The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන

T

The Leader Desk

April 18, 2026 • 3:17 AM

ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ හේතුවෙන් තත්ත්වයෙන් බාල ගල්අඟුරු සැපයීම හේතුවෙන් පාඩුවක් සිදුව ඇත්තේ, රජයට නොව අදාළ ගල්අඟුරු සැපයුම් සමාගමට බව අමාත්‍ය හෙතෙම පැවසීය.
  • බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසීය.
  • මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, නැව් 3කට අදාළව රුපියල් කෝටි 500කට අධික මුදලක් එම සමාගමට ගෙවීමට නියමිතව තිබුණද පරීක්ෂණ වාර්තා අසමත් වූ බැවින් එම ගෙවීම් සිදුනොකරන බවය.
  • එමෙන්ම අදාළ සමාගම සමග ඇතිකර ගත් කාර්යසාධන බැඳුම්කරය අනුව රුපියල් කෝටි 450ක මුදලක් පවතින බවත්, ඒ අනුව රුපියල් කෝටි 960ක් මෙරට සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හේතුවෙන් තත්ත්වයෙන් බාල ගල්අඟුරු සැපයීම හේතුවෙන් පාඩුවක් සිදුව ඇත්තේ, රජයට නොව අදාළ ගල්අඟුරු සැපයුම් සමාගමට බව අමාත්‍ය හෙතෙම පැවසීය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ  (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, නැව් 3කට අදාළව රුපියල් කෝටි 500කට අධික මුදලක් එම සමාගමට ගෙවීමට නියමිතව තිබුණද පරීක්ෂණ වාර්තා අසමත් වූ බැවින් එම ගෙවීම් සිදුනොකරන බවය.

එමෙන්ම අදාළ සමාගම සමග ඇතිකර ගත් කාර්යසාධන බැඳුම්කරය අනුව රුපියල් කෝටි 450ක මුදලක් පවතින බවත්, ඒ අනුව රුපියල් කෝටි 960ක් මෙරට සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

"ආනයනය කළ ගල්අඟුරුවල උපදින බලශක්තියේ අඩුවක් තිබෙනවා''

"ආනයනය කළ ගල්අඟුරුවල උපදින බලශක්තියේ අඩුවක් තිබෙනවා. ඒකෙන් පාඩුවක් වෙනවා. නමුත් මහජන උපයෝගීතා කොමිසම ඉතා පැහැදිලිව කිව්වා, විදුලිබිල ගණනය කිරීමේදී කිසිසේත්ම ඒ පාඩුව කිසිසේත්ම විදුලිබිලට එකතු කරන්නේ නැහැ කියලා.

විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් ආසන්න වශයෙන් රුපියල් 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවගෙන තිබෙනවා. ගණනය කරලා තිබෙනවානේ බාල ගල්අඟුරු නිසා රුපියල් මිලියන 8,000 (කෝටි 800)ක් පාඩු වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි කෝටි 915ක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා මේකේ කිසිම පාඩුවක් ජනතාවට වෙන්නේ නෑ.

විදුලිබිල ගණනය කරන්න බලය තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසමට. ඔවුන් වාර්තා කරලා තිබෙනවා ඒක විදුලිබිලට කොහෙත්ම එකතු කරන්නේ නැහැ කියලා.


ඉතින් මේකෙන් පාඩුවක් වෙලා තිබෙනවා, හැබැයි පාඩුව වෙන්නේ සමාගමට. ඔවුන් දඩ ගෙවලා තියෙන්නේ. මේ පාඩුව ජනතාවටවත්, ආණ්ඩුවටවත් යන්නේ නෑ" බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

"සැපයුම්කරුවා ගල්අඟුරු පටවන වරාය ආසන්නයේ තිබෙන පරික්ෂණාගාරයෙන් අසමත් වුණොත් කිසිම දෙයක් ගෙවන්නේ නෑ. එතනින් පාස් වෙලා ආවොත් අපි 80%කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතුයි. නමුත් සමහර ඒවා තියෙනවා අපි 80%ත් ගෙවලත් නෑ.

ඊට අමතරව සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවා තියෙනවා Performance Bond එක කියලා එකක්. මේකට ඩොලර් මිලියන 15ක් තියෙනවා. රුපියල් වලින් කෝටි 450ක්. එකත් අපි ලඟ තියෙනවා. අපි ගෙවලා තියෙන්නේ 80%ට අඩුවෙන්. එතනත් කෝටි 500ක වගේ ප්‍රමාණයක් තියෙනවා ගෙවන්න තියෙන ගාන" යනුවෙන් පැවසීය.

''මෙරටට ගෙනා ගල්අඟරු නැවත පටවා යැවීමට හැකියාවක් නැහැ'' - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

එහිදී අදහස් දැක්වු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් පැවසුවේ, කිසිදු විටකදී මෙරටට ගෙනා ගල්අඟරු නැවත පටවා යැවීමට හැකියාවක් නොමැති බවත්, දඩ අයකරනු ලබන්නේ එම පාවිච්චි කිරීමත් සමග ඇති වන පාඩුවට බවත් සඳහන් කළේය.

"නැව් 3ක පාඩුව සහ Performance Bond (කාර්යසාධන බැඳුම්කරය) එකතු කරලා තමයි කෝටි 960ක් තියෙන්නේ. මෙම පරීක්ෂණවලින් ඒක තහවුරු වුණොත්. දැනට තහවුරු වුණු පරීක්ෂණ වාර්තා අනුව තමයි මේ මුදල ගණනය කරලා තියෙන්නේ".

ප්‍රශ්නය -
පාවිච්චි කරපු දේකට කොහොමද දඩ අය කරන්නේ?


"අපේ කාලේ විතරක් නෙමෙයි ගිය ආණ්ඩු කාලෙත් දඩ කරලා තියෙනවා. ඒ, අයකරලා තියෙන්නේ පාවිච්චි කරපු ගල්අඟුරුවලට. ඒ නිර්ණායකවලට එන්න බැරි වුණොත්, ආසන්න වශයෙන් පිරිවිතර 10ක් පමණ තියෙනවා. ඒ තත්ත්වයන් අවේ නැති වුණෙත් දඩ අය කරනවා. ගල්අඟරු අපිට නැවත පටවලා යවන්න විදියක් නෑ" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...