BREAKING
Top Ad
පුවත්

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල්ගෙන් CID යට බලපෑම්!

T

The Leader

June 26, 2019 • 9:39 PM

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල්ගෙන් CID යට බලපෑම්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවනු ලබයි.
  • වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනට ලබාගෙන ඇති එක් එක් ප්‍රකාශවල සාරාංශය බැගින් ද එම වාර්තාවට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත.
  • අද දිනයේ වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද බවට පැමිණිලි කර ඇති වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
  • මෙසේ තමා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීති විරෝධි බව පවසමින් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ ඔහු සම්බන්ධයෙන් මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනට ලබාගෙන ඇති එක් එක් ප්‍රකාශවල සාරාංශය බැගින් ද එම වාර්තාවට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත.

අද දිනයේ වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද බවට පැමිණිලි කර ඇති වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෛද්‍ය සාෆි මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි. මෙසේ තමා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීති විරෝධි බව පවසමින් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරනු ලැබිය.

 

'රහස් පොලිසිය අපරාධකාරයන් සුද්ද කරන ගුබ්බෑයමක්' – විමල්

මේ අතර අද දිනයේ පැවැත්වෙන නඩු විභාගය ඉලක්ක කර ගනිමින්, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසන්නේ, වෛද්‍ය සාෆිට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

සිංහල කාන්තාවන් වඳ කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆී නිදොස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් කටයුතු කරමින් සිටින බවට ඔහු චෝදනා කරයි.

රහස් පොලිසිය අපරාධකාරයින් ආරක්ෂා කරන තිප්පොළක් බවට පත් වී ඇති බවට ඔහු චෝදනාව එල්ල කළේ ඊයේ (26) පැවැති ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙවැනි දේශපාලනඥයින් හා ඇතැම් අන්තවාදී මාධ්‍යවල බලපෑම් හමුවේ නිර්දෝෂී බවට තහවුරු කරගෙන සිටින සැකකර රැඳවියන්ට බලවත් අසාධාරණය සිදුව ඇති බවත්, එවැනි තර්ජනයන්ට බියෙන් පොලිසිය, නිර්දෝෂී බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ට පවා ඇප ලබා දීම අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් වාර්තාවේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...