භාවිතා නොකර සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා පමණක් බවත්, කංසා ශාකයේ ඕනෑම කොටසක් (බීජ, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා හැරීමෙන් තොරව විනාශ කිරීමට නීති සහ රෙගුලාසි පනවමින් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මීරිගම ප්‍රදේශයේ අක්කර 64 ක ඉඩමක කංසා වගාව ආරම්භ කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාවේ පවතින නීති සහ රෙගුලාසිවලට අනුකූලව මෙම වගාවන් දැඩි ආරක්ෂක පියවරයන් යටතේ සිදු කළ යුතු බවත් ආයෝජන මණ්ඩලය කියා සිටී.
කංසා වගා කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කරනු ලබන අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද එයට සහාය දක්වයි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කංසා භාවිතයෙන් ඖෂධ නිෂ්පාදනය සහ පර්යේෂණ සඳහා නිෂ්පාදන අපනයනය කිරීමයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් 37 න්, සුදුසුකම් සපුරා ඇති විදේශීය ආයෝජකයින් 7 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මාස 6 ක මූලික කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් නිකුත් කර ඇත. මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආකාරය අනුව වගා කාලය අනාගතයේදී දීර්ඝ කිරීමට නියමිතය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා, ආයෝජකයෙකු අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මූලික ආයෝජනයක් කළ යුතු අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2 ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතුය.
(සටහන | ජේ.මුණසිංහ)





