BREAKING
Top Ad
පුවත්

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක!

T

The Leader

June 29, 2019 • 6:48 AM

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමියන් විසින් ඊයේ (28) දින වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත පැමිණිල්ලකට අදාලව
  • පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස දන්වා ඇති බව ය.
  • රතන හිමි විසින් කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳ විමර්ශන නිසිආකාරව සිදු නොවන බවයි.
  • එම වාර්තාවේ කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවල වාර්තාවක් කැඳවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස දන්වා ඇති බව ය.

රතන හිමි විසින් කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳ විමර්ශන නිසිආකාරව සිදු නොවන බවයි.

එම වාර්තාවේ කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ කර්තෘ උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර ඇත.

රතනං පනීතංට පොලීසිය විශ්වාස නැහැ කියල ඇමරිකාවෙන්,
ඉන්දියාවෙන් කස්ටිය ගෙනත් සාෆි ගැන පරීක්‍ෂණයක් කරනවලු!
ජාත්‍යන්තර මැදිහත් වීමක්!!

එල එල!

Post 002

''අම්මෝ හේග් යනවලු.
එහෙ ගිහින් මොනව කරන්නද දන්නෙ නැහැ
කවුරු හරි මෙයාට කියල දෙන්න
ලංකාවෙ අයට හේග් යන්න තිබ්බ අවස්ථාව නැති කරේ 2003දි රනිල් කියල.
රනිල් ඒකට අත්සන් කරානම්,
ඔය යුධ අපරාධ චෝදනා අහන්නෙ අද එහෙ.
රනිල් කරපු මෝඩ වැඩේ නිසා රතනට යන්නත් බැරි වෙනව.''

post oo1

සාෆිට එරෙහි චෝදනා සනාථවී නැහැ - CID

බොරු පැමිණිලි බොරු ප්‍රකාශ හා බොරු මාධ්‍ය වාර්තා උපයෝගී කරගනිමින් වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිකරුනේ අසාධාරණ ලෙස රඳවාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (ජුනි 27 ) කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියට 'බී' වාර්තාවක් මගින් කරුණු දැක්විය.

එම වෛද්‍යවරයාට අදාළ චෝදනා පිළිබඳව පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාැර්තමේන්තුව පිටු 216 ක බී වාර්තාවක් ගොනු කරමින් අධීකරණයට දන්වා ඇත්තේ වෛද්‍යවරයාට විරුද්ධව තිබෙන එකුදු පැමිණිල්ලක් හෝ සනාථ කිරීමට තොරතුරු නැති බවය.

ඔහු කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හෝ ත්‍රස්ත කණ්ඩායමකට හෝ සම්බන්ධ නැතැයි මෙතෙක් කරනු ලැබූ වර්මර්ෂණවලින් ඔප්පු වී ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා ඇත.

මේ අනුව හදිසි නීතිය යටතේ රඳවා සිටින එම වෛද්‍යවරයා නිදහස් කිරීම පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි ප්‍රකාශ කළ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සාවද්‍ය ප්‍රකාශ, පැමිණිලි හා මාධ්‍ය වාර්තා කළේ කාගේ අවශ්‍යතාව මත දැයි දැන් සොයා බලමින් සිටින බවය.

 

සෆී එරෙහි පැමිණිලි ලියා ඇත්තේ අත්අඩංගුවට ගත් පසු:

වෛද්‍යවරයා අත් අඩංගුවට ගත්තේ කුමන පදනමකින් දැයි කුරුණෑගල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසූ විට පරීක්ෂණය සිදුකරන නිලධාරීන් පවසා ඇත්තේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පෙර දින එනම් මැයි 24 වන දින ලැබුණු පැමිණිලි 4ක් මත අත්අඩංගුවට ගත් බවය.

එම හඳුනාගැනීම කර ඇත්තේ එම පුද්ගලයන්‌ගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීම මගින්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයන් 4දෙනා ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් කියා ඇත්තේ මැයි 26 දින තමන් කුරුණෑගල පොලිසියට ගොස් පැමිණලි ඉදිරිපත් කළ බවය.

එ අනුව කරුණෑගල පොලිසිය පැමිණිලි භාරගෙන ඇත්තේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට භාරදීමෙන් පසුව බව හෙලිවෙයි.

සබැඳි පුවත් :

වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...