The Leader News
BREAKING
Top Ad
පුවත්

'පීතෘභාවය පිළිගන්න බැහැ'- චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට විරෝධය පළකරයි

T

The Leader Desk

December 8, 2025 • 4:00 PM

 'පීතෘභාවය පිළිගන්න බැහැ'- චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට විරෝධය පළකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩක චාමික දිලුෂාන් පෙරේරා කරුණාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු දක්වමින් අද (08) පැවසීය.
  • පිතෘත්වය සනාථ කිරීම සඳහා වන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට කරන ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද වැඩි දුරටත් පැවසීය.
  • දරුවාගේ පීතෘත්වය සනාථ කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක් සහ දරුවාට රුපියල් ලක්ෂය බැවින් වූ මාසික නඩත්තු දීමනාවක් ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකොට තිබිණි.
  • දරුවාගේ උප්පැන්නයට පියාගේ නම ලබාදීම විත්තිකරු විසින් මගහරින බැවින් මෙම නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් ක්‍රීඩක චාමික දිලුෂාන් පෙරේරා කරුණාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු දක්වමින් අද (08) පැවසීය.

පිතෘත්වය සනාථ කිරීම සඳහා වන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට කරන ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද වැඩි දුරටත් පැවසීය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ පදිංචි ගුවන් නියමු සෙව්වන්දි සේනාධීර විසින් චාමික කරුණාරත්නයට එරෙහිව  පැවරු නඩත්තු නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක  හමුවේ කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මෙම කරුණු ඉදිරිපත් කළේය.

දරුවාගේ පීතෘත්වය සනාථ කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක් සහ දරුවාට රුපියල් ලක්ෂය බැවින් වූ මාසික නඩත්තු දීමනාවක් ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකොට තිබිණි. දරුවාගේ උප්පැන්නයට පියාගේ නම ලබාදීම විත්තිකරු විසින් මගහරින බැවින් මෙම නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.


ගුවන් සේවිකාව සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩකයා සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවය.


විවාහ වෙන බවට විත්තිකරු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් විවාහ ගිවිස නොගත් බවත් පසුව තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද  සඳහන් කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පෙරුසා තම්බයියා කරුණු දක්වමින් පැමිණිලිකාරියගේ දරුවා සම්බන්ධයෙන් විත්තිකරුට අදාළව ඩීඑන්ඒ පරීක්ෂණයක් පවත්වන නියෝගයක් නිකුත් ලෙසට ඉල්ලා සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඇසේල රැකව කරුණු දක්වමින් අදාළ ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළයුතු බව පැවසීය.

තම සේවා දායකයා ඇය සමග සමීප සබඳතාවයක් පැවැති බව පිළිගන්නා නමුත් පැමිණිලිකාරිය දරුවා ගර්භයේ සිටියදී ඉන්දීය පුද්ගලයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පැවත්වා ඇති බවට ඡායාරූප ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.

පීතෘත්වය ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයට මුහුණ දීමට සූදානම් බවත් කියා සිටියේය.

ඩීඑන්ඒ පරීක්ෂණයක් බලෙන් ලබාගතය නොහැකි බවත් ඊට අදාළ පූර්ව නඩු තීන්දු ඇති බවත් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටි විත්තිකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හරීන ලෙස නියෝග කළේය.

පැමිණිල්ලේ වැඩිදුර කරුණු විමසීම ජනවාරි 30 දිනට නියම කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...