The Leader News
BREAKING
එක්නැළිගොඩ නඩුවේ සාක්ෂියට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට●සෞඛ්‍ය හේතු මත ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවෙයි●වරාය නගරයේ වීසා ගැන ෂානක්කියන්ගෙන් විමර්ශනාත්මක අනාවරණයක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා●ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක●කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්‍රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්●අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න - ප්‍රංශ වැසියෝ සංක්‍රමණිකයන්ට එරෙහිව වීදි බසියි●අධිකරණ නියෝගයෙන් පසු ගාලුමුවදොර අට්ටාල ඉවත් කෙරේ●ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගය කල් යයි●
Top Ad
පුවත්

එක්නැළිගොඩ නඩුවේ සාක්ෂියට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

Awara

Awara

October 16, 2026 • 5:53 PM

එක්නැළිගොඩ නඩුවේ සාක්ෂියට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයනා සෙනවිරත්න (සභාපති), නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ආරක්ෂක රැකවල් යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණය හමුවට කැඳවා තිබූ අතර, ඔහු මෙම නඩුවේ 90 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දීමට කැමැත්ත පළ කළේය.
  • හමුදා බුද්ධි අංශයේ නිල ලේඛන හැසිරවීම, යුද හමුදා නීතිමය ක්‍රියාපටිපාටීන් මෙන්ම සුරේෂ් සලේ මීට පෙර විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබූ ප්‍රකාශ පදනම් කරගනිමින් මෙහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුවිය.
  • මීට අමතරව, නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් 'මුරලි' යන අයගේ සාක්ෂිය නැවත කැඳවීමද අද දින අධිකරණය හමුවේ සිදු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ ආරක්ෂාව මැද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට

වසර දහතුනකට අධික කාලයක් පුරා මෙරට දේශපාලන හා මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව, අද කොළඹ විජේරාම මාවතේ පිහිටි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

නයනා සෙනවිරත්න (සභාපති), නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ආරක්ෂක රැකවල් යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණය හමුවට කැඳවා තිබූ අතර, ඔහු මෙම නඩුවේ 90 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දීමට කැමැත්ත පළ කළේය.

හමුදා නීතිය සහ බුද්ධි ලේඛන ගැන විමසීම්

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී.

හමුදා බුද්ධි අංශයේ නිල ලේඛන හැසිරවීම, යුද හමුදා නීතිමය ක්‍රියාපටිපාටීන් මෙන්ම සුරේෂ් සලේ මීට පෙර විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබූ ප්‍රකාශ පදනම් කරගනිමින් මෙහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුවිය.

මීට අමතරව, නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් 'මුරලි' යන අයගේ සාක්ෂිය නැවත කැඳවීමද අද දින අධිකරණය හමුවේ සිදු කෙරිණි.

නඩුවේ පසුබිම සහ චෝදනා පත්‍රය

2010 ජනවාරි 25 වන දින හෝ ඊට ආසන්න දිනකදී ගිරිතලේ, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවලදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ රහසිගතව සිරකර තැබීමේ අරමුණින් පැහැරගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර තිබේ.

නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 22 වන දිනට නියමිතය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews#sureshsally
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...