The Leader News
BREAKING
ට්‍රම්ප්ගේ සටන් විරාමය බිඳ දමමින් යුක්‍රේනයෙන් රුසියාවට ප්‍රහාරයක්●ක්‍රිෂ් සහ CSN නඩු විමර්ශනවලින් අලුත් තොරතුරු හෙළිවෙයි●ශ්‍රී ලංකන් ව්‍යාජ ඇප් එකෙන් කෝටි ගණනක් වංචා කරලා  ●බිලියන 190ක ආනයන මූල්‍ය ජාවාරම: සැකකරුවෝ යළි රිමාන්ඩ්●යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි  ●ඥානසාර හිමිගේ සිවුර: එජාප චෝදනාවට ඇමතිගෙන් නීතිමය පිළිතුරක්●මහජන මුදල් වියදම් පෞද්ගලික නෑ: දිනීගෙන් නඩු තීන්දු විග්‍රහයක්●අතුලසිරි සමරකෝන් ලියයි: ඥානසාර හිමි සිද්ධිය සහ ආණ්ඩුවේ දේශපාලන අභියෝගය●FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!●සොෆී කනිංගම් “ලස්සනයි නමුත් දුර්වලයි” : ට්‍රම්ප් ඉල්ලා අස්කරගත් කතාව!●
Top Ad
පුවත්

සාමා වේදිකාවට ගෙනා ජී.ඩී.එල් පෙරේරා දිවියෙන් සමුගනියි

T

The Leader Desk

February 15, 2021 • 9:50 AM

 සාමා වේදිකාවට ගෙනා ජී.ඩී.එල් පෙරේරා දිවියෙන් සමුගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතුරින්, දහසක් සිතිවිලි 1968 සරසවි සම්මාන උළෙලේ දී හොඳම සිනමා අධ්‍යක්ෂණයට මෙන්ම හොඳම තිර රචනය උදෙසා ද සම්මාන හිමි කරගෙන තිබේ.
  • එසේම, ‘රට ගිය ඇත්තෝ’ වැනි ටෙලි නාටක ද ඔහු අතින් බිහිවිය.
  • රාජ්‍ය සිනමා සම්මාන උළෙලේ දී පුරෝගාමී සිනමාකරු ලෙසින් සම්මානයට පාත්‍ර වූ මේ කෘතහස්ත කලාවේදීයාට අපගේ ගෞරවනීය ආචාරය මෙයින් පුද කර සිටිමු!
අකුරු ප්‍රමාණය (Font Size):
1935 ජුනි 26 වැනිදා රත්නපුර තිරුවානකැටියේ දී උපත ලැබූ ඔහු එංගලන්තයේ ජීවත්ව සිටිය දී මියයන විට 86 හැවිරිදි වියේ පසුවිය. 
 
සිනමාවේදියකු ලෙස නම් දැරූ ජී.ඩී.එල් පෙරේරා පනහ හැට දශකවල දී වඩාත් ප්‍රකට වුයේ වේදිකා නාට්‍යකරුවකු ලෙසිනි. 
 
නාට්‍ය ගණනාවක් ලියා නිෂ්පාදනය කළ ඔහුගේ නාට්‍ය අතරින් විචාරක අවධානයට යොමු වූ පළමු නාට්‍යය 'සාමා'ය(1960). 
 
මියගිය හෝ මියයමින් පවතින ගතානුගතික සමාජයත් ඉපදුණ හෝ උපදින්න දඟලන නවීන සමාජයත් අතර ගැටුම 'සාමා' තුලින් නිරුපනය වූ අතර පසු කලෙක එය ඔහු අතින්ම සිනමාවට නැඟිණි. දෙනවක හාමිනේ නම් විශිෂ්ට චරිතාංග නිළිය බිහිවන්නේ ද සාමා වේදිකා නාටකයෙනි. 
 
එසේම, 1966 සරසවි සම්මාන උළෙලේ දී "සාමා" චිත්‍රපටයට විශේෂ ජූරි සම්මානයක් හිමි වූ අතර 1965 වසරේ Commonwealth Art Festival Cardiff (England) උළෙල ද, Cine-Stud Amsterdam (Student Film Festival) හා ලන්ඩනය, ලැන්කැස්ටර්, ඉතාලි, ජර්මනිය හා ප්‍රංශය රටවල චිත්‍රපටවල ද තිරගත කරමින් ජාත්‍යන්තර වශයෙන් මෙරටට කීර්තියක් අත්කර දුන්නේ ය. 
 
"සක්කර වට්ටම්" (1961), වතු කම්කරු අරගලය ගැන කියවෙන "මෙහෙව් ලෝකෙක" (1962), මඟුල් මතේ (1963) නම් කෙටි නාට්‍යය, විලියම් ශෙක්ෂ්පියර්ගේ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' නාට්‍යයේ පරිවර්තනයක් වන "රතු රෝස" (1962) ඔහු අතින් මුල් කාලයේ නිර්මාණය වූ වේදිකා නාට්‍යය වේ. 
 
ජනවාර්ගික ගැටලුව මුල් කරගනිමින් ඔහු නිර්මාණය කළ "තොටුපළ" 1964 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනූ වේදිකා රංගයකි. 
 
ජී.ඩී.එල් පෙරේරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර ජනප්‍රියත්වයට පත් චිත්‍රපට ලෙස සැඩොල් කඳුළු (සම අධක්ෂණය) 1966, දහසක් සිතිවිලි (1968) රෝමියෝ ජුලියට් කතාවක් (1970), ඉගිලෙන කුරුල්ලෝ (1970) දුරගිය ගමනක් (1974) Peter Of The Elephants (1980) Winners and Losers (1986) හොරා පොලිස් (1994) හැඳින්විය හැකි ය. ඒ අතුරින්, දහසක් සිතිවිලි 1968 සරසවි සම්මාන උළෙලේ දී හොඳම සිනමා අධ්‍යක්ෂණයට මෙන්ම හොඳම තිර රචනය උදෙසා ද සම්මාන හිමි කරගෙන තිබේ.
 
එසේම, ‘රට ගිය ඇත්තෝ’ වැනි ටෙලි නාටක ද ඔහු අතින් බිහිවිය.
 
2006 රාජ්‍ය සිනමා සම්මාන උළෙලේ දී පුරෝගාමී සිනමාකරු ලෙසින් සම්මානයට පාත්‍ර වූ මේ කෘතහස්ත කලාවේදීයාට අපගේ ගෞරවනීය ආචාරය මෙයින් පුද කර සිටිමු!
 
 
(අවාරා)
 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...