කොරෝනා වසංගත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී, ජනතාව අන්ත අසරණ

තත්වයකට පත්ව සිටින  මොහොතක, රජයට මාසිකව රුපියල් මිලියන 1750 නැතහොත් බිලියන 1.75 ක තීරු බදු ආදායමක් අහිමි වන සීනි සදහා තීරුබදු කපා හැරීමේ යෝජනාව රජයට ඉදිරිපත් කළේ කව්රුන් දැයි ආණ්ඩුවේ ප්‍රධානින් අතර ම මේවනවිට සාකච්ජාවට ලක්වෙමින් තිබේ.

එහිදී පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත.  

1 - පසුගිය ඔක්තෝබර් මාසයේදී, මෙරට කිසිවෙකු හෝ භාණ්ඩ මිළ අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා නොසිටි අවස්ථාවකදී අවම වශයෙන් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හෝ  නොමැතිව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක් සමගින් සීනි සඳහා වූ විශේෂ ආනයනික බද්ද ශත 25 දක්වා අඩු කලේ, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සීනි ආනයනික කරුවන් සියල්ල බුන්වත් (බංකොළොත්) බවට පත් කර සීනි වෙළෙඳපොළේ තනි අයිතිය එක් සමාගමකට ලබා දීමට ද?

2 - රජයේ ප්‍රධානම භාණ්ඩ තොග බෙදා හැරීමේ ආයතනයක සභාපති සීනි ආනයන බද්ද ඉවත් කිරීමේ නාටකයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ, තමා අතීතයේ සේවය කළ සන්නිවේදන සමාගම සමගින් මහා පරිමාණයෙන් ව්‍යාපාර කටයුතු කළ තම ගජ මිතුරු සීනි වෙළෙන්ඳාහට උදව් කරන්න්ද ?

3 - මෙහිදී කටයුතු සිදුව ඇත්තේ, අදාල සභාපතිවරයා සිය තනතුර අයත්වන අමාත්‍යාංශයේ අමාත්‍යාවරයාත්, අමාත්‍යංශ ලේකම්වරියත්, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාත්, ජීවන වියදම් කමිටුවත් මඟහරිමින්ද?

4 - ඔක්තෝබර් මස 13 වෙනිදා සිට මේ දක්වා ජනාධිපති කාර්යාලයේ බදු අඩු කිරීම පිලිබඳ නිවේදනයත් ගැසට් පත්‍ර දෙකකුත් විවෘතව තිබුණු සීනි ආනයන පහසුකම් අවලංගු කරමින් සීනි ආනයනය, ආනයන සහ අපනයන පාලකවරයාගේ බලපත්‍ර ක්‍රමයට නතුකර තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදීත් ,සීනි ටොන් 26,000 ක්  රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වුණේ රජය විසින් ලබා දී තිබූ රුපියල් 49.75 ක අමතර වාසිය ලබා ගන්නද?

5 - සීනි සඳහා වූ ආනයනික තීරු බද්ද ශත 25 කට අඩු කරන විට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන ලද වෙළෙඳපොළේ තිබූ සීනි ටොන් 90.000කට කුමක් විණිද?

6 -  මෙපමණ සීනි ප්‍රමාණයක් වෙළෙඳපොළේ තිබියදීත් රට දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක විල්මාර් ට්‍රේඩින් පුද්ගලික සමාගම ඉන්දියාවේ සිට සීනි ටොන් 26,000ක්  පසුගිය  සතියේම ආනයනය කළේ, i ).  ඉන්දියාවේ සීනි අපනයනය සඳහා ඉන්දීය රජය විසින් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 150 ක දිරි දීමනාව ලබා ගැනීම සඳහාද? (එමඟින් ඉන්දියාවේදී අදාල සමාගම ලබන මුළු ලාභය ඩොලර් මිලියන 3.9 කි) ii).  ශ්‍රී ලංකාවේදී ආනයනය කරන ලද දැනට අඩුකර ඇති ශත 25 ක තීරුබද්ද පමණක් ගෙවා මහා භාණ්ඩාගාරය විසින් ඉදිරියේදී එනම්, නොවැම්බර් මස 13 දිනෙන් පසුව නැවත පැනවීමට එකග වී  ඇති රුපියල් 40/= තීරු බදු වාසියත් ලබා ගැනීමටද?(මෙම අවිධිමත් ක්‍රියාව තුළින් අපේක්ෂා කරන ලාභය රුපියල් මිලියන 1040 කි.)

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම මහ පරිමාණ ගේම් එකක් බවට ආණ්ඩුවේ ම පාර්ශව සැක මතු කරති. තීරු බදු ආදායමක් අහිමිකරවන මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇත්තේ, මේ වසර මුලදී ආණ්ඩුව අපේක්ෂා කළ ආදායම් ඉලක්ක අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇති ආකාරය රජයේ සංඛ්‍යාලේඛන මගින් හෙළි වී තිබියදීය. 

(ගැහිල්ලේ තරම ගැන සවිස්තරාත්මක කරුණු රැසක් හෙට බලාපොරොත්තුවන්න)

IECDආනයන අපනයන පාලක විසින් ශ්‍රී ලංකාව විවෘත සීනි ආනයනය තහනම් කරමින් නිකුත්කල ගැසට් නිවේදනය 

 

9117075f 1574 40bd 8b95 75d924530880සීනි හා රසකැවිලි මහ පරිමාණයෙන් ආනයනය කිරීම සම්බන්ධ මහ බැංකු වාර්තාව 

 

සබැඳි පුවත් :

ආණ්ඩුව බලා සිටි ආදායමින් බාගයක්ම ලැබී නෑ 

මාධ්‍ය අනාවරණ හමුවේ සීනි මිල පාලනයට තවත් ගැසට් එකක් !

සීනි මිල අඩු කිරීම අර්බුදයෙන් අර්බුදයට! - ඇමති බන්දුල දිගටම ඇන ගනී !  

සීනිවලට අඩුකළ රු. 49/= වාසිය පාරිභෝගිකයාට ලැබී නෑ – සමාගම් හතකට කෝටි 147ක ලාභයක්

ආණ්ඩුව කීවට සීනි මිළ අඩුවීමක් නැහැ! - ජනාධිපතිව නොමග යවලා!! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්