The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

විදුලි ගාස්තු වැඩිවීම: තීරණය මැයි 9

T

The Leader Desk

April 29, 2026 • 7:31 AM

විදුලි ගාස්තු වැඩිවීම: තීරණය මැයි 9

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක් අනුව, 2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් අප්‍රේල් 27 වනදා අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
  • කොමිෂන් සභාව විසින් සකස් කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාවට අනුව, රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් මැයි 10 සිට විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතය.
  • එමෙන්ම ගෘහස්ත හා ආගමික ස්ථාන ඇතුළු පාරිභෝගිකයන්ගේ 95%කට ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ කර ඇත.
  • තවද, පොදු කාර්ය, රාජ්‍ය ආයතන සහ සංචාරක හෝටල් කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයන්ට ද ගාස්තු ඉහළ නොදැමීමට යෝජනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක් අනුව, 2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් අප්‍රේල් 27 වනදා අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

කොමිෂන් සභාව විසින් සකස් කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාවට අනුව, රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් මැයි 10 සිට විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතය.

එමෙන්ම ගෘහස්ත හා ආගමික ස්ථාන ඇතුළු පාරිභෝගිකයන්ගේ 95%කට ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ කර ඇත.

තවද, පොදු කාර්ය, රාජ්‍ය ආයතන සහ සංචාරක හෝටල් කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයන්ට ද ගාස්තු ඉහළ නොදැමීමට යෝජනා කර තිබේ.

 කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩයට ද එම සහනය ලැබෙන අතර, ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවන අතිරේක පිරිවැය විදුලි ගාස්තු තුළට ඇතුළත් නොකිරීමටද තවදුරටත් පියවර ගෙන ඇත.

මේ අතර, 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බව කොමිෂන් සභාව ඇස්තමේන්තු කරයි.

එම හිඟයෙන් රුපියල් බිලියන 15ක් රජය සහනාධාරයක් ලෙස ලබා දීමට මහ භාණ්ඩාගාරය දැනුම් දී තිබේ.

අප්‍රේල් 29 වනදා ප්‍රකාශයට පත් කළ මෙම උපදේශන පත්‍රිකාවට අනුව, විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම අද සිට මැයි 6 දක්වා සිදු කිරීමට නියමිතය.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...