The Leader News
BREAKING
Top Ad
පුවත්

තෙල් අර්බුදය නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ

T

The Leader Desk

March 30, 2026 • 7:35 AM

 තෙල් අර්බුදය නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටපුරා දිනපතා ගනුදෙනු සිදු කෙරෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 13 ට ගොවි පවුල් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදනය සපයන අතර ඊයේ (29 වැනිදා) දිනයේදී පමණක් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 20ක් පමණ මධ්‍යස්ථානවලට සැපයූ බව පැවැසීය.
  • ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් රටපුරා එළවළු තොග බෙදා හරින ලොරි රථ හිමියෝ සතියට වරක් හෝ දෙවරක් එළවළු මිලදී ගැනීමට පැමිණෙන බවත් අවම වශයෙන් සතියට දින 04ක් ඉන්ධන නොලැබීමෙන් ඉන් ඉවත්වී සිටින බව හෙතෙම පැවැසීය.
  • තරගකාරී මිල ගණන්වලට එළවළු මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන් නොපැමිණීමෙන් එළවළු තොග මිල කුණුකොල්ලෙට පහළ ගොස් ඇති බවත් ගොවීන් අවුරුදු සිහිනයක් වීම වැළැක්විය නොහැකි යැයිද සභාපතිවරයා පැවැසීය.
  • කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඉහළම තොග මිල රුපියල් 120/- අමු මිරිස් සඳහා ලැබී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


රටපුරා දිනපතා ගනුදෙනු සිදු කෙරෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 13 ට ගොවි පවුල් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදනය සපයන අතර ඊයේ (29 වැනිදා) දිනයේදී පමණක් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 20ක් පමණ මධ්‍යස්ථානවලට සැපයූ බව පැවැසීය.

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් රටපුරා එළවළු තොග බෙදා හරින ලොරි රථ හිමියෝ සතියට වරක් හෝ දෙවරක් එළවළු මිලදී ගැනීමට පැමිණෙන බවත් අවම වශයෙන් සතියට දින 04ක් ඉන්ධන නොලැබීමෙන් ඉන් ඉවත්වී සිටින බව හෙතෙම පැවැසීය.

තරගකාරී මිල ගණන්වලට එළවළු මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන් නොපැමිණීමෙන් එළවළු තොග මිල කුණුකොල්ලෙට පහළ ගොස් ඇති බවත් ගොවීන් අවුරුදු සිහිනයක් වීම වැළැක්විය නොහැකි යැයිද සභාපතිවරයා පැවැසීය.

කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඉහළම තොග මිල රුපියල් 120/- අමු මිරිස් සඳහා ලැබී තිබේ.

එළවළු ගණනාවක තොග මිල රුපියල් 30ත් 120 අතර පැවැතිණි.

තක්කාලි කිලෝවක් රුපියල් 30-40ක්, මෑ කරල් රුපියල් 40-50ක්, බීට් රුපියල් 40ක්, ගෝව රුපියල් 40ක්, මාළු මිරිස් රුපියල් 100ක්, වම්බටු රුපියල් 80-100ක්, මල් ගෝවා රුපියල් 80-100 තොග මිලකට අලෙවි වූ බව සභාපතිවරයා පැවැසීය.

( aruna | සුනිල් රූපසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...