BREAKING
Top Ad
පුවත්

සාෆිට එරෙහි අවනඩුව: ASP ඉවත්කරන්නැයි විනිසුරුගෙන් දැනුම් දීමක්!

T

The Leader

July 21, 2019 • 10:14 AM

සාෆිට එරෙහි අවනඩුව: ASP ඉවත්කරන්නැයි විනිසුරුගෙන් දැනුම් දීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන
  • රෝහලේ අධ්‍යක්ෂවරයා ඉතා වේගයෙන් සිය අදහස් දැක්වීම සිදුකළ හෙයින් එම ප්‍රකාශ නඩු කාර්ය සටහන් වලට ඇතුලත්ව නොමැතිබව මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වී ඇතැයි පැවසේ.
  • කෙසේවුවද වෛද්‍ය සාෆි වරදකරුවකු ලෙස හංවඩු ගසමින් සිටින 'දිවයින' පුවත්පත, රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශය මුළුමනින්ම වාර්තා කර තිබිණ.
  •   මෙසේ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය නඩු කාර්ය සටහන්වලින් ඉවත්කර තිබීම බරපතල කාරණයක් බව මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා වහාම අදාල විමර්ශනයෙන් ඉවත්කර ඔහු සම්බන්ධයෙන් පරික්ෂයක් කරන්නැයි කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් විසින් පොලිසියට දැනුම්දීමක් කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණයේ දී සිදුකළ ප්‍රකාශය නඩු කාර්ය සටහන් වල ඇතුලත්ව නොතිබීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තිසේරා අධිකරණය හමුවේ පසුගියදා කරුණු වාර්තා කල ආකාරයෙන් තමාගේ කිර්තිනාමයට බලවත් හානියක් සිදුව ඇතැයි පවසමින් මහේස්ත්‍රාත්වරයා එම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

මහේස්ත්‍රාත්වරයා තමන්ට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි නොකොට මෙසේ පොලිසියට බලපෑම් කර තිබේනම් එය බරපතල වරදක් බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු 'ද ලීඩර්' වෙත පැවසිය.

රෝහලේ අධ්‍යක්ෂවරයා ඉතා වේගයෙන් සිය අදහස් දැක්වීම සිදුකළ හෙයින් එම ප්‍රකාශ නඩු කාර්ය සටහන් වලට ඇතුලත්ව නොමැතිබව මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වී ඇතැයි පැවසේ. කෙසේවුවද වෛද්‍ය සාෆි වරදකරුවකු ලෙස හංවඩු ගසමින් සිටින 'දිවයින' පුවත්පත, රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශය මුළුමනින්ම වාර්තා කර තිබිණ.

text 3 

මෙසේ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය නඩු කාර්ය සටහන්වලින් ඉවත්කර තිබීම බරපතල කාරණයක් බව මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆිගේ නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුලි මස18දා අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

සාෆි සම්බන්ධ පැමිණිල්ල 2019 ජුනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පැමිණිලිකරුවකු, විත්තිකරු සහ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකරන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට මහේස්ත්‍රාත්වරයා අවස්ථාව දී ඇතැයි ද, එච්එස්ජී පරීක්ෂණය ගැන අදහස් දැක්වීමට ඔහු ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ද, දන්ත වෛද්‍යවරයකු වන අධ්‍යක්ෂවරයා අධිකරණයේ දී දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි රහස් පොලිසිය වාර්තා කර ඇති බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ දැක්වේ.

මේ මගින් පැමිණිලිකරුවන්ට, විත්තිකරුට සහ අගතියට පත්වීයැයි කියන පාර්ශ්වයට අගතියක් සිදුවිය හැකි බවත්, මහජනතාවට අධිකරණය ගැන විශ්වාසය පළුදු විය හැකි බවත් එම නිසා මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් එම සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

අගතියක් වීමට වැඩි ඉඩක් !

Sampath Hewawasam Wifeකුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සාෆි කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු බව ද, ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බව ද, වෛද්‍ය සාෆි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳද එම රෝහලේම වෛද්‍යවරියක බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

මෙහි විශේෂිතම කාරණය වන්නේ වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා ද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක වීමයි.

වැඩබලන IGP නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි

IGP lankaමේ අතර වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පවරා ඇති නඩුව පිළිබඳව සාධාරණ පරික්ෂයක් සඳහා වෙනත් පරීක්ෂණ කණ්ඩායමක් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු විසින් කළ ඉල්ලීම වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පසුගිය පෙබරවාරියේ පත් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අශෝක විජේතිලක විසින් තම බලතල අතික්‍රමණය කරමින් කොමිසමටද නොදන්නවා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එම නියෝගය ලබාදී තිබිණ.

එම නියෝගය ප්‍රතික්ෂේප කරමින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජාතික පොලිස් කොමිසම් සභාවේ ලේකම්වරයා වෙත ජුලි 19දා යොමු කල ලිපිය පහත පළවේ.

 

 

 

CID Letter

 

සබැඳි පුවත් :

සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!

සාෆිට එරෙහි අවනඩුව: මහේස්ත්‍රාත් ගැන විමර්ශනයකට ඉල්ලීමක්

සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!

වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න

වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !

වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...