The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
පුවත්

ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70 අල්ලස් චෝදනාව: නාමල්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක්

T

The Leader Desk

September 26, 2026 • 5:58 PM

ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70 අල්ලස් චෝදනාව: නාමල්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණය ලබාදුන් විශේෂ අවසරයකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගැනීම සිදුකර ඇත.
  • කොළඹ කොටුවේ අක්කර හතරක ඉඩම සහ අල්ලස් චෝදනාව මෙම විමර්ශනයට මූලික වී ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් අක්කර 4.3ක වටිනා ඉඩමක්, දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් (Krrish Transworks Colombo) සමාගම වෙත පවරා ගැනීමට පහසුකම් සැලසීමේ සිදුවීමකි.
  • එම ඉඩම අත්පත් කර ගැනීම සහ ඊට අදාළ රාජ්‍ය අනුමැතීන් කඩිනම් කර දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
  • ජානකී සිරිවර්ධන රිමාන්ඩ්; අධිකරණයෙන් ලැබුණු අවසරය මෙම මුදල් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන පසුගිය 24 වැනිදා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

* හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 06 දක්වා රිමාන්ඩ්; ඉන්දීය අධ්‍යක්ෂවරුන්ටත් වරෙන්තු සූදානමක්

 

කොළඹ කොටුව ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවකට අදාළව ඉන්දීය සමාගමකින් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

 

අධිකරණය ලබාදුන් විශේෂ අවසරයකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගැනීම සිදුකර ඇත.

 

කොළඹ කොටුවේ අක්කර හතරක ඉඩම සහ අල්ලස් චෝදනාව

 

මෙම විමර්ශනයට මූලික වී ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් අක්කර 4.3ක වටිනා ඉඩමක්, දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් (Krrish Transworks Colombo) සමාගම වෙත පවරා ගැනීමට පහසුකම් සැලසීමේ සිදුවීමකි.

 

එම ඉඩම අත්පත් කර ගැනීම සහ ඊට අදාළ රාජ්‍ය අනුමැතීන් කඩිනම් කර දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

 

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්; අධිකරණයෙන් ලැබුණු අවසරය

 

මෙම මුදල් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන පසුගිය 24 වැනිදා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

 

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දැනට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදීම ප්‍රකාශයක් ලබාගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

 

නීතිමය තර්ක සහ නව දූෂණ විරෝධී පනත

 

මෙම සිදුවීමට අදාළව මීට පෙර මහාධිකරණයේ ගොනුකර තිබූ සාපරාධී විශ්වාසය කඩකිරීමේ නඩුවකට අමතරව තවත් නඩුවක් පවත්වාගෙන යෑම පිළිබඳව විත්තියේ නීතිඥවරුන් අධිකරණයේදී කරුණු මතු කර තිබිණි.

 

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් ලබාදීම සහ ලබාගැනීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කොමිසමට පූර්ණ නෛතික බලයක් පවතින බවයි.

 

මේ අතර, අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දියාවේ රැඳී සිටින අමිත් කත්‍යාල් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ඔක්තෝබර් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

ආගමික වතාවත් මධ්‍යයේ දේශපාලන පසුබිම

 

මේ අතර, නාමල් රාජපක්ෂට ආශිර්වාද පතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කැලණිය රජමහා විහාරයේදී විශේෂ බෝධි පූජාමය පිංකමක්ද සංවිධානය කර තිබිණි.



 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70 අල්ලස් චෝදනාව: නාමල්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක් | The Leader