BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
පුවත්

රුපියල් ලක්ෂ 80ක දූෂණ චෝදනාව: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

T

The Leader Desk

September 4, 2026 • 3:40 PM

 රුපියල් ලක්ෂ 80ක දූෂණ චෝදනාව: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රඟහලට පුටු ගත් ගනුදෙනුව: හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු දෙදෙනාට ඇප
  • සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බව සඳහන් කළේය.
  • ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
  • දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අල්ලස් කොමිසමෙන් අධිකරණයට දැක්වූ කරුණු සහ ජොන්ස්ටන්ට දුන් ඇප නියෝගය

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 79කට අධික පාඩුවක් සිදුකිරීම සහ දූෂණය යන චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය.

මෙසේ ඇප හිමිවූයේ හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ අදාළ ගනුදෙනුවට සම්බන්ධ ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගමේ හිමිකරු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයටයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

රුපියල් 7,973,114.50ක පාඩුවක් කළ බවට එල්ල වන චෝදනාව

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල වෙනුවෙන් පුටු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී නිසි ප්‍රමිතීන්ට අනුකූලව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය මඟහැර, ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගම වෙතින් එම භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු සලසා ඇති බවයි.

එම ක්‍රියාවලිය හරහා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට (CECB) රුපියල් 7,973,114.50ක (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහක) සෘජු මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බවට නීතිමය කරුණු ගොනුකර ඇත. ඒ අනුව, බාහිර පාර්ශ්වයකට අයුතුසහගත වාසියක් අත්පත් කරදෙමින් "දූෂණය" නැමැති වරද සිදුකිරීම සහ ඊට "ආධාර අනුබල දීම" යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව මෙම නඩුකරය ක්‍රියාත්මක වේ.


අතීත විමර්ශන සහ සතොස දේපළ භාවිතය පිළිබඳ පරීක්ෂණ

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට එරෙහිව රාජ්‍ය සම්පත් අයථා පරිහරණය සම්බන්ධයෙන් මීට පෙරද නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක විය. හිටපු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් තමන්ට අයත් එතනෝල් ව්‍යාපාරයක කටයුතු සඳහා යොදාගනිමින් රජයේ දේපළ අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව ඔහු සිය බාල පුත් ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු සමඟ මීට පෙර අත්අඩංගුවට පත්ව පසුව ඇප ලැබීය.

ඊට අමතරව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවමින් නීති විරෝධී ලෙස එතනෝල් බලපත්‍ර ලබා ගැනීම, බදු පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය යන කරුණු සම්බන්ධයෙන් ද 2015 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කරනු ලබන කරුණු මත මෙම සියලු නඩුකරයන් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ දිනවලදී විමර්ශන වාර්තා කැඳවීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුපියල් ලක්ෂ 80ක දූෂණ චෝදනාව: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ | The Leader