The Leader News
BREAKING
Top Ad
පුවත්

විශේෂඥ වෛද්‍යවරු 570ක් සේවයේ නැහැ

T

The Leader Desk

August 8, 2025 • 5:45 AM

විශේෂඥ වෛද්‍යවරු 570ක් සේවයේ නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නිශාන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
  • වයස අවුරුදු 60ට වැඩි විශේෂඥ වෛද්‍යවරුන් 201 දෙනෙක් සිටින බවත් අවුරුදු 55-60 අතර වයසේ පසුවන විශේෂඥ වෛද්‍යවරු 544 දෙනෙක් සිටින බවත් කී ඇමැතිවරයා මෙසේද කීවේය.
  • විදේශ රටවලට ගිය වෛද්‍යවරුන් පුහුණුවීම් අවසන් කොට මෙරටට නොපැමිණෙන ප්‍රමාණය සියයට 60ක් 65ක් පමණ වෙනවා.
  • නමුත් වැටුප් දීමනා ඇතුළු පහසුකම් ලබාදෙන්න සහ රෝහල්වල පහසුකම් ලබාදෙන්න අපේ අවධානය යොමුව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නිශාන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වයස අවුරුදු 60ට වැඩි විශේෂඥ වෛද්‍යවරුන් 201 දෙනෙක් සිටින බවත් අවුරුදු 55-60 අතර වයසේ පසුවන විශේෂඥ වෛද්‍යවරු 544 දෙනෙක් සිටින බවත් කී ඇමැතිවරයා මෙසේද කීවේය.

''ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේ දී වෛද්‍යවරුන් යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විදේශ රටවලට ගිය වෛද්‍යවරුන් පුහුණුවීම් අවසන් කොට මෙරටට නොපැමිණෙන ප්‍රමාණය සියයට 60ක් 65ක් පමණ වෙනවා. ඔවුන් මෙරටට පැමිණි පසුව දුර බැහැර රෝහල්වලට යාමට සිදුවීමෙන් යළි විදේශ ගතවන තත්ත්වයක් තිබෙනවා. නමුත් වැටුප් දීමනා ඇතුළු පහසුකම් ලබාදෙන්න සහ රෝහල්වල පහසුකම් ලබාදෙන්න අපේ අවධානය යොමුව තිබෙනවා.

පවතින තත්ත්වය අනුව සංඛ්‍යාව වැඩිකරන්න සහ ඉන්න අය රඳවා ගන්න ක්‍රමානුකූලව කටයුතු කරගෙන යනවා. ඒ අයගේ පුහුණුවට මේ රටේ ජනතාවගේ මුදල් යොදවා තිබෙන්නේ. අපේ රට සෞඛ්‍ය අතින් ඉහළට ගන්න අපිට පුළුවන් වෙයි. ඒ යුතුකම විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරයි කියා හිතනවා. ඒ සඳහා විවෘත ආරාධනාවක් කරනවා. ඔවුන්ට තිබෙන බාධාවන් ඉවත් කිරීම සඳහා රජය සූදානම්. දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම හෝ ප්‍රවාහන පහසුකම් ආදියට අපි මැදිහත් වෙන්න කටයුතු කරනවා.''

( aruna | නිලන්ත මදුරාවල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...