පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා සීමිත වාහන ආනයනය ප්‍රතිපත්තිය යටතේ Toyota  Land cruiser Prado full time 4WD මෝටර් රථ 227 ක් ආනයනය කිරීමට ගත් තීරණය අත්හිටවූ බවට ආණ්ඩුව විසින්
ගෙනයන ප්‍රචාරය ජනතාව මුලා කිරීමේ තවත් මෙහෙයුමක් පමණක් බව වාර්තාවේ.
 
රට දැඩි මූල්‍ය අර්බුදයකටත්, කොරෝනා ව්‍යසනය නිසා සෞඛ්‍ය සහ සමස්ථ සමාජයම දැඩි  වශයෙන් අසරණ භාවයටත් පත්ව ඇති අවස්ථාවක මන්ත්‍රීවරුන් සඳහා නවීන පන්නයේ වාහන ආනයනය කිරීමට තීරණය කර මුදල් අමාත්‍යංශය මඟින් ඒ සඳහා විවෘත කරන ලද ණයවර ලිපිය සම්බන්ධයෙන් ලංකා බැංකුවද මේ වන විටත් මහත් අර්බුදයකට පත්ව සිටියි.
 
මෙම කාලීන නොවන රජයේ ඇණවුමට අදාල අවලංගු කල නොහැකි  ණයවර ලිපිය (irrecoverable letter of credit) 2021 අප්‍රේල් 29 දින ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශය විසින් නිකුත් කර ඇත.
 
 
 1991 07 01 en
 
 
# ටොයෝටා වාහන නිෂ්පාදනය කරන ප්‍රධාන රට ජපානය වුවත් මෙම ණයවර ලිපිය විවෘත කර ඇත්තේ සිංගප්පූරු ටොයෝටා ටශුහු ඒෂියා පැසිපික් පුද්ගලික (Toyota Tsusho Asia Pacific Pte Ltd) සමාගම වෙතයි.
 
 
# ලංකා බැංකුව විසින් ටෝයෝටා සමාගම වෙත විවෘත කරන ලද ණයවර ලිපිය නිකුත් කර ඇත්තේ සිංගප්පූරුවේ හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව වෙතය.
 
 
 
 
 මෙම ණයවර ලිපිය ( irrecoverable ) ආපසු හැරවිය නොහැකි අවලංගු කල නොහැකි ණයවර ලිපියක් වන අතර මෙම ලිපිය අවලංගු කිරීමට නම් ණයවර ලිපියේ ප්‍රතිලාභියාගේ  (beneficiary ) සහ එම ණයවර ලිපිය හුවමාරු වන හොංකොං බැංකුවේ අභිමතය නොමැතිව ලන්කා බැංකුවට අවලංගු කල නොහැකිය.  එසේ අවලංගු කරනවා නම් සේවා ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට මුදල් අමාත්‍යංශයට සිදු වනවා ඇත.
බැංකු බැංකු අතර පවතින ජාත්‍යන්තර විශ්වාසය මත එසේ විවෘත කරන ණයවර ලිපියට අදාල සැපයුම සිදු කර නාවික ලියකියවිලි බාරදුන් වහාම ලංකා බැංකුව විසින් ණයවර ලිපියෙහි සදහන් විදේශ විනිමය ප්‍රමාණය හොංකොං බැංකුව වෙත ප්‍රේෂණය කල යුතුය.
 
ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය මත මෙම ණයවර ලිපිය අවලංගු කිරීමට ලංකා බැංකුවට කිසිදු බලයක් නොලැබේ. 
 
ඒ සඳහා එවැනි ඉල්ලුමක් කල යුත්තේ අදාල ණයවර ලිපිය විවෘත කල මුදල් අමාත්‍යංශය විසිනි.
 
අමාත්‍ය මණ්ඩල තීරණය මත ණයවර ලිපිය නැවත කැඳවීමට හෝ අවලංගු කිරීමට බලයක් නොලැබෙන නිසා අදාල ණයවර ලිපිය තව දුරටත් වලංගු වන බව ජ්‍යේෂ්ඨ බැංකු කරුවෙකු 'ද ලීඩර්' වෙත පැවසිය.
 
 
 
 
රජය විසින් මෙම වාහන ආනයනය නතර කලද ලංකා බැංකුවේ වගකීම තව දුරටත් පවතින අතර නියමිත දිනයේදී ඒක පාක්ෂිකව සැපයුම්කරු විසින් වාහන නැවට පටවා අදාල නාවික ලියකියවිලි බැංකුවට භාර දුන් විගස රුපියල් බිලියන 3.5ක මුදලක් ගෙවීමට ලංකා බැංකුවට සිදු වනු ඇත.
 
 
යම්කිසි විදියකින් ලංකා බැංකුව ඒක පාර්ෂිකව මෙම ණයවර ලිපිය අවලංගු කිරීමට උත්සාහ කළහොත් ඉදිරියේදී කිසිම ජාත්‍යන්තර බැංකුවක් ලංකා බැංකුවේ ණයවර ලිපි නොගන්නා තත්වයක් ඇති විය හැකි බව ද බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු පැවසීය.
 
