සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ,
"1996 අපි ලෝකයේ දෙවැනි තැනට හිටියේ සියදිවි හානි කරගැනීම අතින්. ලක්ෂයට 47යි. ඒ කාලය ඇතුළත ජනාධිපති කොමිසමත් එක්ක ඒ ගත්ත තීරණ එක්ක සෑහෙන්න පහළ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ලක්ෂයකට 15යි. අවුරුද්දකට 3,500යි.
මේ අවුරුදු දෙක තුනේ තාම වැඩි වෙලා නෑ. දවසකට සියදිවි නසා ගැනීම් 8ක් වගේ වෙනවා. මාධ්‍යයට යන්නේ ප්‍රසිද්ධ එකක් විතරයි. තව ගොඩක් සියදිවි හානිකර ගැනීම් වෙනවා. සියදිවි නසා ගැනීම්වල ලොකු වෙනසක් නැති වුණත් මේ ආන්දෝලනාත්මක සියදිවි නසාගැනීම් මේ දිනවල සිදුවුණා. නමුත් මාධ්‍යවලින් ඒ වගේ දේවල් දැන් මුල් කාලයේ වගේ වාර්තා කරන්නේ නෑ. ඒක ලොකු ප්‍රගතියක්."
| aruna





