BREAKING
Top Ad
පුවත්

සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!

T

The Leader

July 20, 2019 • 8:59 AM

සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි
  •   අශෝක විජේතිලක මෙහිදී ආකාර කිහිපයකින් තමාට නැති බලයක් ආරෝපනය කරගෙන නීති විරෝධීව ක්‍රියා කර තිබෙන බව 'ලංකා ඊ නිව්ස්' වාර්තා කරයි.
  • එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
  • පොලිස් කොමිසමට නීතියෙන් බලය දී ඇත්තේ පොලිස් නිලධාරීන් (පොලිස්පතිවරයා හැර) බඳවා ගැනීම, පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනය, සේවයෙන් පහ කිරීම සහ පොලිස් සේවාව පිළිබඳ ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීම පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එකී විමර්ශනයෙන් ඉවත් කර එම විමර්ශනය, පොලිස්පතිවරයා යටතේ තිබෙන විශේෂ පරීක්ෂණ ඒකකයට (SIU) බාර දෙන්නැයි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු විසින් කළ ඉල්ලීම වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පසුගිය පෙබරවාරියේ පත් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අශෝක විජේතිලක විසින් තම බලතල අතික්‍රමණය කරමින් කොමිසමටද නොදන්නවා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එම නියෝගය ලබාදී තිබිණ.

මෙකී නීති විරෝධී බලපෑමට අමතරව ඔහු ඊට අදාල නියෝගය මාධ්‍යයට නිකුත් කරමින් මාධ්‍ය සංදර්ශනයක්ද පැවැත්විය.

අශෝක විජේතිලකගේ නියෝගය ප්‍රතික්ෂේප කර ඇති වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, SIU ඒකකය ස්ථාපිත කර ඇත්තේ පොලිසිය අභ්‍යන්තරයේ සිදුවන අකටයුතු විමර්ශන කිරීම සඳහා පමණක් බවත්, අපරාධ පරීක්ෂණයක් සිදුකිරීමට ප්‍රමාණවත් පහසුකම් හෝ නිලධාරීන් එම ඒකකය සතු නොවන බවත් පොලිස් කොමිසමට ලිඛිතව දැනුම්දීමට කටයුතු කර ඇත.

එහෙයින් වෛද්‍ය සාෆීට එරෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමේ හැකියාවක් නැතැයි වැඩ බලන පොලිස්පතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අශෝක විජේතිලක තමාට නැති බලයක් ආරෝපණය කර ගත් හැටි...

Ashoka SIU 

අශෝක විජේතිලක මෙහිදී ආකාර කිහිපයකින් තමාට නැති බලයක් ආරෝපනය කරගෙන නීති විරෝධීව ක්‍රියා කර තිබෙන බව 'ලංකා ඊ නිව්ස්' වාර්තා කරයි. එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''ප්‍රධාන වශයෙන්, පොලිසියේ කවර මට්ටමකින් හෝ සිදුකරන විමර්ශනයන්ට බලපෑමක් කිරීමට හෝ උපදෙස් දීමට හෝ පොලිස් කොමිසමට කිසිදු නීතිමය බලයක් නැත. පොලිස් කොමිසමට නීතියෙන් බලය දී ඇත්තේ පොලිස් නිලධාරීන් (පොලිස්පතිවරයා හැර) බඳවා ගැනීම, පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනය, සේවයෙන් පහ කිරීම සහ පොලිස් සේවාව පිළිබඳ ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීම පමණි. ඒ දේවල් පිළිබඳ වුවද කොමිසමේ සාමාජිකයෙකුට තනිව තීන්දුවක් ගෙන ක්‍රියා කළ නොහැකිය.

විශේෂයෙන්ම සාෆි නඩුව දැන් අධිකරණය ඉදිරියේ සිදුකරන විභාගයකි. එවැන්නකදී පොලිස් විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් විය හැක්කේ නීතිපතිට හෝ විනිසුරුට හෝ පමණි. එවැනි තත්ත්වයකදී අශෝක විජේතිලක සිදුකර ඇත්තේ අධිකරණ බලතල ද තමා වෙත පවරා ගැනීමකි.

