The Leader News
BREAKING
Top Ad
පුවත්

රාජ්‍ය සේවයට අලුතෙන් 62,314ක්

T

The Leader Desk

August 13, 2025 • 3:10 AM

රාජ්‍ය සේවයට අලුතෙන් 62,314ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (12) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.
  • පසු­ගිය ආණ්ඩු සේ එක­වර 50,000-60,000 බඳවා ගෙන පුටු­වක් මේස­යක් නැති තත්ත්ව­යට උපා­ධි­ධා­රීන් පත් කිරී­මට වත්මන් රජය කට­යුතු නොක­රන බව හෙතෙම කීවේය.
  • විද්‍යා­නු­කූ­ලව රටේ පව­තින ආර්ථික තත්ත්වය, මහ­ජ­න­තා­වට සැප­යිය යුතු සේවාව අනුව තීන්දු කර බඳවා ගැනීම් සිදු­ක­රන බව පැවැසූ ඇමැ­ති­ව­රයා, උද්ඝෝ­ෂණ සිදු­කර රැකියා ඉල්ලා සිටී­මට අවශ්‍ය නැති බව කියා සිටි­යේය.
  • එතැ­නදි මුදල් අමා­ත්‍යාං­ශය, කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුව, රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය ඇතුළු විෂ­යට සම්බන්ධ නිල­ධා­රීන් විසින් විටින් විට බඳවා ගැනීම් සඳහා අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (12) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.

පසු­ගිය ආණ්ඩු සේ එක­වර 50,000-60,000 බඳවා ගෙන පුටු­වක් මේස­යක් නැති තත්ත්ව­යට උපා­ධි­ධා­රීන් පත් කිරී­මට වත්මන් රජය කට­යුතු නොක­රන බව හෙතෙම කීවේය.

විද්‍යා­නු­කූ­ලව රටේ පව­තින ආර්ථික තත්ත්වය, මහ­ජ­න­තා­වට සැප­යිය යුතු සේවාව අනුව තීන්දු කර බඳවා ගැනීම් සිදු­ක­රන බව පැවැසූ ඇමැ­ති­ව­රයා, උද්ඝෝ­ෂණ සිදු­කර රැකියා ඉල්ලා සිටී­මට අවශ්‍ය නැති බව කියා සිටි­යේය.


ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

'' මෙච්චර කාල­යක් රැකියා විර­හිත උපා­ධි­ධා­රීන් බඳවා ගෙන තිබෙන්නේ දේශ­පා­ලන ඉල්ලීම්, එහෙම නැත්නම් ඒ මොහොතේ රජය ගන්න තීන්දු මත. කවුරු බඳවා ගත්තත් ඒ අයට වැටුප්, දීමනා ලබා දිය යුතුයි. රජය විසින් ඒ වැය බර දරන අතරේ ඒ අය­ගෙන් උප­රිම ඵල­දායී සේව­යක් මහ­ජ­න­තාව වෙත ලබා­දිය යුතුයි. පසු­ගිය කාල­යේම බඳවා ගත්ත සම­හර තන­තු­රු­ව­ලට විශාල විවේ­ච­න­යක් තිබුණා. ඒ බඳවා ගත්ත උපාධිධාරීන් ගැන නෙවෙයි. ඒ බඳවා ගත්ත අයට වැඩ කර­ග­න්න­වත් පහ­සු­කම් නැහැ.

ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යක වැඩ කර­ගන්න මේස­යක්, පුටු­වක් නැහැ. තැනක් නැහැ වගේ කතා බහක් තිබුණා. අපි මැති­ව­රණ කාල­යෙ­දිත් පැහැ­දි­ලිව කිව්වා රාජ්‍ය සේවය කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නීම, ඵල­දායී කර­ගැ­නීම, ප්‍රශස්ත කර ගැනීම සඳහා ඊට වුව­මනා බඳවා ගැනීම් කර­නව මිසක් අන්ධව බඳවා ගැනීම් කරන්නේ නැහැ කියලා. ඒ අනුව මේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පිළි­බඳ තීන්දු ගැනීම සඳහා අග­මැති ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කරලා තිබෙ­නවා. ඒ සියලු බඳවා ගැනීම් ගැන අමා­ත්‍යාං­ශය ඊට යොමු කර­නවා. එතැ­නදි මුදල් අමා­ත්‍යාං­ශය, කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුව, රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය ඇතුළු විෂ­යට සම්බන්ධ නිල­ධා­රීන් විසින් විටින් විට බඳවා ගැනීම් සඳහා අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා.

මේ ආකා­ර­යට 62,314ක් අලු­තින් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනී­මට අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා. සම­හර බඳවා ගැනීම් අව­සන් කරලා තිබෙන්නේ. සම­හර බඳවා ගැනීම් සඳහා විභාග පැවැ­ත්වෙ­නවා. සම­හර බඳවා ගැනී­ම්ව­ලට සම්මුඛ පාරී­ක්ෂණ සිදු කෙරෙ­නවා.


මේ 62,314 අතරේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට 12,433ක් බඳවා ගන්න අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා.

