විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරන බොහෝ දෙනෙකුට ඇති ප්‍රධානතම බාධාව වන්නේ විධිමත් අධ්‍යාපන සුදුසුකම් හෝ සහතිකපත් නොමැති වීමයි.
එවැනි පසුබිමක, විධිමත් අධ්‍යාපන සහතික නොමැති විදේශීය ශ්‍රමිකයන්ට අයදුම් කළ හැකි රැකියා ක්ෂේත්‍ර 15ක් පිළිබඳව ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ වාර්තා අනාවරණය කර තිබේ.
තෙල් සම්පත මත පදනම් වූ කුවේට් ආර්ථිකයේ ඉදිකිරීම්, සේවා සහ තාක්ෂණික අංශ පවත්වාගෙන යාම සඳහා විදේශ ශ්‍රමිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වී ඇත.
එරට පෞද්ගලික අංශයේ රැකියාවලින් 95%කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ විදේශිකයන් වීම විශේෂත්වයකි.
රුපියල් ලක්ෂ 4 ඉක්මවන මාසික වැටුප්
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම රැකියා අවස්ථා සඳහා මාසිකව කුවේට් ඩිනාර් 120 සිට 400 දක්වා වැටුපක් හිමි වේ.
වත්මන් විනිමය අනුපාත අනුව එක් කුවේට් ඩිනාරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 1,065කට ආසන්න අගයක් ගනී. ඒ අනුව මාසිකව රුපියල් 127,800ක පමණ සිට රුපියල් 426,000කට ආසන්න ඉහළ වැටුපක් උපයා ගැනීමේ අවස්ථාව ශ්‍රමිකයන්ට උදා වී ඇත.
සහතික නැතිව අයදුම් කළ හැකි රැකියා 15
විවෘත වී ඇති රැකියා කාණ්ඩ සහ ඒවාට හිමි මාසික වැටුප් පරාසයන් (කුවේට් ඩිනාර් සහ ආසන්න ශ්‍රී ලංකා රුපියල් වටිනාකම) පහත පරිදි වේ:
ආරම්භක සහ සේවා අංශයේ රැකියා:
1- සාමාන්‍ය කම්කරු (General Worker): ඩිනාර් 120 – 200 (ආසන්නව රු. 127,800 – 213,000)
2- පිරිසිදු කරන්නන් (Cleaner): ඩිනාර් 120 – 200 (ආසන්නව රු. 127,800 – 213,000)
3- ආරක්ෂක නිලධාරී (Security Guard): ඩිනාර් 120 – 200 (ආසන්නව රු. 127,800 – 213,000)
4- ගෘහ පාලන සේවක (Housekeeping Worker): ඩිනාර් 120 – 200 (ආසන්නව රු. 127,800 – 213,000)
5- කර්මාන්තශාලා සේවක (Factory Worker): ඩිනාර් 120 – 200 (ආසන්නව රු. 127,800 – 213,000)
6- ගබඩා සේවක (Warehouse Worker): ඩිනාර් 130 – 220 (ආසන්නව රු. 138,450 – 234,300)
7- හෝටල් කාර්ය මණ්ඩල (Hotel Staff): ඩිනාර් 130 – 220 (ආසන්නව රු. 138,450 – 234,300)
රියදුරු, තාක්ෂණික සහ අධීක්ෂණ රැකියා:
8- රියදුරු (Driver): ඩිනාර් 150 – 250 (ආසන්නව රු. 159,750 – 266,250)
9- බර වාහන රියදුරු (Heavy-duty Driver): ඩිනාර් 180 – 300 (ආසන්නව රු. 191,700 – 319,500)
10- විදුලි කාර්මික (Electrician): ඩිනාර් 180 – 300 (ආසන්නව රු. 191,700 – 319,500)
11- ජලනල කාර්මික (Plumber): ඩිනාර් 180 – 300 (ආසන්නව රු. 191,700 – 319,500)
12- පෑස්සුම් ශිල්පී (Welder): ඩිනාර් 180 – 300 (ආසන්නව රු. 191,700 – 319,500)
13- වායු සමීකරණ කාර්මික (AC Technician): ඩිනාර් 200 – 350 (ආසන්නව රු. 213,000 – 372,750)
14- යාන්ත්‍රික කාර්මික (Mechanical Technician): ඩිනාර් 200 – 350 (ආසන්නව රු. 213,000 – 372,750)
15- අධීක්ෂක (Supervisor): ඩිනාර් 250 – 400 (ආසන්නව රු. 266,250 – 426,000)
සහතික නැතත් 'පළපුරුද්ද' අනිවාර්යයි
අධ්‍යාපන සහතික අවශ්‍ය නොවූ පමණින් ඕනෑම අයෙකුට මෙම රැකියා හිමිවන්නේ නැත. කුවේට් සේවායෝජකයන් අපේක්ෂකයා සතු ප්‍රායෝගික පළපුරුද්ද, වෘත්තීය පුහුණුව සහ වලංගු රියදුරු බලපත්‍ර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.
විශේෂයෙන්ම කාර්මික සහ අධීක්ෂණ අංශවල ප්‍රායෝගික දක්ෂතාව ඔප්පු කළ හැකි ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් තලයන් වෙත පහසුවෙන් ළඟා විය හැකිය.
රැකියා වංචාවලින් බේරී නිවැරදිව පිටත්ව යන්නේ කෙසේද?
කුවේට් රාජ්‍යයේ රැකියා සොයන්නන් වෙනුවෙන් වෙනම 'රැකියා සොයන්නන්ගේ වීසා' (Job-seeker Visa) නිකුත් නොකරන බව එරට කම්කරු නීති පෙන්වා දෙයි.
සංචාරක වීසා (Visit Visa) මගින් කුවේටයට ගොස් රැකියා සෙවීම නීතිවිරෝධී මෙන්ම අවදානම් සහගත ක්‍රියාවකි.
විදේශගත වීමට පෙර සේවා ගිවිසුම, වැඩ බලපත්‍රය (Work Permit), නවාතැන් සහ ආහාර පහසුකම් වැටුපට අමතරව හිමිවන්නේද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සැමවිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි නියෝජිතායතන හරහා පමණක් අයදුම් කළ යුතු අතර, ඕනෑම රැකියා ඇණවුමක නිරවද්‍යතාව 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තහවුරු කර ගත හැකිය.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳියක්
මූලික පුවත් වාර්තාව (YEN.com.gh):
කුවේට් විදේශ රැකියා නීති සහ වීසා තොරතුරු (EP Advisory):



