BREAKING
Top Ad
පුවත්

ශිරන්ති හදිසියේ සිංගප්පූරුවට: FCID කැඳවීම ගැන පවුලෙන් පැහැදිලි කිරීමක්

T

The Leader Desk

September 16, 2026 • 5:31 AM

ශිරන්ති හදිසියේ සිංගප්පූරුවට: FCID කැඳවීම ගැන පවුලෙන් පැහැදිලි කිරීමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශගතවීම රෝහලේ සිට සෘජුවම; ගේට්ටුව අසලදී ලිපියක් දුන් බව පවුලේ සාමාජිකයෙක් කියයි
  •   රාජපක්ෂ පවුලේ සාමාජිකයා පැහැදිලි කළ ආකාරයට, අද අලුයම 12.50ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් සේවයේ SQ-469 දරන යානය වෙත ඇය පිවිසීමට සූදානම් වූ අවස්ථාවේදී, ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් අනපේක්ෂිත ලෙස ලිපියක් ඇය වෙත භාරදී තිබේ.
  • ඊට පෙර FCID මඟින් කිසිදු නිල කැඳවීමක් හෝ ලිඛිත දැනුම්දීමක් ඇය වෙත ලැබී නොතිබූ බවත්, ඇය දිවයිනෙන් පිටවීමට මිනිත්තු කිහිපයකට පෙර මෙම පියවර ගෙන ඇති බවත් එම සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය.
  • එබැවින් විමර්ශන මඟහැර රටින් පිටව ගිය බවට සමාජගත වන තොරතුරු නිරවද්‍ය නොවන බව රාජපක්ෂ පවුලේ ස්ථාවරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරිලිය සවිය විමර්ශන අතරතුර ඇතිවූ මාධ්‍ය ප්‍රචාර අසත්‍ය බවට රාජපක්ෂ පාර්ශ්වයෙන් ප්‍රතිචාර  


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විදේශගත වූ බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජපක්ෂ පවුලේ ප්‍රකාශකයෙක් පැවසිය.

ඇය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවක් වෙනුවෙන් බවත්, ගුවන් තොටුපළ වෙත පැමිණියේද කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට සෘජුවම බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.  

ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?  

රාජපක්ෂ පවුලේ සාමාජිකයා පැහැදිලි කළ ආකාරයට, අද අලුයම 12.50ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් සේවයේ SQ-469 දරන යානය වෙත ඇය පිවිසීමට සූදානම් වූ අවස්ථාවේදී, ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් අනපේක්ෂිත ලෙස ලිපියක් ඇය වෙත භාරදී තිබේ.

ඊට පෙර FCID මඟින් කිසිදු නිල කැඳවීමක් හෝ ලිඛිත දැනුම්දීමක් ඇය වෙත ලැබී නොතිබූ බවත්, ඇය දිවයිනෙන් පිටවීමට මිනිත්තු කිහිපයකට පෙර මෙම පියවර ගෙන ඇති බවත් එම සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය. එබැවින් විමර්ශන මඟහැර රටින් පිටව ගිය බවට සමාජගත වන තොරතුරු නිරවද්‍ය නොවන බව රාජපක්ෂ පවුලේ ස්ථාවරයයි.  

පසුබිමේ ඇති විමර්ශන  

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ 'සිරිලිය සවිය' ගිණුමේ මූල්‍ය ගනුදෙනු සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් වන පැරණි විමර්ශනයකට අදාළව, ඉදිරි දිනකදී ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් FCID වෙත මෑතකදී උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් 24 වැනි දින FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමට නියමිතව තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.  

කෙසේ වෙතත්, පවුලේ ප්‍රකාශකයා සඳහන් කර පරිදි අදාළ ගුවන් ගමන සිදුවන අවස්ථාව වන විට ශිරන්ති රාජපක්ෂ ට එරෙහිව අධිකරණයකින් කිසිදු ආකාරයක විදේශ ගමන් තහනමක් පනවා නොතිබූ අතර, ඇය සාමාන්‍ය මගියෙකු ලෙස නීත්‍යානුකූල පරීක්ෂාවන්ගෙන් අනතුරුව ගුවන් යානයට පිවිස තිබේ.  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශිරන්ති හදිසියේ සිංගප්පූරුවට: FCID කැඳවීම ගැන පවුලෙන් පැහැදිලි කිරීමක් | The Leader