කලාපෙළ නිර්මාතෘ කෘතහස්ත කලාවේදී ජී.ඩී.එල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1935 ජුනි 26 වැනිදා රත්නපුර තිරුවානකැටියේ දී උපත ලැබූ ඔහු එංගලන්තයේ ජීවත්ව සිටිය දී මියයන විට 86 හැවිරිදි වියේ පසුවිය.
සිනමාවේදියකු ලෙස නම් දැරූ ජී.ඩී.එල් පෙරේරා පනහ හැට දශකවල දී වඩාත් ප්‍රකට වුයේ වේදිකා නාට්‍යකරුවකු ලෙසිනි.
නාට්‍ය ගණනාවක් ලියා නිෂ්පාදනය කළ ඔහුගේ නාට්‍ය අතරින් විචාරක අවධානයට යොමු වූ පළමු නාට්‍යය 'සාමා'ය(1960).
මියගිය හෝ මියයමින් පවතින ගතානුගතික සමාජයත් ඉපදුණ හෝ උපදින්න දඟලන නවීන සමාජයත් අතර ගැටුම 'සාමා' තුලින් නිරුපනය වූ අතර පසු කලෙක එය ඔහු අතින්ම සිනමාවට නැඟිණි. දෙනවක හාමිනේ නම් විශිෂ්ට චරිතාංග නිළිය බිහිවන්නේ ද සාමා වේදිකා නාටකයෙනි.
එසේම, 1966 සරසවි සම්මාන උළෙලේ දී "සාමා" චිත්‍රපටයට විශේෂ ජූරි සම්මානයක් හිමි වූ අතර 1965 වසරේ Commonwealth Art Festival Cardiff (England) උළෙල ද, Cine-Stud Amsterdam (Student Film Festival) හා ලන්ඩනය, ලැන්කැස්ටර්, ඉතාලි, ජර්මනිය හා ප්‍රංශය රටවල චිත්‍රපටවල ද තිරගත කරමින් ජාත්‍යන්තර වශයෙන් මෙරටට කීර්තියක් අත්කර දුන්නේ ය.
"සක්කර වට්ටම්" (1961), වතු කම්කරු අරගලය ගැන කියවෙන "මෙහෙව් ලෝකෙක" (1962), මඟුල් මතේ (1963) නම් කෙටි නාට්‍යය, විලියම් ශෙක්ෂ්පියර්ගේ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' නාට්‍යයේ පරිවර්තනයක් වන "රතු රෝස" (1962) ඔහු අතින් මුල් කාලයේ නිර්මාණය වූ වේදිකා නාට්‍යය වේ.
ජනවාර්ගික ගැටලුව මුල් කරගනිමින් ඔහු නිර්මාණය කළ "තොටුපළ" 1964 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනූ වේදිකා රංගයකි.
ජී.ඩී.එල් පෙරේරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර ජනප්‍රියත්වයට පත් චිත්‍රපට ලෙස සැඩොල් කඳුළු (සම අධක්ෂණය) 1966, දහසක් සිතිවිලි (1968) රෝමියෝ ජුලියට් කතාවක් (1970), ඉගිලෙන කුරුල්ලෝ (1970) දුරගිය ගමනක් (1974) Peter Of The Elephants (1980) Winners and Losers (1986) හොරා පොලිස් (1994) හැඳින්විය හැකි ය. ඒ අතුරින්, දහසක් සිතිවිලි 1968 සරසවි සම්මාන උළෙලේ දී හොඳම සිනමා අධ්‍යක්ෂණයට මෙන්ම හොඳම තිර රචනය උදෙසා ද සම්මාන හිමි කරගෙන තිබේ.
එසේම, ‘රට ගිය ඇත්තෝ’ වැනි ටෙලි නාටක ද ඔහු අතින් බිහිවිය.
2006 රාජ්‍ය සිනමා සම්මාන උළෙලේ දී පුරෝගාමී සිනමාකරු ලෙසින් සම්මානයට පාත්‍ර වූ මේ කෘතහස්ත කලාවේදීයාට අපගේ ගෞරවනීය ආචාරය මෙයින් පුද කර සිටිමු!
(අවාරා)
බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි
දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව