The Leader News
BREAKING
Top Ad
පුවත්

රේගු භාරයේ තිබෙන BYD වාහන 991ක් මුදා හැරීමට එකඟතාවයක්

T

The Leader Desk

August 7, 2025 • 2:46 PM

රේගු භාරයේ තිබෙන BYD වාහන 991ක් මුදා හැරීමට එකඟතාවයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(08) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර තිබේ.
  • අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත.
  • එහිදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පැවසුවේය.
  • මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ඇතුළත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(08) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර තිබේ.

අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එහිදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පැවසුවේය.


ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම විසින් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.


මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ඇතුළත් විය.

ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුලත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියක් වේ.

ඊට අමතරව නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම ඇතුළු කොන්දේසි කීපයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට ඇතුළත් කළ ලිපියේ සඳහන් විය.

එම කොන්දේසි අතුරින් බොහොමයකට තමන් එකඟ බව පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නාය.

ඉන් අනතුරුව අදාල වාහන මුදා හැරීමට අධිකරණය හමුවේ එකඟතාවය පළ විය.


මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද දින අදාල බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාල වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවය.


ඒ අනුව අදාල බැංකු ඇපකරය අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නාය.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 03 වනදා යළි කැඳවීමටද නියම විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රේගු භාරයේ තිබෙන BYD වාහන 991ක් මුදා හැරීමට එකඟතාවයක් | The Leader