The Leader News
BREAKING
එක්නැළිගොඩ නඩුවේ සාක්ෂියට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට●සෞඛ්‍ය හේතු මත ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවෙයි●වරාය නගරයේ වීසා ගැන ෂානක්කියන්ගෙන් විමර්ශනාත්මක අනාවරණයක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා●ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක●කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්‍රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්●අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න - ප්‍රංශ වැසියෝ සංක්‍රමණිකයන්ට එරෙහිව වීදි බසියි●අධිකරණ නියෝගයෙන් පසු ගාලුමුවදොර අට්ටාල ඉවත් කෙරේ●ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගය කල් යයි●
Top Ad
පුවත්

සෞඛ්‍ය හේතු මත ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවෙයි

Awara

Awara

October 16, 2026 • 5:48 PM

සෞඛ්‍ය හේතු මත ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෝදරගම අද (16) නියෝග කළේය.
  • රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදාහැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය.
  • ජාතික රෝහලෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල සඳහන් සුවිශේෂී කරුණු සහ ප්‍රතිකාර අවශ්‍යතා පදනම් කරගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් විය.
  • විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසද මෙහිදී නියම කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛද්‍ය නිර්දේශ සලකා බැලූ අධිකරණ තීන්දුව

සිරිලිය සවිය අරමුදලට අයත් ගිණුමක මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදාහැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය.

ජාතික රෝහලෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල සඳහන් සුවිශේෂී කරුණු සහ ප්‍රතිකාර අවශ්‍යතා පදනම් කරගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් විය.

විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසද මෙහිදී නියම කෙරිණි.

හෘද රෝගී තත්ත්වය සහ නීතිඥ තර්ක

දෙවැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සිය සේවාදායිකාවගේ හෘදයේ වම් ප්‍රධාන ධමනියේ 80% සිට 90% දක්වා අවහිරතාවක් පවතින බවයි.

හදිසි බයිපාස් (Bypass) සැත්කමකට ඇය යොමු කළ යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇති බැවින්, මෙම තත්ත්වය ජීවිත අවදානමක් සහිත සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

සිද්ධියේ පළමු සැකකරු වන ප්‍රදීප් කාරියවසම් මේ වන විටත් ඇප මත මුදාහැර සිටින අතර, ඔහුද අද විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

අල්ලස් කොමිසමේ විරෝධය සහ එල්ල වූ තර්ක

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇප ලබාදීමට දැඩි විරෝධය පළ කළේය. සැකකාරිය දැනටමත් රෝහල්ගතව 14 දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ පසුවන බැවින් විශේෂ අවහිරතාවක් මතු නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

රෝහල තුළ පූර්ණ රැකවරණය සහ ප්‍රතිකාර ලැබෙන පසුබිමක ඇප ලබාදීමට තරම් සුවිශේෂී නෛතික කරුණක් නිර්මාණය නොවන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ තර්ක කළේය.

මීට පෙර නඩු වාරයකදී ප්‍රකාශ වූ කරුණක් නිවැරදි කරමින් ඔහු සඳහන් කළේ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ආධාරයක් ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 2000ක් වටිනා MRI යන්ත්‍රයක් 2014 වසරේදී යෝෂිත රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් ලබාදී පසුව ඊට අදාළ බැංකුවෙන් මුදල් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද කරුණු වාර්තා වී ඇති බවයි.

ජීවිත අවදානම සුවිශේෂී කරුණක් ලෙස පිළිගැනීම

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති වෛද්‍ය වාර්තා දෙකම පරීක්ෂා කළේය.

හෘද වස්තුවේ රුධිර සංසරණයේ බරපතළ අවහිරතාවක් පවතින බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැළකී වහා ප්‍රතිකාර ලබාදිය යුතු බවත් එම වාර්තාවලින් තහවුරු වන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මෙම රෝගී තත්ත්වය හමුවේ මතුවිය හැකි ජීවිත අවදානම නීතිමය වශයෙන් "සුවිශේෂී තත්ත්වයක්" සේ සලකමින්, විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් ඇප නියම කරන බව විවෘත අධිකරණයේ ප්‍රකාශ විය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews#shiranthirajapaksha
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...