The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
පුවත්

අනෝජන් වෙනුවෙන් යාපනයේ පහන් දැල්වෙයි

T

The Leader Desk

September 24, 2026 • 4:29 PM

අනෝජන් වෙනුවෙන් යාපනයේ පහන් දැල්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ්ගෙන් පූර්ණ මානුෂීය සහාය; සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනයක්.
  • සමාජ මාධ්‍ය සටහනක් පදනම් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු වන ශිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නය මේ වන විට තීරණාත්මක අදියරකට එළඹ තිබේ.
  • යාපනයේදී ඉටිපන්දම් දල්වා රාජකීය සමාව අයැදියි මේ අතර, අනෝජන්ගේ ජීවිතය රැකදෙන ලෙස සවුදි රජුගෙන් සහ එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් යාපනයේදී ඉටිපන්දම් දල්වා සාමකාමී විරෝධතාවක් පැවැත්විණි.
  • සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවේදී ඔවුන් අවධාරණය කළේ, සිදුවූ වරද කෙරෙහි සානුකම්පිතව සලකා බලා තරුණයාට රාජකීය ක්ෂමාදානය පිරිනමන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

* මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ්ගෙන් පූර්ණ මානුෂීය සහාය; සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනයක්.

සමාජ මාධ්‍ය සටහනක් පදනම් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු වන ශිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නය මේ වන විට තීරණාත්මක අදියරකට එළඹ තිබේ.

  

යාපනයේදී ඉටිපන්දම් දල්වා රාජකීය සමාව අයැදියි

 

මේ අතර, අනෝජන්ගේ ජීවිතය රැකදෙන ලෙස සවුදි රජුගෙන් සහ එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් යාපනයේදී ඉටිපන්දම් දල්වා සාමකාමී විරෝධතාවක් පැවැත්විණි. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවේදී ඔවුන් අවධාරණය කළේ, සිදුවූ වරද කෙරෙහි සානුකම්පිතව සලකා බලා තරුණයාට රාජකීය ක්ෂමාදානය පිරිනමන ලෙසයි.

 

නැගෙනහිර පළාතේ නාර්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනෝජන්ට මුලින් වසර 5ක සිරදඬුවමක් සහ රියාල් මිලියන 3ක දඩයක් නියම වී තිබුණද, පසුව සවුදි අභියාචනාධිකරණය මඟින් එය මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බවට තොරතුරු වාර්තා විය.

 

(iMage: Kumanan Knapathipillei)

 

jaffna3 20260924(iMage: Kumanan Knapathipillei)

 

මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ්ගේ මානුෂීය සහාය

 

මෙම මෙහෙයුමේ මූලික පියවරක් ලෙස  ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යන ජනාධිපති නීතිඥවරුන් දෙපළ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේදී හමුවී අදාළ නීතිමය සහ මානුෂීය පසුබිම පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ.

 

එම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති නෂීඩ් පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්‍රකාශය මුස්ලිම් සමාජය තුළ සංවේදී ගැටලුවක් මතු කළද, අසරණ තරුණයකුගේ ජීවිතය වෙනුවෙන් තමන් මානුෂීය පදනමින් පෙනී සිටින බවයි. ඒ අනුව සවුදි රාජ්‍ය නායකත්වය වෙත කරුණු දැක්වීමේදී තමන්ට ලබාදිය හැකි උපරිම කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා සහතික වී ඇත.

 

nasheed1 20260923

 

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනයක්

  

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන රජයේ රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණයට සමගාමීව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සවුදි බලධාරීන් සමඟ අඛණ්ඩව කරුණු සාකච්ඡා කරමින් සිටී. මේ අතර රජය විසින් සවුදි රජු වෙත යොමුකිරීමට නියමිත රාජකීය ක්ෂමාදාන ඉල්ලීම් පත්‍රය භාරදීම සඳහා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක්ද ඉදිරියේදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...