BREAKING
Top Ad
පුවත්

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයා යන 'ඩ්‍රැකියුලා' ගැන කියයි

T

The Leader

June 27, 2019 • 11:02 AM

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයා යන 'ඩ්‍රැකියුලා' ගැන කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) පස්වරුවේ පළමුවරට කැඳවනු ලැබූ අතර
  • වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.
  • සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
  • කරුණු සලකා බැලු අධිකරණය නඩු විභාගය ජුලි මස 11 දක්වා කල්තැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.

සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලු අධිකරණය නඩු විභාගය ජුලි මස 11 දක්වා කල්තැබිය.

මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අද (ජුනි 27) දක්වා වෛද්‍ය සියාබ්දීන් සාෆි අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකළ අතර ඔහු සම්බන්ධයෙන් රඳවා තබාගැනීමේ නියෝගයක්ද අධිකරණයෙන් ලබාගෙන නොතිබිණ.

ලේ සොයායන Dracula මාධ්‍ය කලාවක් !

Racism 1 

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් පළමු වරට අනාවරණය කළේය.

'දිවයින' පුවත්පතේ කර්තෘ අනුර සොලමන් හා පුවත ලියු මාධ්‍යවේදී හේමන්ත රන්දුනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයට අනුව, පුවත්පතට එම තොරතුර ලබාදී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ය. දුරකථන ජාල පරික්ෂාවේදී එබව තහවුරු වී ඇත.

මැයි 23 වන දින දිවයින පුවත්පතේ පළ වූ ප්‍රධාන ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදී හේමන්ත රන්දුනු සහ මැයි 24 වන දින ලංකාදීප වෙබ් අඩෙවියෙහි පුෂ්පකුමාර ජයරත්න පළ කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පළමුව පරීක්ෂණ ආරම්භ කළ බවත්, ඉන්පසුව සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බවත් තවමත් පරීක්ෂණ ඉදිරියට යමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මිට ඉහතදී ප්‍රකාශකර සිටියේය.

චන්න ජයසුමනගේ මාළු බෑම:

Jayasumana Rajapaksha 

සිසේරියන් සැත්කම් 8000ක් කළ වෛද්‍යවරයකු කුරුණෑගල සිටින බවට පළමුවරට සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය කළේ මහාචාර්ය චන්න ජයසුමන විසිනි. ඔහු රාජපක්ෂ බල දේශපාලන ව්‍යාපෘතියේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු බව රටම දන්නා කරුණකි.

සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් පළමු වරට අනාවරණය කර තිබු අතර අදාල මහාචාර්යවරයා එදිනම හවස වෛද්‍ය සාෆි ගේ ජායාරුපයක් සිය FB පිටුවේ පළකරමින් ''දිවයින පත්තරේ තියෙන්නේ මේ පුද්ගලයා ගැන විය හැකියි'' කියා පොස්ටුවක් පළකර පහුවදා ඉවත් කරගෙන තිබුණ.

 

ගෝඨාභයගේ උපදේශක :

මෙසේ කිසිඳු වගවිභාගයකින් තොරව ජාතිවාදය උසුගන්වීමේ අරමුණින් යුතුව 'දිවයින' පුවත්පත ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් රාජපක්ෂ කඳවුරේ ඇතැමුන් ද දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) දිනයේ කල ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ අලී සබ්රි , 'ලේ සොයායන 'ධ්‍රැකියුලා' මාධ්‍ය කලාවක් ' ගැන සඳහන් කරයි.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ දීප්තිමත් ආදී සිසුවකු වන මොහොමඩ් අලී සබ්රි සිය පොස්ටුවේ මෙසේද සඳහන් කර තිබේ.

''කිසිදු සාක්ෂියක් නැතිව සිංහල කාන්තාවන් 4000ක් වද කල බවට දිවයින පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව CID ය අධිකරණයට කරැණු වාර්තා කරයි. ''

Alisabri Post 1

Alisabri Post 2

 

සබැඳි පුවත් :

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...