නා සමූහ සුසානය පිළිබඳව අවුරුදු එකොළහක් තිස්සේ වසා දමා ඇති නඩුව නැවත විභාග කරන ලෙස අතුරුදහන් වුවන්ගේ ඥාතීන් පිරිසක් කළ ඉල්ලීමක් සලකා බැලීම මාතලේ මහාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මාතලේ සමූහ මිනී වල පිළිබඳව පරික්ෂණ හා නඩු කටයුතු යළි විවෘත කරන ලෙස ඉල්ලමින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පෙර අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 11 වැනිදා පෙරවරුවේ මාතලේ නගරයේදී නිහඩ විරෝධතාවයක්ද දියත් කළ බවයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මාතලේ සමූහ මිනී වල පිළිබඳව පරික්ෂණ හා නඩු කටයුතු යළි විවෘත කරන ලෙස ඉල්ලමින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පෙර අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 11 වැනිදා පෙරවරුවේ මාතලේ නගරයේදී නිහඩ විරෝධතාවයක්ද දියත් කළ බවයි.

මහේස්ත්‍රාත් තීන්දුව සහ මහාධිකරණ පෙත්සම
මාතලේ මහ රෝහල් භූමියේදී 2012 වසරේදී අගදී හමුවූ සමූහ මිනීවළට අදාළව 2015 වසරේ සිට වසා දමා ඇති නඩු ගොනුව යළි විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ’88 – 89 අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව’ කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක 2026 ජුලි 16 වැනිදා නිශ්ප්‍රභ කර තිබුනේ පූර්වගාමී විනිසුරුවරයා විසින් ලබා දුන් තීන්දුවක් යළි එම අධිකරණය හමුවේ විභාග කළ නොහැකි බැවින් නීතිපති උපදෙස් මත ඉහළ අධිකරණයක මෙම නඩුව ගොනු කරන ලෙස ප්‍රකාශ කරමිනි.
ඒ අනුව පෙත්සම්කරුවන් වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න නොවැම්බර් 11 වැනිදා මාතලේ මහාධිකරණ විනිසුරු නලින් හේවාවසම්ට දැනුම් දී ඇත්තේ ප්‍රතිශෝධන අයදුම්පතේ සඳහන් අතුරුදහන් වුවන්ගේ පවුල් වල වින්දිත ඥාතීන් 18 දෙනකුගේ නම්වලට අමතර සංඛ්‍යාවක් ඉදිරියේදී තවත් එකතු විය හැකි බවයි.
සිය සමීපතමයන් අතුරුදහන් වී සිටින වින්දිතයන් විශාල ප්‍රමාණයක් එදින පෙරවරුවේ මාතලේ නගරයේදී පැවැති නිහඩ විරෝධතාවයට මෙන්ම අධිකරණයේ ද රැදී සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
අස්ථි වාර්තා තුනක් තිබියදී නඩුව බහා තැබීම ගැන තර්කය
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේ මාතලේ සමුහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇට කටු සම්බන්ධයෙන් වන වාර්තා 3 ක්ම තිබියදී තෙවැනි වාර්තාව මත පමණක් පදනම්ව එම නඩුව 2015 වසරේ දී බහා තැබීම සම්බන්ධයෙන් තමන් මහාධිකරණයේ අවධානයට ලක් කළ බවයි.
"ලංකාවේ අධිකරණ වෛද්‍යවරයා දාලා තියෙනවා එයාගේ අවධානය යොමුවූ කරුණු වගයක් දාලා තියෙනවා. ඊළඟට රාජ් සෝමදේව පුරාවිද්‍යාඥයා දාලා තියෙනවා, එයා රිපෝට් එකක්ම දීලා තියෙනවා. සහ බීටා ඇනලිටික් (Beta Analytic) කියලා කාබන් නිර්ණය පරීක්ෂණයක් කරලා තියෙනවනේ. ඒ තුන්වෙනි එක මත 1950 විතර වෙච්ච වසංගතයක් නිසා සිද්ධ වෙච්ච එකක් කියලා තමයි මේ නඩුව බහා තබලා තියෙන්නේ. ඒ මතය පිළිඅරගෙනනේ තියෙන්නේ. ඉතින් මගේ තර්කය වුණේ තුන් ආකාරයක කන්සර්න්ස් තියෙද්දී, තුන්වෙනි එක විතරක් සැලකුවා. අර එකයි, දෙකයි සැලකුවේ නැහැයි කියන එක තමයි මම ඉතින් ප්‍රධාන වශයෙන් කිව්වේ."
