The Leader News
BREAKING
කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා●ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක●කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්‍රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්●අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න - ප්‍රංශ වැසියෝ සංක්‍රමණිකයන්ට එරෙහිව වීදි බසියි●අධිකරණ නියෝගයෙන් පසු ගාලුමුවදොර අට්ටාල ඉවත් කෙරේ●ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගය කල් යයි●විමර්ශනයකදී සියලු කාරණා අවධානයට ගත යුතුයි - බෙහෙත් නඩුවේදී නීතිඥ අමිත ආරියරත්න කියයි●වරාය නගරයේ පොරොන්දු සහ බිම් මට්ටමේ ඇත්ත●චේගවේරා ගේ 'ගරිල්ලා යුද ක්‍රමය'●
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා

Nethmini

Nethmini

October 16, 2026 • 3:13 PM

පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුකන්දාව ද ඉතාමත් දර්ශනීය විශාල කඳු වැටියක් වේ.
  • අනෙක් පැත්තේ රංචාමඩම, කොළඹගෙආර, තිඹොල්කැටිය වැනි ප්‍රදේශ පිහිටා ඇත.
  • එනිසා ම එකල නියං සමයට අලි ඇතුන් මෙම උල්පත වෙත පැමිණ වතුර බී ප්‍රීතියෙන් කෙළි සෙල්ලමෙහි දිය උල්පත ද නොනැවතී වැලිත් සමඟ දිය බුබුළු උඩට විසි කරන බව ගම්මු පවසති.
  • මිනිසුන් පවා එතන සතුටින් කෑ ගසමින් ගත කරන අවස්ථාවල දී මේ දේ සිදුවන බවට ප්‍රවාදයෙහි එයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කළුකන්දාව ද ඉතාමත් දර්ශනීය විශාල කඳු වැටියක් වේ. එය ප්‍රමායිමක් ද වේ. කඳු වැටියේ එක් පැත්තක් පනාමුරේ ය. අනෙක් පැත්තේ රංචාමඩම, කොළඹගෙආර, තිඹොල්කැටිය වැනි ප්‍රදේශ පිහිටා ඇත.     

පොළොව තුළින් උඩට පැන නගින විශාල ජල ධාරාවක් වන මෙම නොසිඳෙන උල්පතෙහි වතුර වර්ෂා කාලයට අඩු වන අතර නියං කාලයට වැඩිවේ. එනිසා ම එකල නියං සමයට අලි ඇතුන් මෙම උල්පත වෙත පැමිණ වතුර බී ප්‍රීතියෙන් කෙළි සෙල්ලමෙහි දිය උල්පත ද නොනැවතී වැලිත් සමඟ දිය බුබුළු උඩට විසි කරන බව ගම්මු පවසති. මිනිසුන් පවා එතන සතුටින් කෑ ගසමින් ගත කරන අවස්ථාවල දී මේ දේ සිදුවන බවට ප්‍රවාදයෙහි එයි. ඒ අනුව මෙම නොසිඳෙන දිය උල්පත ශබ්දවලට ප්‍රතිචාර දැක්වීමේ සුවිශේෂී ගුණයකින් යුතුය. අදටත් මේ තත්වය පැවතියත් අනවසර මැණික් ගරන්නන් විසින් ගඟෙහි වතුර එක් පැත්තකින් උල්පත උඩින් යනසේ හරවා තිබීම හේතුවෙන් උල්පතේ මෙම ස්වභාවය දැකිය හැක්කේ ගඟේ වතුර බොර නැතිව පැහැදිලි ව තිබෙන කාලයට පමණි.

මඩුවන්වෙල රටේ මහත්තයා සිය ඇත්ගාල තැනීමට මෙම ස්ථානය තෝරා ගත්තේ මෙම උල්පත වෙත අලි ඇතුන් රංචු පිටින් පැමිණෙන බව දැන ගත් නිසා ය.     

