BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

පොලිසියේ කඳුළු ගෑස් 70%ක් පුස්කාලා !

T

The Leader Desk

September 15, 2026 • 4:17 AM

පොලිසියේ කඳුළු ගෑස් 70%ක් පුස්කාලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *විරෝධතා මැඬලීමට භාවිත නොවීම නිසා තොග ගොඩගැසුණු බව ජනපති පවසයි
  • හදිසි මිලදී ගැනීම් යටතේ මීට වසර පහකට පමණ පෙර මෙරටට ගෙන්වන ලද තොග මෙලෙස කල් ඉකුත් වීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.
  • 2022 වසරේ පැවති මහජන අරගල සමයෙන් පසුව විරෝධතා පාලනය සඳහා කඳුළු ගෑස් භාවිතය අවම මට්ටමකට පැමිණීම මෙම තොග ඉතිරිවීමට ප්‍රධාන සාධකයක් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
  •   මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති හමුවකදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, වත්මන් පාලන කාලය තුළ මහජන උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා කඳුළු ගෑස් හෝ බැටන් ප්‍රහාර භාවිත නොකළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*කල් ඉකුත් වූ උණ්ඩ ඉවත් කිරීම සහ ප්‍රමිතීන් පිළිබඳව නැවතත් අවධානයක්  

ශ්‍රී ලංකා පොලිසිය සතු කඳුළු ගෑස් තොගවලින් සියයට හැත්තෑවකට (70%) ආසන්න ප්‍රමාණයක් භාවිතයට නොගැනීම හේතුවෙන් කල් ඉකුත් වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි. හදිසි මිලදී ගැනීම් යටතේ මීට වසර පහකට පමණ පෙර මෙරටට ගෙන්වන ලද තොග මෙලෙස කල් ඉකුත් වීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.  

විරෝධතා අවම වීම සහ තොග ඉතිරිවීම  

සාමාන්‍යයෙන් මෙරටට ආනයනය කරනු ලබන කඳුළු ගෑස් උණ්ඩයක ක්‍රියාකාරී ආයු කාලය වසර පහක් වන අතර, නියමිත කාලය ඉක්මවූ පසු ඒවා භාවිතයෙන් ඉවත් කර විනාශ කිරීම සම්මත ක්‍රමවේදයයි. 2022 වසරේ පැවති මහජන අරගල සමයෙන් පසුව විරෝධතා පාලනය සඳහා කඳුළු ගෑස් භාවිතය අවම මට්ටමකට පැමිණීම මෙම තොග ඉතිරිවීමට ප්‍රධාන සාධකයක් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.  

මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති හමුවකදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, වත්මන් පාලන කාලය තුළ මහජන උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා කඳුළු ගෑස් හෝ බැටන් ප්‍රහාර භාවිත නොකළ බවයි. එම හේතුවෙන් පොලිසිය සතු කඳුළු ගෑස් තොග කල් ඉකුත් වී ඇති බවට පොලිස්පතිවරයා තමා වෙත තොරතුරු ඉදිරිපත් කළ බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.  

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීම  

ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍යයෙන් විදේශීය සැපයුම්කරුවන්ගෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා මෙම උණ්ඩ මිලදී ගන්නා අතර, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හරහා ඒවා දිවයින පුරා පිහිටි කැරලි මර්දන ඒකක සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත බෙදා හරිනු ලබයි.  

කෙසේ වෙතත්, හදිසි කැරලි මර්දන හා ආරක්ෂක අවශ්‍යතාවලදී භාවිත කිරීම සඳහා ප්‍රමාණවත් නව කඳුළු ගෑස් තොග තවදුරටත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.  

ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ සෞඛ්‍ය අවදානම  

කඳුළු ගෑස් (ප්‍රධාන වශයෙන් CS ගෑස්) කල් ඉකුත් වූ පසු ඒවායේ අඩංගු රසායනික සංයුතිය වෙනස් විය හැකි බවටත්, එමගින් ශ්වසන පද්ධතියට සහ සමට අනපේක්ෂිත සංකූලතා ඇතිවිය හැකි බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් සහ සෞඛ්‍ය සංවිධාන පෙන්වා දී තිබේ.  

මීට පෙර පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හමුවේද මෙම කරුණ සාකච්ඡාවට ලක්වූ අතර, කල් ඉකුත්වූ කිසිදු කඳුළු ගෑස් උණ්ඩ මහජන පාලනය සඳහා භාවිත නොකර නිසි ක්‍රමවේදයට අනුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිස් බලධාරීන්ට මඟපෙන්වීම් ලබා දී තිබිණි.  


මුලාශ්‍රය :

අරුණ පුවත්පත් වාර්තාව
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසියේ කඳුළු ගෑස් 70%ක් පුස්කාලා ! | The Leader