The Leader News
BREAKING
Top Ad
පුවත්

සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට ජනපති අනුර කුමාරට ආරාධනා!

T

The Leader Desk

July 23, 2026 • 11:49 AM

සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට ජනපති අනුර කුමාරට ආරාධනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නේරු විවෘත කළ පූජනීය විහාරයේ මහෝත්සවයට ජනාධිපතිතුමන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
  • 2027 වසරේ නොවැම්බර් මාසයට යෙදෙන මෙම 75 වන සංවත්සර උත්සවය සඳහා සහභාගී වන ලෙස කරන ලද ආරාධනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සතුටින් පිළිගත් බව බානගල උපතිස්ස නා හිමියෝ සඳහන් කළහ.
  • 1952 වසරේදී ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් විවෘත කරන ලද මෙම විහාරස්ථානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සබඳතාවල තවත් එක් ප්‍රබල සංකේතයක් ලෙස සැලකේ.
  • එමෙන්ම, මුම්බායි හි ප්‍රකට මාධ්‍යවේදී ශකීල් සිද්දික් විසින් රචනා කරන ලද බානගල උපතිස්ස නා හිමියන්ගේ චරිතාපදානය ඇතුළත් "අංජලිකරණීයෝ" ග්‍රන්ථයේ විශේෂ පිටපතක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පූජා කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ නායකත්වය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්; 'අංජලිකරණීයෝ' ග්‍රන්ථය ද පිළිගන්වයි



ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සර මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් ආරාධනා කර තිබේ.

සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ඊයේ (22) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම ආරාධනය සිදුකර ඇත.

2027 වසරේ නොවැම්බර් මාසයට යෙදෙන මෙම 75 වන සංවත්සර උත්සවය සඳහා සහභාගී වන ලෙස කරන ලද ආරාධනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සතුටින් පිළිගත් බව බානගල උපතිස්ස නා හිමියෝ සඳහන් කළහ.

WhatsApp Image 2026 07 23 at 15.31.13

ඓතිහාසික පසුබිම සහ සාංචි චේතියගිරි විහාරය

ධර්මාශෝක අධිරාජයාගේ සමයේ ඉදිකරන ලදුව පසුව නටඹුන් බවට පත්ව තිබූ සාංචි ස්ථූප සංකීර්ණයෙන්, බ්‍රිතාන්‍ය පාලන සමයේදී පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද අග්‍රශ්‍රාවක සැරියුත්-මුගලන් මහ රහතන් වහන්සේලාගේ උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර මෙම චේතියගිරි විහාරය ඉදිකරන ලදී.

1952 වසරේදී ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් විවෘත කරන ලද මෙම විහාරස්ථානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සබඳතාවල තවත් එක් ප්‍රබල සංකේතයක් ලෙස සැලකේ.

සාකච්ඡා වූ කරුණු සහ ග්‍රන්ථ පිළිගැන්වීම

WhatsApp Image 2026 07 23 at 15.31.13 1
ජනාධිපතිවරයා සමඟ පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මඟින් ඉන්දියාවේ සහ ජපානයේ සිදුකරනු ලබන ධර්ම ප්‍රචාරක කටයුතු මෙන්ම, ශ්‍රී ලංකාවේ යොෂීඩා සමාජ හා සංස්කෘතික පදනම මඟින් ක්‍රියාත්මක කරනු ලබන ළමා අධ්‍යාපනික සහ සමාජසේවා වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මුම්බායි හි ප්‍රකට මාධ්‍යවේදී ශකීල් සිද්දික් විසින් රචනා කරන ලද බානගල උපතිස්ස නා හිමියන්ගේ චරිතාපදානය ඇතුළත් "අංජලිකරණීයෝ" ග්‍රන්ථයේ විශේෂ පිටපතක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පූජා කරන ලදී.

හමුවට එක්වූ නියෝජිතයන්:
මෙම අවස්ථාව සඳහා සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමි, ලුණුගම්වෙහෙර විමලානන්ද හිමි සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...