පිටත සිට ඇත්ගාල නරඹන අය

අලි ඇතුන් කොටු කර ගැනීම සඳහා ඇත් ගාලක් තැනීම ලේසි පහසු කාර්යයක් නොවේ. මඩුවන්වෙල රටේ මහත්තයාට එය අසීරු නොවූයේ නින්දගම්වල වැසියන් ඔහුගේ අණ ඕනෑම මොහොතක ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටි නිසා ය.      

ඇත්ගාලක් ඉදි කිරීමේ දී ඊට සූදානම් වන්නේ මාස දෙක තුනකට පෙර සිටම ය. එහි වැඩ කරන සේවකයන්ට ආහාර දීම සඳහා අවශ්‍ය සහල් තනා ගැනීමට වලව්වේ වී ගබඩා පිරවීම සිදු කරයි. රටේ මහත්තයාගේ නියමය වන්නේ තමන්ගේ බරට සරිලන වේවැල් මිටියකුත් රැගෙන ඇත්ගාලේ වැඩට පැමිණිය යුතු බව ය. වල් අලි බැඳීමේ හැකියාව ඇති පුද්ගලයන්, හීලෑ අලි ඇතුන් සහ උන්ගේ අයිතිකරුවන්, මන්ත්‍රකරුවන්, ගස් කපන පුද්ගලයන්, ගිනිමැල ගසන්නන්, හෙල්ල පාවිච්චි කළ හැකි පුද්ගලයන්, වඩුවන්, කෝකියන් ආදී ඇත්ගාලක් ඉදි කිරීමේ සිට අලි ඇතුන් ගාල් කර එම සතුන් වෙන්දේසි කර අවසාන වනතෙක් ම මාස කිහිපයක කාලය තෙක් වැඩ කීරීමට අවශ්‍ය සියලුම ආකාරයේ සේවකයින් මෙහිදී සිය නින්දගම්වලින් කැඳවා ගැනේ.   



බොහෝවිට ඇත් ගාලක් ආරම්භ කරන්නේ වසරේ ජූලි මාසයේ ය. ඊට හේතුව අගෝස්තු මාසයේ නියං සමය එළඹීමත් සමග වල් අලින් රංචු පිටින් ආහාර සහ ජලය සොයා නොසිඳෙන දිය උල්පත ප්‍රදේශයට සේන්දු වීම ය. ඇත් ගාල ඉදි කරන්නේ දිය උල්පත මැදි වනසේ ය. අලින් ව එළවන විට ඉබේම ගාල වෙතට පැමිණිය හැකි ආකාරයට විශාල සැවුල් වැටවල් දෙකක් මැද්දෙන් ඉඳිකඩක් සාදා එතැනින් අලින් ඇතුළට එනවිට ඉබේම උන් තල්ලු වන්නේ වටේට වට කරන ලද අක්කර ගණනක් වූ විශාල ප්‍රදේශයකට ය. ගාල ශක්තිමත් ව ඉදි කිරීමට විශාල බුරුත කොටන් සිටුවා බුරුත කඳන්ම හරස් අතට තබා මේවා ශක්තිමත් ව බඳින්නේ වේවැල්වලිනි. පිටතින් ද ආවරණ කණු යොදා තවදුරටත් ඇත් ගාල වටා ඇති වැට ශක්තිමත් කෙරේ. එසේම සැවුල් වැට නොසෙලවිය හැකි සේ බැන්දත් අලි ඇතුන් ගාල් කර ගන්නා කොටසේ වැට ඉතා ගැඹුරු වලවල් හාරා කොටන් සිටුවා වැලි පුරවා සකස් කරන බව පැවසේ. එම වැට අලින්ට සෙලවිය හැකි වුවත් එසේ සෙලවෙන විට තව තවත් හෑරී වැලි පිරීම නිසා වැට ගැලවීමට අලි ඇතුන්ට නොහැකි වනු ඇත.      

කොටු කරගත් අලියකු බැඳීම

ඇත් ගාල වටේට ඉදි කෙරෙන්නේ ගාල් නගරයයි. ඓතිහාසික වාර්තාවල සඳහන් වන පරිදි, ඇත්ගාල අවට තාවකාලික නගරයක් ඉදි කරනු ලැබිණි. එහි ලිපි හුවමාරුව සඳහා තැපල් කාර්යාලයක්, දුර බැහැර ප්‍රදේශ සමඟ පණිවුඩ හුවමාරු කරගැනීමට විදුලි පණිවිඩ සේවාවක්, පොලිස් මුරපොළක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ආහාර සහ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට තාවකාලික විවිධ වෙළෙඳ සැල්, ඇත්ගාලේ ඉදිකිරීම් හා සංවිධාන කටයුතුවල නිරත වූ සේවකයන්ට තාවකාලික වාසස්ථාන, ඉහළ සිට ඇත් ගාල නැරඹීම සඳහා විශාල ගස් මත ආරක්ෂා සහිතව තනන ලද අට්ටාල, නරඹන්නට වාඩිවීම සඳහා උස් ව තනන ලද විශාල වේදිකා, මත්පැන් අලෙවි සැල්, දෙස් විදෙස් ප්‍රභූවරුන්ට ලිංගික සේවා සපයන්නියන් ආදී වශයෙන් එහි නොතිබුණු දෙයක් නැති තරම් ය. ඇත් ගාලේ වැඩ කරන සේවකයන්ට ආහාර සකස් කළ ස්ථානයක් වෙනම තිබිණි. එහි ආහාර සකස් කළ පසු කත්කාරයන් ආහාර කද කරෙන් ගෙන යමින් සෑම සේවකයකු සිටින තැනටම ගොස් ආහාර ලබා දිය යුතු විය.

මෙම පහසුකම් සියල්ලම 1896 වසරේ දී ආරම්භ වූ පළමු ඇත් ගාලේ සිටම පැවති බව හෝ ඒවා සියල්ල මඩුවන්වෙල රටේ මහත්තයා විසින් ම සිදු කරන ලද බව නිශ්චිතව තහවුරු වී නැත. මේ විස්තර කළේ පනාමුරේ ඇත් ගාල පවත්වන විට එහි සිදු වූ සාමාන්‍ය පිළිවෙළයි.     

ඇත්ගාලේ වැට

පසුකාලයක මඩුවන්වෙල රටේ මහත්තයා විසින් ඉදි කරන ලද පනාමුරේ කුඩා වලව්ව මෙම ඇත් ගාල නිසාම ඉදිකරන ලද්දක් බව පැවසේ. පනාමුරේ ට පැමිණි විට මඩුවන්වෙල රටේ මහත්තයා නවාතැන් ගත්තේ එහි ය. විශේෂම කාරණාව නම් ඇත් ගාල නැරඹීම සඳහා පැමිණි දෙස් විදෙස් ප්‍රභූවරුන්ට මෙහේ නවාතැන් සපයා දී ආහාර, විදේශීය මත්පැන් වර්ග සහ කාන්තාවන් ද සේවක කාරකාදීන් ලවා සපයා දුන් බව ප්‍රකට කරුණකි. එනිසාම ගම්මුන් මෙය හඳුන්වා තිබුණේ ඇතින්නියන් වලව්ව ලෙසිනි. ඇත් ගාලේ සිට කිලෝමීටරයකට ආසන්න දුරක් පනාමුරේ දෙසට එනවිට මේ ඇතින්නියන් වලව්ව පිහිටා තිබිණි. මේ වනවිට එය පිහිටි භූමිය පෞද්ගලික ඉඩමක් වන අතර එම වලව්ව දැන් එහි නැත.

තවත් කොටසක් ලබන සතියේ 
මෙම විස්තර සපයා දුන් පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාට ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා

ඉන්දු පෙරේරා

ලේඛිකා

ඉන්දු පෙරේරා යනු සාහිත්‍ය නිර්මාණ, මාධ්‍ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.

View all stories by ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Panamure Elephant Kraal
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...