ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ එළඹෙන පැය 72 ඇතුළත මෙම ගැටලුවලට විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවයි.
රෝහල් පද්ධති තුළ සිදුවන අඩුපාඩු සඳහා අමාත්‍යංශ බලධාරින් වග කිව යුතුයි - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ GMOA කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුවන අකටයුතුකම් සහ විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් මෙන් ම ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් සාධනීය පියවරක් නොගන්නේ නම් එළඹෙන 11වන දින උදැසන 08 සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
එමෙන් ම එම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ දී රෝහල් පද්ධතිය තුළ සිදුවන කිසියම් අඩුපාඩුවක් වේ නම් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් වග කිව යුතු බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් ආයතන සංග්‍රහය අමතක කරලා - වෛද්‍ය හංසමාල් වීරසූරිය
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ GMOA සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් ආයතන සංග්‍රහයේ සඳහන් මාරු මණ්ඩල කොටස අමතක කරමින් අත්තනෝමතික ලෙස කූට උපක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
දැනට පවතින ස්ථාන මාරු ගැටලුව වහා විසඳිය යුතු බව අවධාරණය කරන වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් නොදෙන්නේ නම් ලංකාවේ පිහිටි සියලුම රෝහල්වල වෛද්‍යවරු 11වන දින උදැසන 08 සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.




