The Leader News
BREAKING
Top Ad
පුවත්

EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට

පාස්කු ප්‍රහාර නඩුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ තීන්දුව සාධාරණ නොවන බව පවසමින්, වරදකරුවන් වූ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොනු කරයි.

Pasan

Pasan

October 8, 2026 • 8:45 PM

EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශතවර්ෂ දෙකකට අධික කාලයක් සිරගත කෙරුනු පිරිසක් තමන්ට එරෙහිව ලැබුණු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කොට තිබේ.
  • විමතිය ගෙනා නඩුවක් නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් එම තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2026 සැප්තැම්බර් 22 අඟහරුවාදා ය.
  • ආරම්භයේ සිටම ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම නඩු විභාගය ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක් සම්බන්ධයෙන් වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් කෙරුනු නඩුව වන අතර, සාක්ෂි විභාගය ආරම්භ කොට ඉතාම කෙටි කලකින් තීන්දුව ප්‍රකාශයට පක් කළ නඩුවද වන්නේ ය.
  • දෙපාර්ශවයේම සාක්ෂි විමසා විත්ති සහ ලිඛිත දේශනවලින්ද අනතුරුව මසක් වැනි ඉතාම කෙටි කාලයකින් ප්‍රකාශයට පත් කෙරුනු මෙම නඩු තීන්දුව දේශිය හා විදේශිය නීති ප්‍රවිණයන්ගේ බලවත් විමතියට හා විවේචනයට බඳුන් වූවක්ද විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශතවර්ෂ දෙකකට අධික කාලයක් සිරගත කෙරුනු පිරිසක් තමන්ට එරෙහිව ලැබුණු  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කොට තිබේ.

තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ දිනපතා විභාගයට ගත් පාස්කු ප්‍රහාරයට එරෙහි නඩුවේදි,  එම නඩුව විභාග කළ  විනිසුරුවරුන් විසින් තම විත්ති වාචිකවලට නිසි පරිදි අවධානය යොමු නොකර, විනිවිදභාවයෙන් යුත් සාධාරණ නඩු විභාගයක් නොපවත්වා, නීතිය හමුවේ නිසි පරිදි සනාථ කළ නොහැකි සාක්ෂි මත පදනම් වෙමින් කටයුතු කොට තමන්  වරදකරුවන් බවට තීන්දුවක් ලබා දුන් බවත් ජ්‍යේෂ්ඨ නීතිඥ මණ්ඩලයක දායකත්වයෙන් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොනු කර ඇත.
     

විමතිය ගෙනා නඩුවක්

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් එම තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2026 සැප්තැම්බර් 22 අඟහරුවාදා ය.

ආරම්භයේ සිටම ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම නඩු විභාගය ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක් සම්බන්ධයෙන් වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් කෙරුනු නඩුව වන අතර, සාක්ෂි විභාගය ආරම්භ කොට ඉතාම කෙටි කලකින් තීන්දුව ප්‍රකාශයට පක් කළ නඩුවද වන්නේ ය. දෙපාර්ශවයේම සාක්ෂි විමසා විත්ති සහ ලිඛිත දේශනවලින්ද අනතුරුව මසක් වැනි ඉතාම කෙටි කාලයකින් ප්‍රකාශයට පත් කෙරුනු මෙම නඩු තීන්දුව දේශිය හා විදේශිය නීති ප්‍රවිණයන්ගේ බලවත් විමතියට හා විවේචනයට බඳුන් වූවක්ද විය.

නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 04 වන දින විශේෂ මහාධිකරණය හමුවේ දි  සැකකරුවන් ට අධි චෝදනා 23, 270 ක් කියවා  ලබා දුන්  අතර, නඩුව ආරම්භ කෙරුනු දිනයේ සිට  තීන්දුව ප්‍රකාශයට පත් කරන දා දක්වා වු මුළු කාල සීමාව පුරාම නඩුව විභාගයට ගැනුනේ සැකකාර පාර්ශවය නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරුන්ගේ විවිධ විරෝධතා සටහන් කිරීම් සහ කරුණු දැක්වීම් මධ්‍යයේ ය. නඩුව විභාගයට ගෙන කෙටි කලකින්ම ඒ වන විටත් සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රි ලංකාවේ ජ්‍යේෂ්ඨතම සහ මානව හිමිකම් ක්ෂේත්‍රයේ නාමධාරී නීතිඥවරුන් තිදෙනකුම නඩුවෙන් ඉවත් වූයේ අධිකරණ‌ ක්‍රියාකලාපයට බලවත් විරෝධය පළ කරමිනි.


වධබන්ධන නොතකා හැරියේ ද?

තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගෙන සිටි කාලය මුලුල්ලේම ශාරීරික සහ මානසික වධබන්ධනයන්ට  ලක්  කරමින්, බලහත්කාරයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, විශේෂයෙන්ම තම ආගමික ඇදැහිලිවලට නිගරු වන ආකාරයට ඌරු මස් පවා බලහත්කාරයෙන් කන්නට සලස්වා පරිභව කරන ලද බවත් සාක්ෂි විභාගය අතරතුර බොහෝ දෙනකු විසින් ඔවුන්ගේ විත්තිවාචික ඉදිරිපත් කරමින් පවසනු ලැබුවද ඒ කිසිවක් නඩු තීන්දුව කෙරෙහි සැලකිල්ලට ලක් කර ඇති බවක් පසුව වාර්තා වූූූයේ නැත.

නීතිපතිවරයා විසින් සැකකරුවන් 25 දෙනෙකු නම් කර අධිචෝදනා ඉදිරිපත් කරනු ලැබු අතර, නඩු විභාගය පැවැත්වෙමින් තිබියදි ඉන් 17 වන සැකකරු වු යාසීම් බාවා අබ්දුල් රවුෆ් බන්ධනාගාරයේදීම අසනීප තත්වයට පත්ව මරණයට පත් විය. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් සෙසු විත්තිකරුවන් 24 දෙනාගෙන් 9 දෙනකු නිදොස් කොට නිදහස් කරමින් ඉතිරි 15 දෙනාට බරපතල වැඩ සහිත සිර දඩුවම්වලට යටත් කරන ලදී. එයට අමතරව චූදිතයන්ගේ සියළු නිශ්චල සහ චංචල දේපල ද රාජසන්තක කිරීමට ද නියෝග කෙරිණි.

වරදකරුවන් කෙරුනු 15 දෙනාගෙන් සිවු දෙනකුට වසර 240 බැගින් වූ සිර දඬුවමුත්, පස් දෙනකුට වසර 220 බැගින් වූ සිර දඬුවමුත් නියම කෙරුනු අතර, ඉතිරි  6 දෙනාගෙන් පස් දෙනකුට වසර 200 බැගින් සිර දඬුවම් නියම කෙරුනි. අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස් ට පමණක් වසර 260 ක සිර දඬුවමක් ලබා දෙන්නට මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලදි.


තීන්දුවෙන් පසු උසස් වීම්

ත්‍රස්ත මර්දන පනත යටතේ පවරා තිබුණු මෙම නඩුවේ දී  විනිසුරු තුන් කට්ටුව විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙරම විධායකය ඇතුළු ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරියත්, විවිධ වූ ආගමික නායකත්වයනුත් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශ සහ පුරෝකථන ද පළ කරන ලද්දේ අවසන් තීන්දුව පිළිබඳව බලවත් සැක සංකා උපදවමිනි.

එමෙන්ම තීන්දුව ප්‍රකාශයට පත් කොට චූදිතයන් ට දඬුවම් නියම කිරීමෙන් අනතුරුව පැය කිහියක් ගෙවුණු තැන ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් අදාළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා නවරත්න මාරසිංහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ඉහළ දමන ලදී.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...