The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

'ආපදා අවමකිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ කළ හැකියි' - ආචාර්ය නිරංග අලහකෝන්

T

The Leader Desk

September 3, 2025 • 11:11 AM

'ආපදා අවමකිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ කළ හැකියි' - ආචාර්ය නිරංග අලහකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආපදා අවමකිරීම හා පූර්ව දැනුම් දීමට අදාල තීරණ ගැනීමේදී තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සම්බන්ධ කළ හැකි බව පර්යේෂක හා අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ (IWMI) ආපදා කළමනාකරණ විශේෂඥ ආචාර්ය නිරංග අලහකෝන් පෙන්වා දෙයි.
  • ඔහු මේ බව පෙන්වා දුන්නේ දකුණු ආසියානු විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු ආපදා අවම කිරීම සඳහා පූර්ව දැනුම් දිම් හා ක්‍රියාමාර්ග පිලිබඳ දකුණු ආසියානු කතිකාව පසුගිය 28දා කොළඹදී පැවැති අවස්ථාවේදීය.
  • දුර්යෝග් නිවාරන් ජාලය මගින් වාර්ෂිකව පවත්වන මෙම දකුණු ආසියානු කතිකාව මෙවර 2025 වසර සඳහා වෙන්වූයේ, ආපදා අවදානම අවම කිරීම හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම යන කරුණු අරභයා, දේශීයව හා අන්තර්ජාතිකව බලපාන ප්‍රධාන තීරණ පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමටයි.
  • ආපදා අවදානම් කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීම්වලට ආදාලව තීරණ ගැනීමේදී දත්ත රැස් කිරීම සහ අධීක්ෂණය ප්‍රධාන අංශ බව ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ආපදා අවමකිරීම හා පූර්ව දැනුම් දීමට අදාල තීරණ ගැනීමේදී තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සම්බන්ධ කළ හැකි බව පර්යේෂක හා අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ (IWMI) ආපදා කළමනාකරණ විශේෂඥ ආචාර්ය නිරංග අලහකෝන් පෙන්වා දෙයි.

ඔහු මේ බව පෙන්වා දුන්නේ දකුණු ආසියානු විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු ආපදා අවම කිරීම සඳහා පූර්ව දැනුම් දිම් හා ක්‍රියාමාර්ග පිලිබඳ දකුණු ආසියානු කතිකාව පසුගිය 28දා කොළඹදී පැවැති අවස්ථාවේදීය.

දුර්යෝග් නිවාරන් ජාලය මගින් වාර්ෂිකව පවත්වන මෙම දකුණු ආසියානු කතිකාව මෙවර 2025 වසර සඳහා වෙන්වූයේ, ආපදා අවදානම අවම කිරීම හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම යන කරුණු අරභයා, දේශීයව හා අන්තර්ජාතිකව බලපාන ප්‍රධාන තීරණ පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමටයි.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කතිකාවට සහභාගීවෙමින්
ආපදා අවමකිරීම හා පූර්ව දැනුම් දීමට අදාල තීරණ ගැනීමේදී තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සම්බන්ධ කළ හැකි ආකාරය සවිස්තරාමත්කව ඉදිරිපත් කරමින් පර්යේෂක හා අන්තර්ජාතික ජල කලමනාකරණ ආයතනයේ (IWMI) ආපදා කලමනාකරණ විශේෂඥ ආචාර්ය නිරංග අලහකෝන් ප්‍රධාන දේශනය පැවැත්විය.

ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී දත්ත භාවිතා කළ හැකි ආකාරය, විවිධ සංසිද්ධීන් ඇසුරින් පැහැදිලි කිරීමක් මෙම දේශනයේදී ඔහු ඉදිරිපත් කළේය.

