The Leader News
BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදීන්ට එරෙහි පීඩනයන් හමුවේ වෘත්තීය සමිති විරෝධය දැඩි වෙයි: BBC කැඳවීම හකුළා ගනී!

T

The Leader Desk

July 22, 2026 • 6:40 AM

මාධ්‍යවේදීන්ට එරෙහි පීඩනයන් හමුවේ වෘත්තීය සමිති විරෝධය දැඩි වෙයි: BBC කැඳවීම හකුළා ගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්තාකරණයට එරෙහිව BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට යැවීමේ උත්සාහයට විරෝධය
  • එම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර අදාළ මන්ත්‍රීවරිය සම්බන්ධ කරගෙන කරුණු විමසීමට මාධ්‍යවේදීන් කටයුතු කර තිබුණ ද, ඇය නිසි ප්‍රතිචාරයක් ලබාදීමෙන් වැළකී ඇති බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.
  • එසේම, පුවත පළවීමෙන් පසුව ද "පිළිතුරු දීමේ අයිතිය" (Right of Reply) භාවිත නොකර මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට යොමුකිරීම අත්තනෝමතික ක්‍රියාවක් ලෙස වෘත්තීය සමිති හඳුන්වයි.
අකුරු ප්‍රමාණය (Font Size):


* හමුදාපති ආරක්ෂක රථය ගැටීමේ සිද්ධිය වීඩියෝගත කළ මාධ්‍යවේදී ළහිරු දොළොස්වලට වූ හිරිහැරය ගැන ජනාධිපතිට ලිපියක්


පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමුකරන ලද වරප්‍රසාද පැමිණිල්ලකට අනුව BBC සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවීමට ගත් උත්සාහය එල්ල වූ දැඩි විරෝධය හමුවේ හකුළාගෙන ඇති බව වාර්තා වේ.

එළඹෙන ජූලි 23 වැනිදාට යෙදී තිබූ මෙම කැඳවීම නැවැත්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළ ද, මාධ්‍ය ආයතනයක් වරප්‍රසාද කමිටුවට කැඳවීමට දැරූ උත්සාහයම ගැටලු සහගත බව පෙන්වා දෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කර ඇත.

BBC වාර්තාකරණය සහ නීතිමය පදනම පිළිබඳ මතභේදය

අනුරාධපුර බාලවයස්කාර දැරියක අපයෝජනය වීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් BBC සිංහල සේවය වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර අදාළ මන්ත්‍රීවරිය සම්බන්ධ කරගෙන කරුණු විමසීමට මාධ්‍යවේදීන් කටයුතු කර තිබුණ ද, ඇය නිසි ප්‍රතිචාරයක් ලබාදීමෙන් වැළකී ඇති බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි. එසේම, පුවත පළවීමෙන් පසුව ද "පිළිතුරු දීමේ අයිතිය" (Right of Reply) භාවිත නොකර මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට යොමුකිරීම අත්තනෝමතික ක්‍රියාවක් ලෙස වෘත්තීය සමිති හඳුන්වයි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු ස්ථාවර නියෝග යටතේ පිහිටුවන ලද නීතිමය බලතල සහිත කාරක සභාවක් නොවන බැවින්, එහි සිදුවීම් වාර්තා කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ලෙස සැලකීමට නෛතික පදනමක් නොමැති බවයි.

ජනමාධ්‍යවේදී ළහිරු දොළොස්වලගේ සිදුවීම සහ ජනාධිපතිවරයාට කළ දැනුම්දීම

මේ අතර, The Morning පුවත්පතේ වෙබ් කර්තෘ ළහිරු දොළොස්වල ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ බව කියන හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම මැදිහත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා තිබේ.

පසුගිය ජූලි 15 වැනිදා හමුදාපතිවරයාගේ ආරක්ෂක මෝටර් රථ පෙළට අයත් වාහනයක් ළහිරු දොළොස්වල ගේ පෞද්ගලික රථයේ ගැටීමෙන් පසු, එම සිද්ධිය වීඩියෝගත කිරීමට උත්සාහ කිරීමේදී කොමාන්ඩෝ නිලධාරියෙකු තර්ජනය කර ඇති බවත්, පසුව වැලිකඩ පොලිස් ස්ථානයේදී පැමිණිල්ල සටහන් කිරීමේදී පැමිණ සිටි හමුදා නිලධාරීන්ගේ බලපෑම් මත දුරකථනයේ තිබූ වීඩියෝ සාක්ෂි බලහත්කාරයෙන් මකා දමා ඇති බවත් සංගමය චෝදනා කරයි.

සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා මෙකී සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව විනය පියවර ගත යුතු බවත්, ජනමාධ්‍ය නිදහස සහ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...