The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවේ අරක්කු ජාවාරමුන් එකිනෙකාගේ බෙලි කපා ගනී: සුරාබදු ප්‍රධානියා ලෙස හමුදා ලොක්කෙක්!

T

The Leader Desk

November 22, 2020 • 8:01 AM

ආණ්ඩුවේ අරක්කු ජාවාරමුන් එකිනෙකාගේ බෙලි කපා ගනී: සුරාබදු ප්‍රධානියා ලෙස හමුදා ලොක්කෙක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව බරපතල අපහසුතාවයකට ලක්ව ඇතැයි ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
  • මෙම අරක්කු ව්‍යාපාරිකයින්ගේ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් ලබාදී ඇතැයි එම ඇමතිවරයා කියා සිටියේය.
  • රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර ඇති පරිදි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහි ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අන්තවාදී සිංහල සංවිධානයක් නඩත්තුකරන අරක්කු ජාවාරම්කාරයින් කිහිප දෙනෙකි.
  • ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා ලයිස්තුවේ ජනප්‍රිය හිමිවරුන් කිහිප දෙනෙකුම සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව බරපතල අපහසුතාවයකට ලක්ව ඇතැයි ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

මෙම අරක්කු ව්‍යාපාරිකයින්ගේ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් ලබාදී ඇතැයි එම ඇමතිවරයා කියා සිටියේය.

බොහෝ අරක්කු ව්‍යාපාරිකයින්ගේ ඉලක්කයට ලක්ව ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 134 මුදලක් අහිමි වී ඇති බවත් Lanka Dawasa වාර්තාකර ඇත. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අරක්කු කොම්පැනියේ මහා බදු වංචාවක් සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මැඬිල්ලේ හිමියන් ද පවසති.

රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර ඇති පරිදි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහි ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අන්තවාදී සිංහල සංවිධානයක් නඩත්තුකරන අරක්කු ජාවාරම්කාරයින් කිහිප දෙනෙකි.

ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා ලයිස්තුවේ ජනප්‍රිය හිමිවරුන් කිහිප දෙනෙකුම සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම ලඟදිම විශ්‍රාම යාමට නියමිත අතර හිටි හැටියේ අරක්කු ජාවාරම්කාරයින් මෙසේ එකිනෙකාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ, තමන්ට හිතවත් කොමසාරිස් ජනරාල්වරයකු පත්කර ගැනීම සඳහා බව මත්පැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

අප වෙත තොරතුරු ලබාදුන් ඇමතිවරයා පැවසුයේ, මෙරට මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින බරපතල විෂමාචාර හේතුවෙන් රජයට ලැබියයුතු කෝටි ප්‍රකෝටි ගණනක් ධනස්කන්දයක් අහිමිවී ඇති බවත්, ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළඳපොළට එක්වෙමින් තිබෙන බවත්ය.

එම තත්වය තුල සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


පිළිතුරුදීමේ අයිතිය :

theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු.
- සංස්කාරක

විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...