2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 99(2) හා 7(1)ඔ වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025' වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපති සහ මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත මෙම වාර්තාව පිළිගැන්වීණි.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි කේ.එම්.ඒ.එන්. දවුලගල, නියෝජ්‍ය අධිපති කේ.ජී.පී. සිරිකුමාර, ප්‍රධාන ගණකාධිකාරි ලසන්ති සිරිමාන්න සහ ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමුද්‍රා ජයසුන්දර යන අය සහභාගි වූහ.
එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සටහනක් තබමින් මහ බැංකුව මෙසේද කියා සිටි.
* 'ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම 2025' වාර්තාව මඟින් 2025 වසරේ මහ බැංකුවේ ආයතනික කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කෙරෙයි. මෙහෙයුම් තොරතුරු, මුල්‍ය ප්‍රකාශ සහ අතිරේක තොරතුරු යනුවෙන් ප්‍රධාන පරිච්ඡේද තුනකින් මෙම ප්‍රකාශනය සමන්විත වේ.
* ඊට අමතර ව ගෙවුණු වසර 75ක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම කටයුතු වල විකාශය සිදු වූ ආකාරය පිළිබඳ විශේෂ සටහන් ද මෙම ප්‍රකාශනයට ඇතුළත් වේ.
* මෙහෙයුම් තොරතුරු පරිච්ජේදය මඟින් මහ බැංකුවේ උපාය මාර්ගය, දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීම යන මත බැංකුවේ ප්‍රධාන වගකීම, ගෙවීම් සහ පියවීම් පද්ධතිය අධීක්ෂණය, ව්‍යවහාර මුදල් මෙහෙයුම් කළමනා කරණය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අන්තර් ජාතික කටයුතු, නියෝජිත කාර්යයන් ඇතුළු පවරන ලද වෙනත් වගකීම් සහ ආයතනික අභ්‍යන්තර කළමනා කරණය පිළිබඳ තොරතුරු පැහැදිලි කෙරෙයි.
* මූල්‍ය ප්‍රකාශන පරිච්ජේදය මඟින් ජාත්‍යන්තර මුල්‍ය වාර්තා කරණ ප්‍රමිතීන්ට අනුකූල වී සකස් කරන ලද 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ එයට අදාළ ස්වාධීන විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කෙරෙයි.
* 2025 වසරේ මහ බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ විශ්ලේෂණයක් සපයන මුල්‍ය විවරණයක් ද මෙම පරිච්ඡේදයෙහි ඇතුළත් වේ.
* අතිරේක තොරතුරු පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පිළිබඳ විස්තර සහ මහ බැංකුව මඟින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ආයතන පිළිබඳ ව තොරතුරු සපයයි.
(සටහන | ජේ. මුණසිංහ)




