The Leader News
BREAKING
Top Ad
පුවත්

කතානායක වහාම අත්අඩංගුවට ගන්න - නව ජනතා පෙරමුණෙන් CID යට පැමිණිල්ලක්

T

The Leader Desk

August 11, 2025 • 3:52 PM

කතානායක වහාම අත්අඩංගුවට ගන්න - නව ජනතා පෙරමුණෙන් CID යට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දී ඇත.
  • කතානායක, කොළය වසා ගසන වැඩක ''පසුගිය දිනවල කතානායක තුමන් විසින් තමාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන බවට පුවතක් වාර්තා වුණා.
  • මීට මාසයකට ප්‍රථම පාර්ලිමේන්තු තොරතුරු දැන ගැනීමේ අංශයෙන් අප විසින් විමසා සිටියේ කතානායකවරයා නිල නිවාස දෙකක් භාවිතා කිරීම හා කතානායක නිල නිවාසයට කාර්ය මණ්ඩල පත් කිරීම හා ලොරිස් නිවාස සංකීර්ණයේ පදිංචි වීම සම්බන්ධව තොරතුරු ලබා දෙන ලෙසයි.
  • මේ පිළිබඳව තොරතුරු විමසන බවට පුවත පළ වුණාට පස්සෙ කතානායකතුමන් තම නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තීරණය කරලා ඇති බවට නිවේදනය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දී ඇත.

මතු පළ වන්නේ එම පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මාධ්‍ය හමුවේ කළ අදහස් දැක්වීම ය.

කතානායක, කොළය වසා ගසන වැඩක  

''පසුගිය දිනවල කතානායක තුමන් විසින් තමාගේ නිල නිවස පාර්ලිමේන්තු  අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන බවට පුවතක් වාර්තා වුණා. මීට මාසයකට ප්‍රථම පාර්ලිමේන්තු තොරතුරු දැන ගැනීමේ අංශයෙන් අප විසින් විමසා සිටියේ කතානායකවරයා නිල නිවාස දෙකක් භාවිතා කිරීම හා කතානායක නිල නිවාසයට කාර්ය මණ්ඩල පත් කිරීම හා ලොරිස් නිවාස සංකීර්ණයේ පදිංචි වීම සම්බන්ධව තොරතුරු ලබා දෙන ලෙසයි.

මේ පිළිබඳව තොරතුරු විමසන බවට පුවත පළ වුණාට පස්සෙ කතානායකතුමන් තම නිල නිවස පාර්ලිමේන්තු  අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තීරණය කරලා ඇති බවට නිවේදනය කළා. හැබැයි කතානායක නිල නිවස පර්යේෂණ මධ්‍යයස්ථානයක් බවට පත් කරන්න බෑ. මොකද ආයතන සංග්‍රහය අනුව උප ලේඛණ ගත නිල නිවසක් වන නිසා. ඒ නිසා කතානායක නිල නිවස වෙනත් කටයුත්තක් සඳහා යොදවනවා නම් කැබිනට් අනුමැතියක් ලබා ගත යුතුයි.

කතානායකතුමන් කරන්න හදන්නේ කොළය වහලා ගහන  වැඩක්. එතුමා කැබිනට් අනුමැතිය නොගෙන පාර්ලිමේන්තු උපදේශන කාර්ය සභාවේ අනුමැතිය අරගත් බව සඳහන් කරලා තියෙනවා. පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවට එවැනි බලයක් නැත. පැහැදිලිව පෙනි යන්නේ කතානායකතුමන් රාජ්‍ය දේපල අවභාවිතා කර ඇති බවයි. එම නිසා ඔහු වහාම අත් අඩංගුවට ගත යුතුයි.

අල්ලස් හා දූෂණ කොමිසම් සභාව මර නින්දේ

කතානායකතුමන් සදාචාර සම්පන්න විරෝධිව සිදු කරන මෙම ක්‍රියාව නිසා ලැජ්ජ විය යුතුයි. මහජන මුදලින් නඩත්තු වන ඔබතුමන්ලා බලයට පැමිණෙන විට කියා සිටියේ වාහන එපා, ඉන්ධන එපා, කාර්ය මණ්ඩල එපා කියලා. නමුත් මේ වනවිට කතානායකතුමා ලීටර් 1500 කට වඩා තෙල් භාවිතා කරනවා. කතානායකතුමා ගෙවල් දෙකක ඉන්නවා. කාර්ය මණ්ඩල 15 දෙනකු පත් කරගෙන සිටිනවා. මේක ද පුනරුද ආණ්ඩුවේ ඇත්ත කියලා අපි අහන්න කැමති.

මේ දෙවන අවස්ථාව. මීට ප්‍රථම අල්ලස් හා දූෂණ කොමිසම් සභාවට ද පැමිණිල්ලක් බාරදුන්නා මේ පිළිබඳ සොයා බලා කටයුතු කරන්න කියලා. ඒත් කිසිදු ක්‍රියා පිළිවෙතක් නෑ. නමුත් අපි මේ අසාධාරණ ක්‍රියා දාමයන් සඳහා දිගින් දිගටම මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කරමින් සත්‍ය හෙළි දරව් කිරිමට කටයුතු කරනවා. නමුත් අද වනවිට ලූණු ගොවින්, අල ගොවීන්, වට්ටක්කා ගොවීන් පාරට බැහැලා තම අස්වැන්න විකුණ ගන්න බැරිව මෙන්න රටේ තත්වය.

ජාතික ආරක්ෂාව බිද වැටිලා තැන තැන බල්ලෝ බළල්ලු ගානට මිනි මැරුම් සිදු වෙනවා. රටේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින රටේ රාජ්‍ය දේපල අව භාවිතා කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

ජනපතිගේ විස්කි ගෝලයෝ

පසුගිය දිනවල දී ජනාධිපතිතුමා මාලදිවයින සංචාරයට ගොස් පැමිණෙන විට ආරක්ෂක අංශ නිලධාරින් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් විස්කි බෝතල් ලබා ගන්නවා. ඉන්පසු ඔවුන්ට අපූරු දඩුවමක් ලෙස ස්ථාන මාරුවීම් ලබා දෙනවා. වෙන රාජ්‍ය නිලධාරියකු මෙය සිදු කරානම් හිරේ විලංගුවේ යොදවලා රාජපක්ෂ හෙන්චයියන් විසින් මෙය සිදු කළ බව පවසලා තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිතුමන්ගේ පිරිස විසින් සිදු කළ නිසා මේ ගැන කිසිදු විමර්ශනයක් නෑ.

 අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ විධිමත් පරීක්ෂණයක් CCTV දර්ශන මගින් සොයා බලා සිදු කර වැරදි කරුවන්ට දඩුවම් ලබා දෙන්න කියලා; ඔවුන්ගේ වැඩ තහනම් කර අත්අඩංගුව ගන්න කියලා.''

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...