The Leader News
BREAKING
Top Ad
පුවත්

සෙව්වන්දි සමග උපන්දින සැමරූ CCDයේ OICට දැඩි විනය ක්‍රියාමාර්ග

T

The Leader Desk

March 30, 2026 • 4:50 PM

සෙව්වන්දි සමග උපන්දින සැමරූ CCDයේ OICට දැඩි විනය ක්‍රියාමාර්ග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය සැමරීමේ සිද්ධියට අදාලව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් පැවසිය.
  • ඔහු එබව කියා සිටියේ, පොලිස් මූලස්ථානයේ අද (30) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
  • සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් ඉකුත් දා කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී කේක් කපා සමරා ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
  • ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා විසින් රැගෙනවිත් තිබූ කේක් කපා මෙහිදී උපන්දිනය සමරා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය සැමරීමේ සිද්ධියට අදාලව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් පැවසිය.

ඔහු එබව කියා සිටියේ, පොලිස් මූලස්ථානයේ අද (30) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය ඉකුත් වසරේදී මෙරටට රැගෙන ආ අතර සැකකාරිය මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් ඉකුත් දා කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී කේක් කපා සමරා ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා විසින් රැගෙනවිත් තිබූ කේක් කපා මෙහිදී උපන්දිනය සමරා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

එම කොට්ඨාසය තුළදී කේක් කපා, සැකකාරියගේ උපන්දිනය සැමරූ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවකදී කළ විමසීමකදී, අදාළ නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

“විශේෂයෙන් රජයේ සේවකයෝ කියන්නේ විධායකය නි‍යෝජනය කරන අය. අපට තියෙනවා වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක්. මෙයට අනුව කිසිදු අපරාධකරුවකු හෝ කිසිදු අපරාධකාරියක සමඟ සම්බන්ධතාවක් පවත්වන්නට බෑ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පුද්ගලිකවම එම අපරාධ කොට්ඨාසයට ගොස් විමර්ශනයක් ආරම්භ කළා.

විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශනය කරලා එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවරක් ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හැම පොලිස් නිලධාරියෙක්ම වෘත්තීය ආචාර ධර්මවලට අනුගත වෙලා මේ වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අයුරුන් කටයුතු කළ යුතුයි”

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...