The Leader News
BREAKING
එක්නැළිගොඩ නඩුවේ සාක්ෂියට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට●සෞඛ්‍ය හේතු මත ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවෙයි●වරාය නගරයේ වීසා ගැන ෂානක්කියන්ගෙන් විමර්ශනාත්මක අනාවරණයක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා●ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක●කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්‍රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්●අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න - ප්‍රංශ වැසියෝ සංක්‍රමණිකයන්ට එරෙහිව වීදි බසියි●අධිකරණ නියෝගයෙන් පසු ගාලුමුවදොර අට්ටාල ඉවත් කෙරේ●ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගය කල් යයි●
Top Ad
පුවත්

පියුමි හංසමාලි නිරෝධායනට රැගෙන යන බසය ආපසු හරවන්නයි නියෝගයක් !

T

The Leader Desk

June 2, 2021 • 3:11 PM

 පියුමි හංසමාලි නිරෝධායනට රැගෙන යන බසය ආපසු හරවන්නයි නියෝගයක් !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේවුවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පසුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ අදාල පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බවයි.
  • පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
  • එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.
  • කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):
නියෝගයක් ලැබී තිබුන බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ලක්කිරීමට දැඩි ලෙස විරෝධය පළකර ඇති සරත් වීරසේකර අමාත්‍යවරයා, ඔවුන් රැගෙන යමින් සිටි බසය තුළ සිටි පොලිස් පරික්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් බසය වහාම ආපසු කොළඹට රැගෙන එන්නැයි නියෝගකර ඇතැයි පැවසේ.
 
කෙසේවුවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පසුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ අදාල පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බවයි.
 
නිරෝධායනයට යොමුකර පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද වේ.
 
පෞද්ගලික රෝහලක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ඔහුව තම භාරයට ගෙන ඇත. 
 
පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
 
පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.  
 
කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.
 
නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.
 
 

 
 

 
THE LEADER TV 
 
 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...