The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකුවේ 5 වන ඩිජිටල් ගෙවීම් ජාතික වැඩසටහන මෙවර ත්‍රිකුණාමලයට!

T

The Leader Desk

June 3, 2026 • 11:59 AM

මහ බැංකුවේ 5 වන ඩිජිටල් ගෙවීම් ජාතික වැඩසටහන මෙවර ත්‍රිකුණාමලයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන මීට පෙර හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සාර්ථකව පවත්වා තිබේ.
  • මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
  • බැංකු, මූල්‍ය සමාගම් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහ වැඩසටහන ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම්පොළ අසල රථගාලේදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
  • මෙම වැඩසටහනට සහභාගී වන මහජනතාවට පුළුල් පරාසයක පවතින ඩිජිටල් ගෙවීම් සේවා සඳහා ලියාපදිංචි වීමටත්, ඒවා ඵලදායී ලෙස භාවිතා කිරීමට අවශ්‍ය සහාය මූල්‍ය ආයතනවලින් ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

‘ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන මීට පෙර හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සාර්ථකව පවත්වා තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට නියමිතය. රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සාමාන්‍ය මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ පවතින දැනුම්වත්භාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

බැංකු, මූල්‍ය සමාගම් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහ වැඩසටහන ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම්පොළ අසල රථගාලේදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහනට සහභාගී වන මහජනතාවට පුළුල් පරාසයක පවතින ඩිජිටල් ගෙවීම් සේවා සඳහා ලියාපදිංචි වීමටත්, ඒවා ඵලදායී ලෙස භාවිතා කිරීමට අවශ්‍ය සහාය මූල්‍ය ආයතනවලින් ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම LANKAQR ගෙවීම් ක්‍රමවේදය ඇතුළු නවීන ඩිජිටල් පද්ධති පිළිබඳව ලංකාක්ලියර් (පුද්.) සමාගම වෙතින් ද උපදෙස් ලබාගත හැක.

වැඩසටහන් පරිශ්‍රය තුළ පිහිටා ඇති වෙළඳ කුටිවලින් වට්ටම් සහිත මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත්, ඒ හරහා ඩිජිටල් ගෙවීම්වල පහසුව ප්‍රායෝගිකව අත්විඳීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ. මීට අමතරව, ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන වෙත LANKAQR පහසුකම ලබා දීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන මගින් ත්‍රිකුණාමලය නාගරික ප්‍රදේශයේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනු ඇත.

ඩිජිටල් ගෙවීම්වල ඇති පහසුව සහ ආරක්ෂාව පිළිබඳව දැනුම්වත් වී නවීන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සියලුම මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට විවෘතව ආරාධනා කර සිටියි.

(සටහන | ජේ.මුණසිංහ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහ බැංකුවේ 5 වන ඩිජිටල් ගෙවීම් ජාතික වැඩසටහන මෙවර ත්‍රිකුණාමලයට! | The Leader