2019 අප්‍රෙල් 21වන සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් නොකිරීම පිළිබඳව විරෝධය පෑම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්
විසින් එළඹෙන 21 සෙනසුරාද කලු කොඩි දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
එම විරෝධතාවය ප්‍රකාශයට පත්කරමින් උන්වහන්සේ අද (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එකී ප්‍රහාරයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා තමන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවන ලද ලිපියට පිළිතුරක් ලැබුණේ දින 24කට පසුව බව පවසන උන්වහන්සේ, එය හුදෙක් ලාමක පිළිතුරක් බව සිට නිවේදනය මගින් කියා සිටිති.
කාදිනල් හිමියන් ජනාධිපතිවරයා වෙත එම ලිපිය යොමුකර තිබුනේ, පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවී තිබියදීත් එය පිටුපස තිබූ කුමන්ත්‍රණය රටට හෙළිදරව් කිරීමට රජය අසමත් වී තිබීම ජාතික ආරක්ෂාවට මහත් අනතුරක් බැවින් ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍යය රටට හෙළිදරව් කරන සේ ඉල්ලමිනි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්, ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු යොමු කරමින් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර පසුගියදා දැනුම් දී තිබුනේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්ට මේ මස ඇතුළත නඩු පවරා අධි චෝදනා පත්‍ර භාරදීමට හැකියාව ඇති බව නීතිපතිවරයා විසින් දැනුම් දී බවයි.
''සත්‍ය යටපත් කිරීමට මෙරට පාලකයින් සිතා සිටින බව පැහැදිලියි..''
අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් නිකුත් කරන ලද දීර්ඝ ප්‍රකාශයෙහි දැක්වෙන අදහස කෙටියෙන් මෙසේය:
මෙම රජය බලයට පැමිණියේ මාසයක් ඇතුළත එම ප්‍රහාරයන් පිළිබඳ ඇතත් රටට හෙළි දරව් කරන බවට පොරොන්දු වෙමිනි.
නිදහසින් පසු මෙරට සිදුව ඇති මිනීමරුම්, අතුරුදහන් කිරීම්, දේශපාලන පළිගැනීම්, පැහැගෙන යාම් දෙස බැලූ විට ඒ පිටුපස බොහෝවිට තිබෙන්නේ දේශපාලන බල හස්තයයි. එම කිසිඳු අපරාධයක් සම්බන්ධයෙන් සත්‍ය මෙතෙක් හෙළි දරව් වී නොමැත.
පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් ද එසේ සත්‍ය යටපත් කිරීමට මෙරට පාලකයින් සිතා සිටින බව පැහැදිලිය.
මෙම තත්වය ඉවසා සිටිය යුතු නැත.
ඊට විරුද්ධ වීම සියලු දෙනාගේ යුතුකමයි.
වසංගතතය පාලනය කිරීමට දැරෙන ප්‍රයත්නයන්ට බාධාවක් නොවන ලෙස අපි 21 දා කලු කොඩි ඔසවන්නෙමු.
එමෙන්ම අප සමඟ එක්ව කලු කොඩියක් ඔසවන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.
වසංගත තත්වය දඩමිමා කරගෙන ජනතා ඉල්ලීම් යටපත් කිරීමට දැරෙන තැතට අප ඉඩ නොදිය යුතුයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ලිපිය පහත පළවේ.
''අපි මේක ජාත්‍යන්තරයට අරගෙන යනවා ''
මේ අතර 'පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය සොයා පෙළගැසෙමු' යන මැයෙන් අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුයේ, වත්මන් රජයෙන් සාදාරන විසඳුමක් නොලැබුණහොත් මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර අරගෙන යන බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට සියලු පක්ෂවල නියෝජනයක් සිදුවන පරිදි නව කමිටුවක් පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
"එක දේශපාලන පක්ෂයක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින් පත්කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නෑ. මේ සිදුවේගෙන යන ක්‍රියාදාමය තුළින් සත්‍ය එළියට එයි කියලා අපිට කිසිසේත් විශ්වාස කරන්නට බෑ. නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුවක් පත්කරන්න අවශ්‍ය නම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන කමිටුවක් වියයුතුයි."
(මුලාශ්‍රය : srilankabrief.org)
සබැඳි පුවත් :
THE LEADER TV
යෝෂිතගෙන් අලුත් කරණමක්!
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?