ශ්‍රී ලංකා යුද හමු­දා­වට නිල­ධා­රීන් ඇතුළු 4415ක්, නාවික හමු­දා­වට නිල­ධා­රීන් ඇතුළු 5200ක් සහි­තව 12,433ට බඳවා ගැනී­මට අව­සර ලබා දී තිබෙ­නවා.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යට 11,889ක් බඳවා ගන්න අනු­මැ­ති­යක් ලබා දී තිබෙ­නවා. වෛද්‍ය නිල­ධා­රීන් 1408ක්, හෙඳ නිල­ධා­රීන් 3147ක්, පවුල් සෞඛ්‍ය සේවා නිල­ධා­රීන් 976ක්, උප­ස්ථා­ය­ක­යින් 1000ක්, සෞඛ්‍ය කාර්ය සහා­ය­ක­යන් 1039ක් ඇතුළු සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­ය­ටත්, ඒ වගේම තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට තැපැල් සහා­ය­ක­යන් 1000ක්, ලියා­ප­දිංචි ආදේ­ශ­ක­යන් 1000ක්, තැපැල් සේවා නිල­ධා­රීන් 600ක්, උප තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රුන් 378ක් ලෙස බඳවා ගන්න අනු­මැ­තිය දීල තිබෙ­නවා. මේ අනුව අමා­ත්‍යාංශ සිය­ල්ලට ඔවුන්ගේ අව­ශ්‍ය­තාව අනුව බඳවා ගැනීම් කරලා තිබෙ­නවා.

උපා­ධි­ධා­රීන්ට ඉල්ලුම් කරන්න පුළු­වන් තන­තුරු දහස් ගාණක් මේක ඇතුළේ තිබෙ­නවා. රාජ්‍ය පරි­පා­ලන හා පළාත් සභා අමා­ත්‍යාං­ශය යටතේ ශ්‍රී ලංකා පරි­පා­ලන සේව­යට 297ක්, ශ්‍රී ලංකා ගණ­කා­ධි­කාරී සේව­යට 499ක්, ශ්‍රී ලංකා ක්‍රම­ස­ම්පා­දන සේව­යට 139ක්, ශ්‍රී ලංකා ඉංජි­නේරු සේව­යට 249ක්, ශ්‍රී ලංකා විද්‍යා­ත්මක සේව­යට 126ක්, කළ­ම­නා­ක­රණ සේවා නිල­ධාරී සේව­යට 4505ක්, ලෙස බඳවා ගැනී­මට අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ තන­තුරු ගණ­නා­වක් තිබෙ­නවා.

ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ කළ­ම­නා­කාර සහ­කා­ර­ව­රුන් ලෙස 95ක්, ධීවර නිල­ධා­රීන් 121ක්, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ සැර­ය­න්වරු ලෙස 150ක්, සහ­කාර කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂ­ව­රුන් 260ක්, කෘෂි­කර්ම උප­දේ­ශ­ක­ව­රුන් 185ක්, තාක්ෂණ සහ­යක ව්‍යාපෘති පර්යේ­ෂණ ඉංජි­නේරු 123ක්, ගොවි­ජන සංව­ර්ධන නිල­ධා­රීන් 126ක්, ආධු­නික මින්දෝ­රු­ව­රුන් 33ක්, සිති­යම් තාක්ෂ­ණික නිල­ධා­රීන් 64ක්, මැනුම් ක්ෂේත්‍ර සහා­ය­ක­යන් 75ක්, විදුලි ඉංජි­නේරු අධි­කාරී 105ක්, ළමා ආර­ක්ෂක අධි­කා­රිය සඳහා 109ක්, ප්‍රමිති ආය­ත­නයේ විවිධ තන­තුරු සඳහා 179ක්, කාර්මික තාක්ෂණ ආය­ත­නයේ 150ක්, කම්කරු නිල­ධා­රීන් ලෙස විශේෂ ශ්‍රේණි­යෙන් 159ක්, රජයේ තක්සේරු දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර තක්සේ­රු­ව­රුන් 184ක්, සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ අධි­කාරී, පර්යේ­ෂක, නියා­මක, සැර­යන් ආදී 108ක් ලෙස ඉල්ලුම් කරන්න පුළු­වන් තන­තුරු රාශි­යක් තිබෙ­නවා.

ඉදි­රි­යේදී අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ගුරු­ව­රුන් දහස් ගාණක් බඳවා ගන්න කට­යුතු කර­නවා. අපි 50,000-60,000 එක­වර බඳවා ගෙන පුටු­වක් මේස­යක් නැතුව තියන්න බලා­පො­රො­ත්තු­ව­කුත් නැහැ. පෝලිමේ එන්න කියලා උස බලලා බඳවා ගන්නෙත් නැහැ. විද්‍යා­නු­කූ­ලව රටේ පව­තින ආර්ථික තත්ත්වය මහ­ජ­න­තා­වට සැප­යුතු සේවාව අනුව තමයි තීන්දු කරලා තිබෙන්නේ. ඉදි­රි­යට තව වැඩි වෙනවා. උද්ඝෝ­ෂණ කරල ඉල්ලන්න දෙයක් නැහැ.”



(dinamina | නුවන් කොඩි­කාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය සේවයට අලුතෙන් 62,314ක් | The Leader