එම පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ද ඇතුළත් වෙති.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
''දේශපාලකයන්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක්'' - ඇමති වසන්ත
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ දේශපාලකයන්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබිණ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක පසුගිය 02දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.
එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ අතර මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවය.
එම නිසා එවැනි යෝජනාවක් සම්මත කරගත හොත්, එය සම්මත කරන පිරිස්වලට විපාක විඳීමට සිදුවනු ඇති බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කර තිබුණි.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙසේ පැවසිය.
"ජනාධිපතිවරණයට කලිනුත් කිව්වා, මහ මැතිවරණයට කලිනුත් කිව්වා. ජීවත්වෙන්න දේශපාලනය කරන්න නෙමෙයි රටක් තියෙන්න ඕනේ. ලෝකේ කොහෙවත් මෙහෙම පහසුකම් නෑ. ජනාධිපතිවරු විශ්‍රාම ගියාම ඒ ජනාධිපතිවරු නඩත්තු කරන්න ඇයි තවදුරටත් ජනතාවට භාර දෙන්නේ. ජනතාවට බරක් වෙන්න. රටේ ජනතාවට තියා ගන්න බැරුව උතුරලා ගිහිල්ලා නෑ. තවමත් අපේ රටේ මිනිස්සු අන්ත දුක්විදින ප්‍රදේශ තියෙනවා. ඒ නිසා මේ ජනතා මුදලින් නඩත්තුකරන ඒක අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ඒ වෙනුවෙන් හදාගත්ත නීති වෙනස් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අපි අහෝසි කරලා දානවා. ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බෙයි. නැතුව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නෑ. අපි ඒක ඡන්දෙට කලිනුත් කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවා. "
"දේශපාලනය තමන්ගේ ජීවත්වෙන මාර්ගය කරගන්වා නම්, ඒ දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරපු ව්‍යාපාරයක්. ඒ නිසා කාටහරි මරාගෙන මැරෙන්න දෙයක් නෑ. එක නැතුව ජීවත් වෙන විදියක් නැතිනම් අපි අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදාගත්ත හැකියි."
(මුලාශ්‍රය - lankadeepa)
හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?
T
The Leader Desk
August 11, 2025 • 5:56 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එම පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ද ඇතුළත් වෙති.
- ''දේශපාලකයන්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක්'' - ඇමති වසන්ත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
- ඔහු පෙන්වාදෙන්නේ දේශපාලකයන්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.
- එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ අතර මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



