The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

T

The Leader Desk

May 6, 2026 • 3:32 PM

තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
  • එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය.
  • ඒ අනුව අමෙරිකානු තැපැල් සේවයට සිදුකළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මස සිට වෙනත් ඊමේල් පණිවුඩ 9ක් ලැබී ඇති අතර, ඉන් 03කට තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව විමර්ශන නිලධාරියා මෙහිදී පැවසීය.
  • එහිදී 2025 පෙබරවාරි 19 වනදා අමෙරිකානු ඩොලර් 435,864ක්, 2025 ඔක්තෝබර් 16 අමෙරිකානු ඩොලර් 190,891ක් ලෙස අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇති බව විමර්ශන නිලධාරියා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද මුල්වරට කරුණු වාර්තාකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුව විසින් 'US POST' හෙවත් අමෙරිකානු තැපැල් සේවයට සිදුකරන ලද ගෙවීමකට අදාළ මුදලක් එම දෙපාර්තමේන්තුවට නොලැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවය.


ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම් සිදුකිරීමට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සපයන්නේ 'Universal Postal Union' හෙවත් විශ්ව තැපැල් සංගමය විසින් බවත්, මෙම ප්‍රශ්නගත ගෙවීමේදී ඔවුන් ලබාදුන් ඊමේල් ලිපිනයට පරිබාහිර වෙනත් ඊමේල් ලිපිනයක් සමග පණිවිඩ හුවමාරු වී ඇති බවත් විමර්ශන නිලධාරින් සඳහන් කළේය.


ඒ අනුව අමෙරිකානු තැපැල් සේවයට සිදුකළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මස සිට වෙනත් ඊමේල් පණිවුඩ 9ක් ලැබී ඇති අතර, ඉන් 03කට තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව විමර්ශන නිලධාරියා මෙහිදී පැවසීය.

එහිදී 2025 පෙබරවාරි 19 වනදා අමෙරිකානු ඩොලර් 435,864ක්, 2025 ඔක්තෝබර් 16 අමෙරිකානු ඩොලර් 190,891ක් ලෙස අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇති බව විමර්ශන නිලධාරියා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, අදාළ මුදල කුමන පාර්ශවයක් වෙත ගියේ දැයි මේ වනවිට අනාවරණය වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා කියා සිටියේ, එම මුදල ලද නිශ්චිත පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

අදාළ සිදුවීමේදී අපරාධමය වරදක් සිදුවී ඇති බව අනාවරණය වන්නේදැයි මහෙස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කළේය.

එහිදී විමර්ශන නිලධාරියා කියා සිටියේ, දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත ප්‍රකාරව වැරදි සිදුවී ඇතැයි දැනට අනාවරණය වී ඇති බවය.

ඊට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, දැනට සැකකරුවන් හඳුනාගෙන නොමැති බවට විමර්ශන නිලධාරියා පිළිතුරු දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අවසර ලබාදුන්නේය.

නඩුව යළි ජුලි 22 වනදා කැඳවීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...