The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ අල්ලස් සිද්ධිය විමර්ශන සඳහා අල්ලස් කොමිසම සහ CID ඕස්ට්‍රේලියාවට!

T

The Leader Desk

July 20, 2026 • 2:44 PM

 ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ අල්ලස් සිද්ධිය විමර්ශන සඳහා අල්ලස් කොමිසම සහ CID ඕස්ට්‍රේලියාවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවන සහ තෙවන සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා පියවර ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු
  • නිමල් පෙරේරා නමැති අය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, එරටදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන කණ්ඩායම කටයුතු කිරීමට නියමිතය.
  • එමෙන්ම, අල්ලස් මුදල් සංසරණය වූ බවට සැක කෙරෙන දෙවන සැකකාරියගේ එරට පවතින බැංකු ගිණුම් විගණනය කිරීමට සහ පරීක්ෂා කිරීමට අදාළ ජාත්‍යන්තර අධිකරණ නියෝග ද මේ වන විට නිකුත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
  • පළමු සැකකරුගේ මරණය සහ නෛතික තත්ත්වය මෙම මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා අභිරහස් ලෙස මියගොස් තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඕස්ට්‍රේලියාවේ සිටින බැංකු ගිණුම් හිමිකරු නිමල් පෙරේරාගෙන් ප්‍රකාශ ගැනීමට සහ සැකකාරියගේ ගිණුම් පරීක්ෂාවට අධිකරණ නියෝග

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් යානා 10කින් සමන්විත බලඇණියක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් අද (20) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා මෙම නිලධාරීන් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

මෙම නඩුකරයේ දෙවන සැකකාරිය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ප්‍රියන්කා නියොමාලි විජේනායක සහ තෙවන සැකකරු වන ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයවළුන්ට එරෙහිව විදේශයන්හිදී ක්‍රියාත්මක කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මීට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් පරීක්ෂාව සහ සාක්ෂි කැඳවීම

අල්ලස් කොමිසමේ ආරංචි මාර්ගවලට අනුව, අදාළ අල්ලස් මුදල් ප්‍රේෂණය වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු වන ඩබ්ලිව්. ඩී. නිමල් පෙරේරා නමැති අය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, එරටදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන කණ්ඩායම කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම, අල්ලස් මුදල් සංසරණය වූ බවට සැක කෙරෙන දෙවන සැකකාරියගේ එරට පවතින බැංකු ගිණුම් විගණනය කිරීමට සහ පරීක්ෂා කිරීමට අදාළ ජාත්‍යන්තර අධිකරණ නියෝග ද මේ වන විට නිකුත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පළමු සැකකරුගේ මරණය සහ නෛතික තත්ත්වය

මෙම මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා අභිරහස් ලෙස මියගොස් තිබිණ.  ඔහුට අදාළ මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙනම විභාග වෙමින් පවතී.

කෙසේ වෙතත්, සිද්ධියට සෘජුවම සම්බන්ධ අනෙක් ප්‍රධාන සැකකරුවන් වන දෙවන සහ තෙවන සැකකරුවන්ට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුකරයන්ට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මෙලෙස ජාත්‍යන්තර මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...