 

බරපතල කුමන්ත්‍රණයක් !

අශෝක විජේතිලක සිදුකර ඇත්තේ සාෆිට එරෙහි විමර්ශන CIDයෙන් ඉවත් කර SIU එකට බාර දෙන්නැයි ඉල්ලන ලද පෙත්සමක් කිසියම් නීතිඥයෙකු ලවා ගෙන්වා ගෙන එය මහජන පැමිණිල්ලක් සේ සලකා පෙත්සමේ පිටපතක් සමග වැඩ බලන පොලිස්පතිට ඉහත නියෝගය බාර දීමයි.

අශෝක විජේතිලක වැඩ බලන පොලිස්පතිවරයාට දුන් නීති විරෝධී නියෝගය පිලිබඳ පොලිස් කොමිසමේ සභාපතිවරයා හෝ නොදනී. එබැවින් මෙය විජේතිලක විසින් තනිව සිදුකළ කුමන්ත්‍රණයක් සේ සැලකිය හැකිය.

වැඩ බලන පොලිස්පතිවරයාට නීති විරෝධී නියෝග යැවීමෙන් නොනැවතුණු විජේතිලක එය මාධ්‍යයට ද 'ලීක්' කිරීමෙන් පසු මේ සම්බන්ධ පුවතක් ඩේලි මිරර් පුවත් පත වාර්තා කර තිබිණ. ඒ බව ද පොලිස් කොමිසම හෝ වැඩ බලන පොලිස්පතිවරයා හෝ දැන සිට නොමැත.

 

නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් !

Dr.Saafi CID 

වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන අනුව ආරක්ෂක ඇමැතිවරයා වූ ජනාධිපතිවරයාගෙන් ලබාගත් දින 90 රැදවුම් නියෝග මත CID ය මාස එක හමාරක පමණ කාලයක් විමර්ශන සිදු කළේය.

එහෙත් කුරුණෑගල පොලිසිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නගා තිබූ චෝදනා සනාථ කෙරෙන කිසිම සාක්කියක් අනාවරණය නොවන බවත්, එම චෝදනා මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් CID ය අධිකරණයට වාර්තා කළේය.

රහස් පොලිසිය ජූලි 11 නඩු දිනයේ දී අධිකරණයට වාර්තා කළේ මෙසේය. “ආරක්ෂක අමාත්‍ය වන ගරු ජනාධිපතිතුමා විසින් අදාල රැඳවුම් නියෝගය අවලංගු කර ඇති බව ගරු අධිකරණ වෙත වාර්ථා කරමි. ඒ අනුව ඉහත නම සඳහන් වෛද්‍ය සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි යන අය ත්‍රස්තවාදී පනත යටතේ නගා ඇති චෝදනාවලින් නිදහස් කරන බව වාර්තා කරමි” යනුවෙනි.

Text 1 

ඉන්පසුව චෝදනා නැති වෛද්‍යවරයා කෙසේ හෝ දඬුකඳේ ගැහීම සඳහා විවිධ පන්නයේ ජාතිවාදීන් පොහොට්ටුවාදීන් සිවුරුකාරයන් ආදී උමතු වෘක්ෂ සුනඛයින් බුරා හැලෙති. අශෝක විජේතිලක ද ඒ පන්නයේ එකෙකු බව මේ සිද්ධියෙන් ප්‍රදර්ශනය කර තිබේ.

ලංකා ඊ නිව්ස් කරන ලද සොයා බැලීමක දී අශෝක විජේතිලක නමැත්තා චමල් රාජපක්ෂගේ ළඟම හිතවතෙක් බව දැනගන්නට ලැබිණ.

(උපුටා ගැනීම් - ලංකා ඊ නිව්ස්)

 සබැඳි පුවත් :

සාෆිට එරෙහි අවනඩුව: මහේස්ත්‍රාත් ගැන විමර්ශනයකට ඉල්ලීමක්

සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!

වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න

වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !

වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...