2013 දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළසිරුරු 155 ක් ගොඩගැනීමෙන් පසුව එම අස්ථි කොටස් 1986-1990 දකුණේ පැවති භීෂණ සමයට අයත් බවට අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්ගේ වාර්තාවලින් මෙන්ම පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවලින්ද නිගමනය කර තිබුනි.
නමුත් ෆ්ලොරීඩාවේ මයාමි හි බීටා ඇනලටික් නම් ආයතනය විසින් නිකුත් කළ බවට පොලිසිය විසින් අධිකරණයට ලබා දුන් වාර්තාවක සදහන්ව තිබුනේ මාතලේ මිනිස් අස්ථි ශේෂ 1950 ට පෙර යුගයකට අයත් බවයි.
ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ ඉල්ලීම සහ වසර 11ක නිහඬතාව
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කළේ තමන් මීට ඉහතදී මහේස්ත්‍රාත් අධිකරණයේදි ද ඉල්ලුම් කළ පරිදිම සමුහ සුසානයෙන් ගොඩ ගත් මිනිස් අස්ථි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන ලෙස මාතලේ මහාධිකරණයයෙන්ද ඉල්ලීම් කළ බවයි.
"මහේස්ත්‍රාත් අධිකරණයේ දී මම ඉල්ලුවා මේ ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ ඉක්මනින් කළේ නැත්නම් ඒවා දුෂ්‍ය වෙන්න පුළුවන් කියලා."
තව දුරටත් වාචික දේශනයක් සිදු කිරීමට පෙත්සම්කරුවන් වෙනුවෙන් 2026 ජනවාරි 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නීතිඥ හිමාලි කුලරත්නට කල් දී ඇති මාතලේ මහාධිකරණ විනිසුරු නලින් හේවාවසම් ඇයගෙන් ප්‍රශ්න කර ඇත්තේ 2015 වසරේදී බහා තැබු නඩුව යළි විභාග කරන ලෙස ඉල්ලීම සඳහා මෙතරම් කාලයක් නිහඩව සිටියේ ඇයිද යන්නයි.
"ඉතින් මම කිව්වා මේ තත්වයන් මත එක එක දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ මුදල් තත්ත්වය, ආර්ථික දුෂ්කරතා ඊළඟට නැවත නැවත පැමිණිලි කරලා ඒවා සාර්ථක නොවීම නිසා බලාපොරොත්තු කඩ වෙලා වගේ විශ්වාසය නැති වෙලා, තමන්ගේ පවුල් වල අය මිය ගියා. එතකොට ඒ ඉන්න අනිත් අය ගැන බලන්න වුණා," යි ඇය පැවසුවාය.
මාතලේ සමුහ සුසානය සම්බන්ධව අධිකරණයේ පැවැති නඩු විශාල වශයෙන් ලේඛන සම්බන්ධ වු නඩුවක් වන බැවින් එම ලේඛන වල මුල් පිටපත් තමන්ට අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව මාතලේ මහාධිකරණ විනිසුරු නලින් හේවාවසම් විවෘත අධිකරනය හමුවේ වැඩිදුරටත් කියා ඇත.
1989 භීෂණ සමය සහ ජාත්‍යන්තර වාර්තා
වර්තමාන පාලනයේ නියමු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ සියගණනක් අතුරුදහන් වූ මාතලේ දිස්ත‍්‍රික්කය භාර හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වූයේ ගෝඨාභය රාජපක්ෂයි.
1989දී ඔහු යටතේ සිටි නිලධාරීන්ගේ භාරයේ සිටියදී 700කට වැඩි පිරිසක් අතුරුදහන් වූ බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සහ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) 2022 ප්‍රසිද්ධියට පත් කරන ලද ගවේශනාත්මක වාර්තාවකින් විශ්වසනීය ලෙස කරුණු දක්වා තිබේ.
එම වාර්තාව මුලාශ්‍ර කොට ගනිමින් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් 2023 වසරේදී ශ්‍රී ලංකා රජයට ලිපියක් ලියමින් අපරාධ සිදු කළ බවට චෝදනා ලබන ගෝඨාභය රාජපක්ෂ සහ සෙස්සන් වගවීමෙන් බැඳ තැබීමට රජය පරීක්ෂණ පවත්වා කර ඇත්තේ කුමක්දැයි විමසා තිබුනත් ඊට පිලිතුරක් තවමත් ලබාදී නොමැත.
වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍ර: ITJP සහ JDS ගවේෂණාත්මක වාර්තාව (සිංහල):
එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩල ලිපිය:



