The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

AI Governance පිළිබද ගෝලීය සංවාදය ජූලි 6-7 ජිනීවා හිදී

T

The Leader Desk

May 10, 2026 • 4:07 PM

 AI Governance පිළිබද ගෝලීය සංවාදය ජූලි 6-7 ජිනීවා හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසාගේ මොලය හා මතකය භාවිත කර කරනු ලබන දත්ත සැකසීම සදහා පරිගණක මූලික වශයෙන් භාවිත වූ අතර AI වලදී සිදුවනුයේ මිනිසාගේ දැනුම් පදනම් කරගෙන සිතීමේ ශක්තිය හා තීරණ ගැනීමේ හැකියාව විවිධ මට්ටම් වලින් පරිගණකය හරහා ලබා දීමය.
  • මෙම AI භාවිතය විශාල ලෙස මිනිසාට හා ලෝකයට හිතකර ප්‍රයෝජන ලබා දුන්නද ඒ මගින් යම් අභියෝග ද ඇති කරනු ලබයි.
  • ඩිජිටල් සම්පත් හිමි හා අහිමි පංති පරතරය එනම් ඩිජිටල් පංති බේදය හෝ Digital Divide වල නව ස්වරූපය වන කෘතිම බුද්ධියේ පංති බේදය ( AI Divide) මෙහිදී දියුණු වෙමින් පවතින රටවලට මෙන්ම ලොව දියුණු රටවලටද යම් අභියෝග ඇති කරනු ලබයි.
  • එමෙන්ම මේ පිළිබද ප්‍රතිපත්ති, නියාමනයන් මෙන්ම නීතිරීති නොමැතිකම නිසා විශාල ගැටලු අනාගතයේදී ඇතිවිය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

අතර භාවිතයට එක්වී ඇත.

මිනිසාගේ මොලය හා මතකය භාවිත කර කරනු ලබන දත්ත සැකසීම සදහා පරිගණක  මූලික වශයෙන් භාවිත වූ අතර AI වලදී සිදුවනුයේ මිනිසාගේ දැනුම් පදනම් කරගෙන සිතීමේ ශක්තිය හා තීරණ ගැනීමේ හැකියාව විවිධ මට්ටම් වලින් පරිගණකය හරහා ලබා දීමය. ඒ අනුව වෛද්‍යවරයකු මෙන් උපදෙස් ලබා දීම ආදී වශයෙන්  විවිධ භාවිතයන් සඳහා AI භාවිත කරනු ලබයි.


මෙම AI භාවිතය විශාල ලෙස මිනිසාට හා ලෝකයට හිතකර ප්‍රයෝජන ලබා දුන්නද ඒ මගින් යම් අභියෝග ද ඇති කරනු ලබයි. ඩිජිටල් සම්පත් හිමි හා අහිමි පංති පරතරය එනම් ඩිජිටල් පංති බේදය හෝ Digital Divide වල නව ස්වරූපය වන කෘතිම බුද්ධියේ පංති බේදය ( AI Divide) මෙහිදී දියුණු වෙමින් පවතින රටවලට මෙන්ම ලොව දියුණු රටවලටද යම් අභියෝග ඇති කරනු ලබයි. එමෙන්ම මේ පිළිබද ප්‍රතිපත්ති, නියාමනයන් මෙන්ම නීතිරීති නොමැතිකම නිසා විශාල ගැටලු අනාගතයේදී ඇතිවිය හැක.


මේ නිසා AI දියුණුවේ ප්‍රතිලාභ ලෝකයේ සැමට සමාන ලෙස ගලා යාමටත්, වඩාත් ආරක්ෂිතව AI භාවිතයට ගැනීමටත්, AI භාවිතය තුල මානව හිමිකම් සුරැකීම මෙන්ම AI භාවිතය තුල මානුෂීක අධීක්ෂණය, AI පිලිබද ප්‍රතිපත්ති හා නීති රීති සැකසීම මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව  ගොඩ නැගීම ඉලක්ක කරගැනීමට ලෝකයටම අවශ්‍යව ඇත.  

2024 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත ගෝලිය ඩිජිටල් සම්මුතිය (UN Global Digital Compact) තවදුරටත් ඉදිරියට ගෙන යමින් උක්ත අරමුණු සාක්ෂාත් කරගැනීමට AI Governance පිළිබදව ලෝක මට්ටමේ සංවාදයක් (UN Global Dialogue on AI Governance) පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත.

මේ පිළිබදව ශ්‍රී ලංකික ප්‍රජාව දැනුවත් කිරීම මුල්වරට ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් තුල ශ්‍රී ලංකාවේ ප්‍රජාව දැනුවත් කිරීම TV Supreme විසින් පසුගියදා සිදුකරන්නට යෙදුනි. ඒ අනුව 2026 ජුලි මස 6-7 දිනවල ස්විට්සර්ලන්තයේ  ජිනිවා හිදී පවත්වන මෙම ගෝලීය සංවාදය ගැන TV Supreme Good Morning වැඩසටහන මගින් කරුණු හෙළිදරව් කලේ ජාත්‍යන්තර වාණිජ මංඩලයේ (ICC) ශ්‍රී ලංකා ශාඛාවේ ඩිජිටල් ආර්ථික කමිටුවේ සභාපති දිලන්ත විතානගේ හා තොරතුරු  තාක්ෂණවේදී අබ්දුල් කරීම් යන අය විසිනි.

ICC ගෝලීය මට්ටමෙන් මෙම සංවාදයට සහභාගීවන අතර මේ වනවිට ICC ශ්‍රී ලංකා ශාඛාව ලෙස මෙම එක්සත් ජාතීන්ගේ ගෝලීය සංවාදයට ශ්‍රී ලංකාවේ සම්බන්ධකිරීමට ක්‍රියාකරන බව පැවසූ දිලන්ත විතානගේ මෙහිදී මෙම මාතෘකාව ශ්‍රී ලංකික ප්‍රජාව දැනුවත් කරන ප්‍රධානධාරවේ මාධ්‍ය ලෙස TV Supreme කරනු ලබන පුරෝගාමී මෙහෙය අගය කරනු ලැබීය.


ඩිජිටල් ආර්ථිකය ගොඩ නැගීමේදී AI මෙන්ම සයිබර් ආරක්ෂාව අතිශය වැදගත් වන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂාව පිළිබද ජාතික මධ්‍යස්ථානයේ  හිටපු සභාපති දිලන්ත විතානගේ  මෙහිදී රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව එකා මෙන් ක්‍රියා කිරීම ඩිජිටල් පරිවර්තනය ට මෙන්ම ගෝලීය ආර්ථිකය සමග ක්‍රියා කිරීමේදී අත්‍යවශ්‍ය බව පැහැදිලි කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර  හා කොළඹ  විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණ කථිකාචාර්ය ලෙස සේවය කල දිලන්ත විතානගේ 2000-2005 සමයේ පාසල් පද්ධතියට  ICT විෂය හඳුන්වාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ  උපදේශක ලෙස පුරෝගාමී නායකත්වය ලබා දෙන ලදී.


මේ ගෝලීය සංවාදය පිළිබද TV Supreme News යටතේ ද තොරතුරු ඉදිරිපත් කල අතර ඉදිරි මාස දෙක තුල සැම බදාදා දිනකම උදෑසනTV Supreme ඔස්සේ මෙම විෂය ගැන ජනතාව දැනුවත් කිරීමටත්, රාජ්‍ය, රාජ්‍ය නොවන, පෞද්ගලික  අංශය, මාධ්‍ය හා අධ්‍යාපන අංශ දැනුවත් කිරීමටත් නියමිතය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

AI Governance පිළිබද ගෝලීය සංවාදය ජූලි 6-7 ජිනීවා හිදී | The Leader