 
 
 
බලවත් සැකයකට කාරණයක් !
 
 
තවද ජපානයෙන් ආනයනය කරන වාහන 227 ක් සඳහා ජපානයේ මව් සමාගම වෙත ණයවර ලිපියක් විවෘත නොකර අතරමැදි සිංගප්පූරුවේ සමාගමකට ණයවර ලිපියක් විවෘත කිරීමට කටයුතු කිරීම බලවත් සැකයකට කාරණයකි.
 
විශේෂයෙන්ම මෙවැනි මහා පරිමාණ ගණුදෙනුවලදී ජපානයේ සමාගම්වලට කොමිස් මුදල් ගෙවීමට දැඩි බාධා පවතින අතර එය සිංගප්පූරු ඩුබායි, හොංකොං වැනි රටවලදී එතරම් ප්‍රශ්නයක් නොවේ. 
 
තවද සිය අනන්‍යතාවය හෙළිදරව් නොකරන්නැයි ඉල්ලා සිටිමින් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ දැක්වූ මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙම වාහන ආනයනය ඉතාමත් රහසිගත ආකාරයට රජය විසින් සිදුකර  ඇති බවත් ණයවර ලිපිය විවෘත කරන තුරු එය රහසක් වශයෙන් තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ය.
 
 
 
ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ,
 
 
1) රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙම වාහන ආනයනය කළේ නම් ටෙන්ඩර් මණ්ඩලයට කථානායක කාර්යාලයෙන් ඉල්ලීමක් (purchasing request ) ලැබිය යුතුය.
 
 
2) කථානායකවරයාගේ ඉල්ලීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.
 
 
3) ඉන්පසු මේ සඳහා දේශීය සහ විදේශීය සමාගම්වලින් විවෘත ටෙන්ඩර් පත් කැඳවිය යුතුය.
 
 
4) එම ටෙන්ඩර් පත් තාක්ෂණික කමිටුවකට යොමු කර අදාල මුදලට ගැලපෙන ආකාරයේ තාක්ෂණික සහ අමතර විශේෂාංග ටෙන්ඩරය දිනාගත් සමාගම විසින් සපයන බවට ඇති සහතිකය පිළිබඳව සෑහීමකට පත්විය යුතුය.
 
ඉන් පසුව අමාත්‍ය මන්ඩල ටෙන්ඩර් කමිටුව විසින් අනුමත කර අවසාන අනුමැතිය සඳහා නැවතත් 
අමාත්‍ය මන්ඩලය වෙත යොමු කල යුතුය. 
 
 
5) අදාළ ඇණවුම ක්‍රියාත්මක කිරීම සඳහා මූලික වියදම් සදහාත් 2021 වර්ෂයේ සිට කල්බදු වාරික ගෙවීම් සදහාත්  මෙවර අයවැය ලේඛණයෙන් ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයට හෝ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබිය යුතුය.
 
 
 
ඩීල් එකේ මහ මොලකරු කව්ද?
 
 
 
මේ සියල්ල රහසක් වූයේ මේ සමස්ත ක්‍රියාදාමය පිටුපස මහ මොල කරුවෙක් සිටි නිසාද?
 
මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රාජ්‍ය බැංකුවක් හරහා හොර රහසේ වාහන ආනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි පළමුවරට 'ද ලීඩර් - ගොසිප්' වසින් වාර්තා කරනු ලැබුවේ අප්‍රේල් 27 වෙනිදාය. ඒ 'පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්!' යන ශීර්ෂය යටතේය.
 
 
 
 

 
 
 
වාහන තොගය නොගෙනාවොත් ලංකා බැංකුව 'බැක්ලිස්ට්' ! 
 
 
 
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසන්නේ, සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට වූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවූවද එම වාහන ගෙන්වීම සඳහා වූ ණයවර පත් ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවයි. 
 
එවන් තත්ත්වයකදී එම වාහන තොගය ගෙන්වූයේ නැත්නම් ණයවර පත් විවෘත කරන ලද ලංකා බැංකුව අසාදු ලේඛණගත වීමේ අවදානමක් ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.
 
ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දීය.
 
මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සභාපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කර ඇත්තේ ගණුදෙනුකරුවන්ගේ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමේ තම බැංකු පිළිවෙත අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්විය නොහැකි බවයි.
 
 
 දැන් නතර කරන්න පුළුවන් ද ?
 
 
මෙම මගඩිය සම්බන්ධයෙන් දේශපාලන හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ධනුෂ්ක රාමනායක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින්, කැබිනට් එක තීන්දුවක් ගත්තට සුපිරි වාහන ගෙන්වන එක දැන් නතර කරන්න පුළුවන් දැයි' විමසා සිටියි.  
 
 
 

 

 

THE LEADER TV 
 

බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...

 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්