 

"දේශගුණික විපර්යාස ආපදා අවදානම් තීව්‍ර කරන අතර නාගරීකරණය හරහා, පවතින තත්ත්වය වැඩි අවදානම් තත්ත්වයකට නිරාවරණය කරයි," ආචාර්ය අලහකෝන් පැවසුවේය.

 

ආපදා අවදානම් කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීම්වලට ආදාලව තීරණ ගැනීමේදී දත්ත රැස් කිරීම සහ අධීක්ෂණය ප්‍රධාන අංශ බව ඔහු අවධාරණය කළේය.

“අවබෝධතා වර්ධනය රජයේ නිලධාරීන්ට පමණක් සීමා නොවී, එය ප්‍රජා මට්ටමට ළඟා විය යුතුය. ආයතනයන් විසින් ලබා දෙන තොරතුරුවල නිරවද්‍යතාවය ජනතාව ඇගයීමට ලක්කරන්නේ එවිටයි. පූර්ව නිගමන ක්‍රියාමාර්ග සඳහා දත්ත ගත යුත්තේ එලෙසයි,” ඔහු පැවසුවේය. දත්ත රැස්කිරීමට හුරු පරිසරයක් පවත්වාගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.

 

Pic 3ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ
ශ්‍රී ලංකා ආපදා  කලමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ද මෙම අවස්ථාවේදී ප්‍රධාන දේශනයක් පැවැත්විය.

Pic 1

දුර්යෝග් නිවාරන් ජාලයේ සභාපති අචුත් ලුටෙල්

 

දුර්යෝග් නිවාරන් ජාලයේ සභාපති අචුත් ලුතෙල්, පිළිගැනීමේ කතාව පවත්වමින් පැවසුයේ වර්තමාන අභියෝගය වන්නේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ජනතාව කේන්ද්‍ර කරගත් සහ ක්‍රියාකාරී පද්ධතීන් බවට සහතික කිරීම බවයි.

මෙම උත්සවයේ මූලික අංගයක් වූ සංවාදශීලි විද්වත් සාකච්ඡාවට දකුණු ආසියාවේ ප්‍රවීණයින් සහභාගිවූහ. ඉන්දීයාවේ ආපදා අවමකිරීමේ ආයතනයේ (All India Disaster Mitigation Institute) හි අධ්‍යක්ෂ මිහිර් භාත්, International Rescue කමිටුවේ බංගලාදේශයේ අධ්‍යක්ෂ හසීනා රහ්මාන්, ADRRN ආයතනයේ සභාපති ටකේෂි කොමිනෝ යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විද්වත් සාකච්ඡාවට සහභාගී විය. දුර්යොග් නිවාරන් ජාලයේ මෙහෙයුම් කමිටු සාමාජික කරින් ප්‍රනාන්දු සාකච්ඡාව මෙහෙයවූවාය.

 

Pic 4විද්වත් සාකච්ඡාව අතරතුර
ලෝක ආහාර වැඩසටහනේ (WFP) ආසියානු ශාන්තිකර කලාපයේ තාක්ෂණික ප්‍රධානී ආචාර්ය ජෝතිගනේෂ් සුන්දරම්, ආපදා අවමකිරීමේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ උපදේශක රීස් රුගන්කෝ චන්චායි, නේපාලයේ දලිත් කාන්තා අයිතිවාසිකම් සංසදයේ (DWRF) වැඩසටහන් කළමනාකරු ශ්‍රිජනා පරජුලි යන විද්වතුන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ විශේෂඥ දැනුම හා අත්දැකීම් බෙදාගත්හ.

තායිලන්තයේ ස්වීඩන් තානාපති කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා අංශයේ ජේෂ්ඨ වැඩසටහන් නිලධාරී ක්‍රියාන්ක්‍රායි තිතිමකොන් විසින් පැවැත්වූ නිමා කිරීමේ කතාව සමඟින් ආපදා කලමනාකරණය පිලිබඳ 2025 වසරේ දකුණු ආසියානු කතිකාව අවසන් කෙරිණි.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...