BREAKING
Top Ad
පුවත්

හිරුණිකාගේ සිරදඬුවමට එරෙහි අභියාචනා පෙත්සම යළි කැඳවයි

T

The Leader

September 24, 2026 • 8:40 AM

හිරුණිකාගේ සිරදඬුවමට එරෙහි අභියාචනා පෙත්සම යළි කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * මහාධිකරණ තීන්දුවේ නීතිමය දෝෂ ඇතැයි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට කියයි
  •   සිය සේවාදායිකාව වරදකාරිය කිරීමට මහාධිකරණය එළඹුණු නිගමනය කරුණුමය මෙන්ම නීතිමය වශයෙන්ද බරපතළ දෝෂයන්ගෙන් යුක්ත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, එම නඩු තීන්දුව තුළ පවතින නීතිමය අඩුපාඩු සවිස්තරාත්මකව විනිසුරු මඩුල්ල හමුවේ විග්‍රහ කර සිටියේය.
  •   නීතිපතිගේ කරුණු දැක්වීම 29 වැනිදාට   ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
  •   එම තීන්දුව බලරහිත කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ගොනු කරනු ලැබූ අතර, අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඇයව ඇප මත මුදා හැරීමට මහාධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

* නීතිපතිගේ කරුණු දැක්වීම සඳහා පෙත්සම් විභාගය සැප්තැම්බර් 29 දක්වා කල් තැබේ

 

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය නියම කළ සිරදඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 29 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 

මෙම පෙත්සම පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිණි.

 

"මහාධිකරණ තීන්දුව නීතිමය වශයෙන් දෝෂ සහිතයි"

 

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින්, සිය සේවාදායිකාව වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කළේය.

 

සිය සේවාදායිකාව වරදකාරිය කිරීමට මහාධිකරණය එළඹුණු නිගමනය කරුණුමය මෙන්ම නීතිමය වශයෙන්ද බරපතළ දෝෂයන්ගෙන් යුක්ත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, එම නඩු තීන්දුව තුළ පවතින නීතිමය අඩුපාඩු සවිස්තරාත්මකව විනිසුරු මඩුල්ල හමුවේ විග්‍රහ කර සිටියේය.

 

නීතිපතිගේ කරුණු දැක්වීම 29 වැනිදාට

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය. එදිනට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් අදාළ අභියාචනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ කරුණු දැක්වීම සිදු කිරීමට නියමිතව තිබේ.

 

නඩුවේ පසුබිම

 

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී වෙළෙඳසැල් සේවකයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සාපරාධී බියවැද්දීමක් සිදු කළ බවට එල්ල වූ චෝදනා 18කට වරදකරු කරමින්, කොළඹ මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් නියම කරනු ලැබීය.

 

එම තීන්දුව බලරහිත කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ගොනු කරනු ලැබූ අතර, අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඇයව ඇප මත මුදා හැරීමට මහාධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...